
ප්‍රංශයේ මධ්‍යම ශාන්ත - ජස්ට් ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයක තුවක්කුකරුවකු විසින් පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
වහලකට නැගි කාන්තාවක් බේරා ගැනීමට ගිය නිලධාරීන් තිදෙනකු මෙලෙස මරා දමා ඇති අතර සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ වෙඩි තැබූ පුද්ගලයා ද පසුව මියගොස් සිටියදී හමුවූ බවයි. ඔහු සියදිවි හානි කරගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
48 හැවිරිදි මෙම සැකකරු මීට පෙර දරුවන් අත්අඩංගුවේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කොටුවූ අයෙකු බව සඳහන් වේ.
සැකකරු විසින් නිවසට ගිනිතබා ඇති බවද පොලිසිය පවසයි. කෙසේ වුවද කාන්තාව දිවි බේරාගෙන තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, පොලිස් නිලධාරීන්ගේ පවුල් වෙත ශෝකය පලකර ඇත.
(බීබීසී ඇසුරිණි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd