ප්‍රංශයේ රොවාන් නගරයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක ඇතිවී තිබෙන ගින්න හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් පැනනැගී ඇතැයි වාර්තා වේ. රොවාන් නගරවාසීන් මේ සම්බන්ධව විරෝධතාවයක් ද ආරම්භ කර ඇති අතර ඔවුන් පවසන්නේ විෂ සහිත දුම දරුවන්ට බෙහෙවින් අනතුරුදායක බවයි.
ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍ය ටොන් 5000ක් පමණ මේ වනවිට ගිනිගෙන ඇති අතර ඝන කළු දුමාරයක් අහසට විහිදුවමින් දිගින් දිගටම ගිනි ගනිමින් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වුවද බලධාරීන් පවසන්නේ ලුබ්රිසෝල් ගබඩාවේ ගින්නෙන් විහිදෙන දුම අනතුරුදායක නොවන බවයි.
නමුත් රජය සත්‍යය සඟවන බවට පරිසරවේදීන් හා ක්‍රියාකාරිකයින් චෝදනා කරති.
අවට පාසැල් වල සිසුන්ට ඇතිවූ සංකූලතා හේතුවෙන් පාසැල් වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය. සිසුන් පවසා ඇත්තේ ඇස්වල සහ උගුරේ වේදනාවක් ඇති වන බවයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd