IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.

කොන්සවර්ටිව් පාක්ෂිකයකු වන 73 හැවිරිදි මිකෙල් බානියේ, මහා බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්‍රක්සිට්’ ක්‍රියාවලියේ දී බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වීමේ දී යුරෝපා සංගමයේ නියෝජිතයකු ලෙස කටයුතු කර ඇත.

ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් පවතී. ඒ, හදිසියේ පැවැත්වුණු ප්‍රංශ මැතිවරණයේ දෙවැනි සහ අවසන් යටයේ දී දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට වඩා, වාමාංශික දේශපාලන පක්ෂ එක් වී, පිහිටුවාගත් සන්ධානයට වැඩි බලයක් හිමිවීමත් සමඟය. 

වැඩි බලයක් හිමිවුවත්, රජයක් පාර්ලිමේන්තුවේ බහුතරය කිසිදු පක්ෂයකට හිමි නොවිණි. මැක්රොන් මධ්‍යස්ථමතධාරියෙකි. මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරීන්ට පවා රජයක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත.

මෙම අර්බුදය හේතුවෙන්, දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ද පසු, මැතිවරණය පවත්වා දින 50 ක් ගතවෙද්දී, භාරකාර රජයක් පිහිටුවීමට කටයුතු යෙදුණු අතර, එහි අග්‍රාමාත්‍ය ධුරය සඳහා ජනපති මැක්රොන් තෝරා ගත්තේ මිකෙල් බානියේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site