
ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික සංගීත උළෙල ආරම්භ වී ඇති බවත්, මෙවර උළෙලට මත්පැන් තහනම් බවත් බලධාරීහු පවසති. මෙය බොහෝ දෙනාගේ දොම්නසට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.
‘ෆෙත් දෙ ලා මූසික්’ සංගීත උළෙල සඳහා මෙවර ද ප්‍රංශයේ නන්දෙසින් ලක්ෂ ගණනක් සහභාගී වනු ඇත. වසර 40 ක් තිස්සේ වාර්ෂිකව පැවැත්වෙන මෙම සංගීත උළෙලේ මත්පැන් තහනම් කිරීමට තීරණය කර ඇත්තේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බව ද පැවැසෙයි. සංගීත උළෙල පැවැත්වෙන්නේ පැරිසිය කේන්ද්‍රකොට ගනිමිනි.
මේ වනවිට සංගීත උළෙල පැවැත්වෙන ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශවල සහ පැරිස් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 40 ත් අතර අගයක් ගන්නා බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd