IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ප්‍රංශයේ කාල්ටන් හබය

කාල්ටන් යන හැඳින්වීම මේ දිනවල ප‍්‍රංශයේ ජනප‍්‍රිය වචනයකි. ප‍්‍රංශ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි තොර තෝංචියක් නොමැතිව ඇසෙන දකින වචනයක් බවට මේ දිනවල කාල්ටන් නාමය ජනප‍්‍රියවී ඇත්තේය. නමුත් මෙය මන්දිරයක් නොව අධි සුඛෝපභෝගී හෝටලයකි. ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ සිට කිලෝමීටර් 200ක් පමණ උතුරු දිග ප‍්‍රංශයේ බෙල්ජියම් දකුණු දේශ සීමාවට මායිම්ව පිහිටි ප‍්‍රසිද්ධ විශාල නගරය ලීල් යනුවෙන් හැඳින්වේ.

කාල්ටන් යනු මෙහි පිහිටි සුඛෝපභොගී තරු පහේ හෝටලයකි . ධනවත් ප‍්‍රභූවරු, ඉහළ රාජ්‍ය නිලධාරීන් මෙම හෝටලයට නිතරම පැමිනෙති. ඒ සමගම මෙහි පවත්වන සැඳෑ ප‍්‍රිය සම්භාෂණවලට සහභාගි වෙති. ඒ අතරට ඉහළ පෙළේ  සුරූපි කාන්තාවෝද මෙම සම්භාෂණ වල අමුත්තෝය. බොහෝ විට ඔවුන් ඉහළ පැලැන්තියේ අභිසාරිකාවෝය. මෙම හෝටලය කේන්ද්‍ර කොට එය පිහිටා ඇති ලීල් නගරයේ ඉහළ උසාවියේ මේ දිනවල නඩුවක් ඇසෙන්නේය.

ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ප‍්‍රංශ ජාතික ආර්ථික විශේෂඥයකු හා 2000 වසරවල සමාජවාදි ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැතිවරයෙක්වූ අවුරුදු 66ක් වයසැති ඩොමිනික් ගැස්ටොන් අන්ඩ‍්‍රරේ ස්ට්‍රොස් ඛාන් මෙම නඩුවේ ප‍්‍රධාන චුදිතයෙකි. මොරොක්කෝවේ යුදෙව් පවුලකට දාව හිටපු ප‍්‍රංශ ජනාධිපති සාර්කෝසිගේ ආසනයේ උපන් ඔහු ආර්ථික විද්‍යාව සම්බන්ධ ප‍්‍රංශයේ සුවිශේෂි සරසවියක හා ‘සයන්ස් ෆෝ‘ දේශපාලන ඇකඩමියේ ඉගෙනුම අවසන් කළ කීර්තිමත්, බුද්ධිමත් ආර්ථික විද්‍යා විශේෂඥයෙකි, කථිකාචාර්යවරයෙකි, නීතිඥයෙකි . එම නිසාම සමාජවාදි ප‍්‍රංශ පාලන කාලයේ මුදල් ඇමැති තනතුර දැරුවේය. පැරීසියට අයත් පළාත් පාලන ආයතනයේ සාර්ෂේල් නගරයේ සමාජවාදි පක්‍ෂයේ නගරාධිපති තනතුර; ඔහුගේ ප‍්‍රථම දේශපාලන ආගමනයවේ. සමාජවාදි පක්‍ෂයේ විධායක කෘත්‍යාධිකාරි මන්ඩලයේ විශේෂ නියෝජිතයෙකි. ප‍්‍රංශයේ ජනප‍්‍ර‍්‍රිය දේශපාලඥයෙකි, හිටපු මන්ත‍්‍රීවරයෙකි, ඇමති වරයෙකි බුද්ධිමතෙකි. පැවැති ශ්‍රීලංකා රජයේ ඇරයුමකට ආර්ථික උපදේශකයෙකු ලෙස පසුගිය වසරක ඔහු ශ්‍රී ලංකාවටද පැමිණියේය.එම නිසාම ප‍්‍රංශ කාල්ටන් හබය මේ දිනවල ප‍්‍රංශ මාධ්‍ය සමාජය ඉතා දැඩි ලෙස ගිලගෙන ඇත්තේය. ඔහු විසින් සංවිධානය කළ ප‍්‍රිය සම්භාෂණ වලදී මුදල් ගෙවා අභිසාරිකාවන් සේවනයේ යෙදී ඇතැයි ඔහුට විරුද්ධව ඇති ප‍්‍රධාන චෝදනාවක් වන්නේය. එබැවින් වසර කිහිපයක සිට ආරම්භවූ මෙම නඩුවේ අවසාන අදියර මේ දිනවල ඇසෙයි ඒ අතරම ඉහළ උසාවියේ විනිසුරුවරුන් ඉදිරියේ කට උත්තර බැඳීමට ස්ට‍්‍රාස් ඛාන්ට සිදුවිය.

2009 හා 2012 වසර අතර කිහිප අවස්ථාකදීම මෙම හෝටලයට පැමිණි ස්ට‍්‍රාස් ඛාන් ඉහත සුරූපි අභිසාරිකාවන් හා සබඳතා පැවැත්වූ බවට එල්ලවී ඇති චෝදනාවලට ඔහුගෙන් ප‍්‍රශ්න කරන අතර ඉහත සමහරක් ළඳුන් හා ඔහු අතර තිබූ සබඳතා ගැන සාක්ෂි සපයමින් 11 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හා විද්වතුන්, නීති ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන්ගෙන් සපිරි පේ‍්‍රක්ෂක ශාලාවක නඩුව ඇසෙමින් පවතී. ඔහු ඇතුළු 11දෙනකු විත්ති කූඩුවේ සිටිති. කාන්තාවන් හා ඔහුගේ ඇසුරක් තිබූ නමුදු කිසිම මුදල් ගෙවීමක් ඔහු සිදුකර නොමැති බව ඔහු පිළිගෙන ඇත්තේය. කෙසේ නමුදු ලීල් නගරයේ කාල්ටන් හෝටලයේ කථාවෙන් ස්ට‍්‍රාස් ඛාන් මහතාගේ ජීවිතයත් සමග ප‍්‍රභුවරුන්ගේ කෙරුවාවන්ද සමාජයට හෙළි වුයේය.  

මීට පෙර 2011දී මැයි මස 14 වැනිදා ස්ට‍්‍රාස් ඛාන් මහතා නිව්යෝර්ක් නුවර ටවුන් ස්කුයාර් හි පිහිටි ප‍්‍රංශ සමාගමකට අයත් සොෆිටෙල් හෝටලයේ හත්වැනි මහලේ කාමර අංක 2806 හී දි මෙවැනිම කාන්තා ප‍්‍රශ්නයකට මුහුණදී හිරේ විලංගුවේ වැටී ඩොලර් දහස් ගණනක් වියදම් කර නඩු කියමින් පැමිණිල්ල හා විත්තියේ එකඟතාවයක් මත සමථයකට පත්වී ඔහු නිදහස ලබා ගත්තේය.

එම ප‍්‍රශ්නයට මුහුණ දුන් අප‍්‍රිකාවේ ගිනියානු උපතක් ඇති ඇමෙරිකා ජාතික නෆිසතෝ දියාලෝ (35) තරුණ කාන්තාව විසින් පසුගියදා නිව්යෝර්ක් නුවර මාවතක තමන්ගේම ආපන ශාලාවක් විවෘත කළාය. වර්ෂ 2002 දී වයස අවුරුදු 24ක් වයසැති ප‍්‍රංශ ජාතික සුරූපි මාධ්‍යවේදිනියක් වු ටි‍්‍රස්ටෙන් බනොන් සම්බන්ධව රංඟනයක තොරතුරු මාධ්‍ය මගින් ඒ දිනවල හෙළි කළාය. එයට අනුව ප‍්‍රංශ සමාජවාදී පක්‍ෂය ගැන පොතක් ලිවීම ආරම්භ කළ ඉහත මාධ්‍යවේදිනිය ඒ සදහා එම පක්‍ෂයේ ඉහල නිලධාරින් සමග සම්මුඛ සාකච්ජා පැවැත්විය. ඩොමිනික් ස්ට්‍රෝස් ඛාන් ඇයට හමුවන්නේ එසේය. ඔහු සමග සංවාද වූ දිනයේ ඔහු මගේ අත අල්ලා ගෙන සිනහාවෙන් අහිංසක ලෙස පිළිතුරු දුන් බවත් ටික වේලාවකින් ඇගේ තන පටය ගැලැවීමට උත්සහා කළ බවත් එවිට ඇය පයින් පහරක් දුන් බව මාධ්‍යට හෙලිකරමින්  චෝදනාවක් ඉදිරිපත් කළාය. ඔහු කාන්තාවන්ට කැමති බව මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධියේ පිළිගත් අයෙකි. කාන්තාවන්ට අකමැති කවුද?

ලීල් නගරයේ කාල්ටන් හෝටලය ආශ‍්‍රිතව ඇරඹුණු ඉහත නඩුවේ මුල් දිනයේදි ස්ට‍්‍රාස් ඛාන් මහතා අධිකරණයට පැමිනෙන විට ප‍්‍රංශය මුලික කොට ක‍්‍රියාත්මක වන අඩ නිරුවත් කාන්තා හඬ සංවිධානයේ තරුණ කාන්තාවන් තිදෙනෙක් ඔහු පැමිණි වාහනය අවහිර කොට ඔහුට විරෝධය පෑවේය.”හාදයා නුඹ වැරදි කරුවෙකි” යනුවෙන් උඩුකයේ සඳහන් සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වු ඔවුහු ඔහු පැමිණි වාහනයේ බොනට්ටුවටද නැග්ගෝය. ඒ සැණෙන් පොලීසිය විසින් ඔවුහු අත් අඬංගුවට ගෙන රඳවා ගනු ලැබූහ. පසුව නිදහස් කැරුණහ.

පසුදින ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක ප‍්‍රධාන අමුත්තන් ලෙසද ඔවුහු සහභාගි වුහ. කෙසේ නමුදු ඉහත නඩුවේ අවසාන දින කිහිපයේදි පැමිණිලි පාර්ශවයේ තිදෙනෙක් පැමිණිලි ඉල්ලා අස්කර ගත්හ. ඉතුරු වූවන්ගේද ප‍්‍රබල සාක්කි නොමැති වුයෙන් ඩොමිනික් ස්ට‍්‍රාස් ඛාන් ඉහත දැක්වූ ප‍්‍රිය සම්භාෂණවලට සහභාගිවී නොමැති බව පෙනී යන හෙයින් ඔහු වැරදිකරුවකු නොවන බව  මේ වනවිට අවසන් නඩු වාර්තාවේ සදහන් වේ. ඒ අනුව ස්ට‍්‍රාස් ඛාන් ඇතුළු සිව් දෙනෙක් නිදොස් කැරුණහ. අට දෙනෙකුට අත්හිටවු සිර දඬුවම් සමග දඩ මුදල් ගෙවීමට සිදුවිය. අවසාන තීන්දුව ජූනි මස 22 හා 23 වෙනිදාාට ප‍්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේය.

ආරම්භයේ මහා විශාල මාධ්‍ය හඬකින් ඇරඹුණු ප‍්‍රංශ කාල්ටන් කථාව පුස්ස බින්දා හා සමානව එසේ නිම වුයේය.

02 03 04 05 06 07 a-topless-femen-activist-jumps-on-the-car-carrying-former-imf-chief-dominique-strauss-kahn carlton-hotel-luxe-lille- dsk femen femen-activist-is-led-away-by-police-officers-

 

 

 

 

 



අදහස් (0)

ප්‍රංශයේ කාල්ටන් හබය

සුන්දරලිංගම් Friday, 27 February 2015 01:47 PM

ලංකාවේ වගේම ප්‍රංශයේ කිරිමණ්ඩල මාවතක් තියෙනවා කියලා දැනගත්තේ අදයි (අ)

:       0       0

මුදිත Friday, 27 February 2015 01:59 PM

මෙය ලංකාවට මුල්‍ය උපදෙස් දුන්නලු නේද ?(හේ)

:       0       0

අරුණ Wednesday, 04 March 2015 03:00 AM

කාන්තාවන් දැන් මේ වගේ දේවල් කරන්න හරි ආසයි. මේවා මේ නිකන් 'ජොලියට' වගේ කරන වැඩ. (නි)

:       0       0

දම්මිකා අඹේපොල Saturday, 28 February 2015 12:36 PM

ප්‍රංශ කාල්ටන් කතාවේ ඇත්තේ ගණිකාවන් සේවනයේ කතාවකි . ලංකා කාල්ටන් කතාවේ ඇත්තේ හොර, දුෂණ,වංචා මගෝඩි හා ගසා කෑමයි. වෙනස එයයි (නදි)

:       0       0

ඇසළ Friday, 27 February 2015 05:22 PM

අපේ රටේ දැනට මොන දේටත් විරෝධය පාන්නේ ජ වී පෙ කට්ටිය විතරයි. ඒ සහෝදරයන්ටත් මේක අනුගමනය කරලා කොටුවේ දුම්රිය පල ඉදිරිපිට විරෝධතා රැලි මේ වගේ පවත් වන්න චිත්ත ධහිර්ය ලැබේවායි ප්‍රර්ථනා කරමි. ප්‍රන්සේ වගේ නැතුව සැහෙන ජන ගංගාවක් තියෙයි එදාට කොටුවේ. (නදී)

:       0       0

ඉන්දුරුවවිදනාරච්චිගේ ඉතාලිය Saturday, 28 February 2015 01:37 PM

විරුද්ධ වීම නොව කලයුත්තේ තොප්පිය හරිනම් දා ගන්න එකනේ (නදී)

:       0       0

ලංකාසිරි Friday, 27 February 2015 09:07 PM

කෝ එතකොට රාජපක්ෂලා ඉඳල නැද්ද? (නදී)

:       0       0

රන්ජිත් Saturday, 28 February 2015 03:10 PM

චන්දා, තොප්පිය හරි නම් දමාගන්න.මේකේ කොහෙවත් හිටපු ජනාධිපති කෙනෙක් ගැන සඳහන්වෙලා නැහැ. (නි)

:       0       0

ජයන්ත Saturday, 28 February 2015 04:39 PM

චන්දාට වලිගය පෑගිලා වගෙයි (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 28 February 2015 04:41 AM

ඉහත පළවූ ලිපිය සම්බන්ධයෙන් හා තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධව සතුටු වෙනවා.නමුත් ඡායාරූප පල කිරීමේදී මිට වඩා වාරණයක් අවශ්‍ය වනබව කිව යුතුයි. කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රංශයේ මේ ලිපිය පළවුණේ මේ විදියටයි කියල.යුරෝපිය රටක මෙවන් ඡායාරූප සාමාන්‍ය දෙයක් වියහැක. (බ)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 04:10 AM

මම බය උන තරමක්. කාල්ටන් කිවම තවත් මෙගා ඩීල් එකක්ද කියල හිතුනා. (නදී)

:       0       0

සුනිමල් Saturday, 28 February 2015 06:08 AM

ලංකාවේ පොලිසිය නිරුවත් කාන්තාවක් ඔය විදියට අල්ලුවනම් කොහෙන් කෙළවර වෙයිද නේද අප්පා. (අ)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 28 February 2015 08:13 AM

පුවත නම් වරදක් නෑ. එත් මෙවැනි පින්තුර පල කිරිමනම් අනුමත කල නොහැකියි. (අ)

:       0       0

ලංකාසිරි Sunday, 01 March 2015 12:22 PM

චන්දාමේ රෑ පාය ආවා......(නදී)

:       0       0

ධනංජය Sunday, 01 March 2015 12:28 PM

ඔය කෙල්ලෝ ටික අල්ලන්න පොලිසියට අපිට්ටත් උදවූවෙන්න බැරිද.? (ර)

:       0       0

චන්දා Saturday, 28 February 2015 09:32 AM

අවර ගනයේ ප්‍රංශ කාල්ටන් කතාවක් ඇදබාමින් සියුම් ලෙස හිටපු ජනාධිපති තුමාගේ කිර්ති නාමයට කුණු රසක් පාඨක ඔලු ගෙඩියට ඇතුල් කරන්න තරම් මඩ කලාව ගොරහැඩි ඇයි මෙතරම්. (අ)

:       0       0

ගයාන් Friday, 27 February 2015 01:21 PM

ඔය කියන චාර්ල්ටෝන් හෝටලේ ලංකාවේ එක්කෙනෙකුගේ නෙමේ නේද? ඩුබායි ම්‍රරිඔත් හොටෙල් එක කාගේද දන්නවද? ලංකාවේ කෙනෙක්ගෙලු නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site