කාල්ටන් යන හැඳින්වීම මේ දිනවල ප‍්‍රංශයේ ජනප‍්‍රිය වචනයකි. ප‍්‍රංශ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි තොර තෝංචියක් නොමැතිව ඇසෙන දකින වචනයක් බවට මේ දිනවල කාල්ටන් නාමය ජනප‍්‍රියවී ඇත්තේය. නමුත් මෙය මන්දිරයක් නොව අධි සුඛෝපභෝගී හෝටලයකි. ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ සිට කිලෝමීටර් 200ක් පමණ උතුරු දිග ප‍්‍රංශයේ බෙල්ජියම් දකුණු දේශ සීමාවට මායිම්ව පිහිටි ප‍්‍රසිද්ධ විශාල නගරය ලීල් යනුවෙන් හැඳින්වේ.

කාල්ටන් යනු මෙහි පිහිටි සුඛෝපභොගී තරු පහේ හෝටලයකි . ධනවත් ප‍්‍රභූවරු, ඉහළ රාජ්‍ය නිලධාරීන් මෙම හෝටලයට නිතරම පැමිනෙති. ඒ සමගම මෙහි පවත්වන සැඳෑ ප‍්‍රිය සම්භාෂණවලට සහභාගි වෙති. ඒ අතරට ඉහළ පෙළේ  සුරූපි කාන්තාවෝද මෙම සම්භාෂණ වල අමුත්තෝය. බොහෝ විට ඔවුන් ඉහළ පැලැන්තියේ අභිසාරිකාවෝය. මෙම හෝටලය කේන්ද්‍ර කොට එය පිහිටා ඇති ලීල් නගරයේ ඉහළ උසාවියේ මේ දිනවල නඩුවක් ඇසෙන්නේය.

ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ප‍්‍රංශ ජාතික ආර්ථික විශේෂඥයකු හා 2000 වසරවල සමාජවාදි ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැතිවරයෙක්වූ අවුරුදු 66ක් වයසැති ඩොමිනික් ගැස්ටොන් අන්ඩ‍්‍රරේ ස්ට්‍රොස් ඛාන් මෙම නඩුවේ ප‍්‍රධාන චුදිතයෙකි. මොරොක්කෝවේ යුදෙව් පවුලකට දාව හිටපු ප‍්‍රංශ ජනාධිපති සාර්කෝසිගේ ආසනයේ උපන් ඔහු ආර්ථික විද්‍යාව සම්බන්ධ ප‍්‍රංශයේ සුවිශේෂි සරසවියක හා ‘සයන්ස් ෆෝ‘ දේශපාලන ඇකඩමියේ ඉගෙනුම අවසන් කළ කීර්තිමත්, බුද්ධිමත් ආර්ථික විද්‍යා විශේෂඥයෙකි, කථිකාචාර්යවරයෙකි, නීතිඥයෙකි . එම නිසාම සමාජවාදි ප‍්‍රංශ පාලන කාලයේ මුදල් ඇමැති තනතුර දැරුවේය. පැරීසියට අයත් පළාත් පාලන ආයතනයේ සාර්ෂේල් නගරයේ සමාජවාදි පක්‍ෂයේ නගරාධිපති තනතුර; ඔහුගේ ප‍්‍රථම දේශපාලන ආගමනයවේ. සමාජවාදි පක්‍ෂයේ විධායක කෘත්‍යාධිකාරි මන්ඩලයේ විශේෂ නියෝජිතයෙකි. ප‍්‍රංශයේ ජනප‍්‍ර‍්‍රිය දේශපාලඥයෙකි, හිටපු මන්ත‍්‍රීවරයෙකි, ඇමති වරයෙකි බුද්ධිමතෙකි. පැවැති ශ්‍රීලංකා රජයේ ඇරයුමකට ආර්ථික උපදේශකයෙකු ලෙස පසුගිය වසරක ඔහු ශ්‍රී ලංකාවටද පැමිණියේය.එම නිසාම ප‍්‍රංශ කාල්ටන් හබය මේ දිනවල ප‍්‍රංශ මාධ්‍ය සමාජය ඉතා දැඩි ලෙස ගිලගෙන ඇත්තේය. ඔහු විසින් සංවිධානය කළ ප‍්‍රිය සම්භාෂණ වලදී මුදල් ගෙවා අභිසාරිකාවන් සේවනයේ යෙදී ඇතැයි ඔහුට විරුද්ධව ඇති ප‍්‍රධාන චෝදනාවක් වන්නේය. එබැවින් වසර කිහිපයක සිට ආරම්භවූ මෙම නඩුවේ අවසාන අදියර මේ දිනවල ඇසෙයි ඒ අතරම ඉහළ උසාවියේ විනිසුරුවරුන් ඉදිරියේ කට උත්තර බැඳීමට ස්ට‍්‍රාස් ඛාන්ට සිදුවිය.

2009 හා 2012 වසර අතර කිහිප අවස්ථාකදීම මෙම හෝටලයට පැමිණි ස්ට‍්‍රාස් ඛාන් ඉහත සුරූපි අභිසාරිකාවන් හා සබඳතා පැවැත්වූ බවට එල්ලවී ඇති චෝදනාවලට ඔහුගෙන් ප‍්‍රශ්න කරන අතර ඉහත සමහරක් ළඳුන් හා ඔහු අතර තිබූ සබඳතා ගැන සාක්ෂි සපයමින් 11 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හා විද්වතුන්, නීති ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන්ගෙන් සපිරි පේ‍්‍රක්ෂක ශාලාවක නඩුව ඇසෙමින් පවතී. ඔහු ඇතුළු 11දෙනකු විත්ති කූඩුවේ සිටිති. කාන්තාවන් හා ඔහුගේ ඇසුරක් තිබූ නමුදු කිසිම මුදල් ගෙවීමක් ඔහු සිදුකර නොමැති බව ඔහු පිළිගෙන ඇත්තේය. කෙසේ නමුදු ලීල් නගරයේ කාල්ටන් හෝටලයේ කථාවෙන් ස්ට‍්‍රාස් ඛාන් මහතාගේ ජීවිතයත් සමග ප‍්‍රභුවරුන්ගේ කෙරුවාවන්ද සමාජයට හෙළි වුයේය.  

මීට පෙර 2011දී මැයි මස 14 වැනිදා ස්ට‍්‍රාස් ඛාන් මහතා නිව්යෝර්ක් නුවර ටවුන් ස්කුයාර් හි පිහිටි ප‍්‍රංශ සමාගමකට අයත් සොෆිටෙල් හෝටලයේ හත්වැනි මහලේ කාමර අංක 2806 හී දි මෙවැනිම කාන්තා ප‍්‍රශ්නයකට මුහුණදී හිරේ විලංගුවේ වැටී ඩොලර් දහස් ගණනක් වියදම් කර නඩු කියමින් පැමිණිල්ල හා විත්තියේ එකඟතාවයක් මත සමථයකට පත්වී ඔහු නිදහස ලබා ගත්තේය.

එම ප‍්‍රශ්නයට මුහුණ දුන් අප‍්‍රිකාවේ ගිනියානු උපතක් ඇති ඇමෙරිකා ජාතික නෆිසතෝ දියාලෝ (35) තරුණ කාන්තාව විසින් පසුගියදා නිව්යෝර්ක් නුවර මාවතක තමන්ගේම ආපන ශාලාවක් විවෘත කළාය. වර්ෂ 2002 දී වයස අවුරුදු 24ක් වයසැති ප‍්‍රංශ ජාතික සුරූපි මාධ්‍යවේදිනියක් වු ටි‍්‍රස්ටෙන් බනොන් සම්බන්ධව රංඟනයක තොරතුරු මාධ්‍ය මගින් ඒ දිනවල හෙළි කළාය. එයට අනුව ප‍්‍රංශ සමාජවාදී පක්‍ෂය ගැන පොතක් ලිවීම ආරම්භ කළ ඉහත මාධ්‍යවේදිනිය ඒ සදහා එම පක්‍ෂයේ ඉහල නිලධාරින් සමග සම්මුඛ සාකච්ජා පැවැත්විය. ඩොමිනික් ස්ට්‍රෝස් ඛාන් ඇයට හමුවන්නේ එසේය. ඔහු සමග සංවාද වූ දිනයේ ඔහු මගේ අත අල්ලා ගෙන සිනහාවෙන් අහිංසක ලෙස පිළිතුරු දුන් බවත් ටික වේලාවකින් ඇගේ තන පටය ගැලැවීමට උත්සහා කළ බවත් එවිට ඇය පයින් පහරක් දුන් බව මාධ්‍යට හෙලිකරමින්  චෝදනාවක් ඉදිරිපත් කළාය. ඔහු කාන්තාවන්ට කැමති බව මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධියේ පිළිගත් අයෙකි. කාන්තාවන්ට අකමැති කවුද?

ලීල් නගරයේ කාල්ටන් හෝටලය ආශ‍්‍රිතව ඇරඹුණු ඉහත නඩුවේ මුල් දිනයේදි ස්ට‍්‍රාස් ඛාන් මහතා අධිකරණයට පැමිනෙන විට ප‍්‍රංශය මුලික කොට ක‍්‍රියාත්මක වන අඩ නිරුවත් කාන්තා හඬ සංවිධානයේ තරුණ කාන්තාවන් තිදෙනෙක් ඔහු පැමිණි වාහනය අවහිර කොට ඔහුට විරෝධය පෑවේය.”හාදයා නුඹ වැරදි කරුවෙකි” යනුවෙන් උඩුකයේ සඳහන් සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වු ඔවුහු ඔහු පැමිණි වාහනයේ බොනට්ටුවටද නැග්ගෝය. ඒ සැණෙන් පොලීසිය විසින් ඔවුහු අත් අඬංගුවට ගෙන රඳවා ගනු ලැබූහ. පසුව නිදහස් කැරුණහ.

පසුදින ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක ප‍්‍රධාන අමුත්තන් ලෙසද ඔවුහු සහභාගි වුහ. කෙසේ නමුදු ඉහත නඩුවේ අවසාන දින කිහිපයේදි පැමිණිලි පාර්ශවයේ තිදෙනෙක් පැමිණිලි ඉල්ලා අස්කර ගත්හ. ඉතුරු වූවන්ගේද ප‍්‍රබල සාක්කි නොමැති වුයෙන් ඩොමිනික් ස්ට‍්‍රාස් ඛාන් ඉහත දැක්වූ ප‍්‍රිය සම්භාෂණවලට සහභාගිවී නොමැති බව පෙනී යන හෙයින් ඔහු වැරදිකරුවකු නොවන බව  මේ වනවිට අවසන් නඩු වාර්තාවේ සදහන් වේ. ඒ අනුව ස්ට‍්‍රාස් ඛාන් ඇතුළු සිව් දෙනෙක් නිදොස් කැරුණහ. අට දෙනෙකුට අත්හිටවු සිර දඬුවම් සමග දඩ මුදල් ගෙවීමට සිදුවිය. අවසාන තීන්දුව ජූනි මස 22 හා 23 වෙනිදාාට ප‍්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේය.

ආරම්භයේ මහා විශාල මාධ්‍ය හඬකින් ඇරඹුණු ප‍්‍රංශ කාල්ටන් කථාව පුස්ස බින්දා හා සමානව එසේ නිම වුයේය.

02 03 04 05 06 07 a-topless-femen-activist-jumps-on-the-car-carrying-former-imf-chief-dominique-strauss-kahn carlton-hotel-luxe-lille- dsk femen femen-activist-is-led-away-by-police-officers-