ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඩිජිටල් බදු ගිවිසුමකට එළැඹුණේ යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා සඳුදා පැවැසීය.
ප්‍රංශය තුළ කරන ඩිජිටල් සේවාවලින් ලබන ආදායම මත 3%ක බද්දක් පැනවීමට අනුමැතිය දෙමින් ප්‍රංශය මේ වසර මුලදී නීතියක් සම්මත කරගත්තේය.
මේ නිසා අන්තර්ජාල සේවා සපයන මහ පරිමාණ සමාගම්වලට ප්‍රංශ රජයට බද්දක් ගෙවීමට සිදු වූ අතර එම නිසා ඇමෙරිකාව සහ ප්‍රංශය අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය.
ප්‍රංශය ඉහත කී නව නීතිය සම්මත කරගැනීමෙන් පසුව ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ප්‍රංශයට තීරුබදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු ඇඟවීමක් ද කළේය.
අන්තර්ජාල සමාගම් බදු ගෙවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන් ලබන වසරේදී නව ගිවිසුමක් ඇති කරගන්නා බවත් ඒ අනුව දැනට බදු ගෙවන සමාගම්වලින් ඔවුන් ගෙවූ බදු අඩු කෙරෙන බවත් ප්‍රංශ ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
"ද්වීපාර්ශවීය වශයෙන් අපි බොහෝ වැඩ කොටසක් කරලා අවසන්. අපි අතරේ තිබෙන දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ගිවිසුමක් තියෙනවා" යැයි ද හෙතෙම කීය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසෙකින් සිටියදී ප්‍රංශ ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
ජී7 ලෝක නායක සමුළුව අවසානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
(රොයිටර් ඇසුරිනි)
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශය - ඇමෙරිකාව ඩිජිටල් බදු ගිවිසුමකට එළඹෙයි