ඉන්දීය ජනරජ දිනයේ දී ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස එරටට පැමිණෙන ප්‍ර‍ංශ ජනාදිපිත ප්‍රාංශුවා හොලන්ඩ්ට අයිඑස් සංවිධානයෙන් තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 26 දා පැවැත්වෙන උත්සවයේ දී නවදිල්ලි නුවර ඉන්දීය දොරටුව නමැති සුප්‍ර‍සිද්ධ පිවිසුමේ සිට ජනාධිපති මන්දිරය දක්වා ආචාර පෙළපාලිය පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ජනාධිපති ප්‍ර‍ාබ් මුකර්ජි, අගමැති නරේන්ද්‍ර‍මෝදි ප්‍ර‍ංශ ජනාධිපතිවරයා සමග එයට එක්වීමට නියමිතය.

රහස් තොරතුරු වාර්තාවන්ට අනුව මේ උළෙල සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂාව තරකිරීමට ඉන්දියාව පියවර ගනිමින් සිටිය දී ජනාධිපති හොලන්ඩ් ඉන්දීය සංචාරය අවලංගු කිරීමේ තීරණයකට එළඹ නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.