IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රංශ හිටපු ජනපති සාර්කෝසිට සිරදඩුවම්

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලස් සාර්කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කළේය.

ඒ, සාර්කෝසි 2012 වසරේදී සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවිරෝධී අයුරින් අති විශාල මුදලක් යෙදවූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමත් සමඟය.

66 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා වරදකරු වූයේ පැරිස් නුවර අධිකරණයක් හමුවේය. නඩු විභාගය පැවැත්වූයේ ඊයේ (30) ය.

සාර්කෝසි දිගින් දිගටම පවසන්නේ, තමන් කිසිදු වරදක් නොකළ බවය. අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ද ඔහු ඒ බව නීතීඥවරුන් හරහා අධිකරණයට පෙන්වා දුන් බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු සාර්කෝසිගේ විනිසුරුවරුන් කියා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවය. වසරක සිර දඩුවමක් නියම කළත් සාර්කෝසිට බන්ධනාගාරගත වීමට සිදුවන්නේ නැත. හිටපු ජනාධිපතිවරයකු වීම සැලකිල්ලට ගනිමින්, ඔහුට හිමි දඩුවම ක්‍රියාත්මක වනු ඇත්තේ ඔහු නිවාස අඩස්සියට ලක් කිරීමෙනි.

සාකෝර්සිගේ පාදයේ ඉලෙක්ට්‍රොනික වළලලක් (බ්‍රේස්ලට්) සවි කෙරේ. චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් වළල්ල ඇති ස්ථානය හඳුනා ගැනීම සිදුවෙයි. ඒ අනුව, සාර්කෝසි නිවසේ සිටිනවාදැයි පොලිසියට සහ ආරක්ෂක නිලධාරීන්ට දැනගත හැකිය.

සාර්කෝසි නිවසින් පිටතට එක් අඩියක් හෝ තැබුවොත් ආරක්ෂක අංශවලට අනතුරු ඇඟවීමක් ලැබෙයි. වළල්ල ගැලවීමට ද හැකියාවක් නැත. එය ගැලවීමට උත්සාහ ගතහොත් ආරක්ෂක අංශවලට ඒ ගැන අනතුරු ඇඟවෙයි.

2012 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු සාර්කෝසි, ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කළ මුදල යූරෝ මිලියන 22.5 කි. මෙය සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන්ට යෙදවිය හැකි සාමාන්‍ය මුදල මෙන් දෙගුණයක් බව පැවැසෙයි.

සාර්කෝසි පළමුවෙන් ජනාධිපති ධුරයට පත් වූයේ 2007 වසරේදීය. 2012 දී මහා මුදලක් වැය කරමින් දිගටම බලයේ රැඳී සිටීමට ඔහු උත්සාහ කළත් එය අසාර්ථක විය. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ෆ්‍රන්සුවා ඕලන්ද්ය.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රංශ හිටපු ජනපති සාර්කෝසිට සිරදඩුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site