IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රංශ සේවකයින්ට ඊමේල් සහනයක්

වැඩ මුරය අවසන් වීමෙන් පසු ලැබෙන විද්‍යුත් ලිපි වලට පිළිතුරු නොයවා සිටීමේ අවසරය සේවකයින්ට හිමිවන නව නීතියක් ප‍්‍රංශය අද (1) සිට කි‍්‍රයාත්මක කර ඇත.

50 කට අධික සේවක පිරිසක් සිටින සමාගම් වල සේවකයින්ට මෙම නීතියෙන් ලැබෙන සහනය භුක්තිවිදිය හැකි අතර ඒ සදහා මුලින්ම තමන් නිසි අයුරින් සේවයේ යෙදෙන පුද්ගලයෙක් බව සහතික කර ගැනීම අවශ්‍යය.අනතුරුව විද්‍යුත් ලිපි යැවීමට හෝ ලැබෙන ලිපි වලට පිළිතුරු ලිවීමට හෝ නොහැකි පැය ගණන සදහන් කිරීමෙන්, එම පැය ගණනට අදාළ කාලයේ විද්‍යුත් ලිපි ගනුදෙනුවෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිමේ අවසරය හිමිකරගත හැකිය.

මෙම නීතියට සහය දක්වන පිරිස් පවසන්නේ වැඩ මුරයට පසු සේවකයින්ගෙන් අපේක්ෂා කෙරෙන මෙවන් කටයුතු වලට නිසි ගෙවීමක් සිදුනොකෙරෙන බවයි.ඊට අමතරව මෙසේ සේවා මුරයෙන් බැහැර කාලවලදී විද්‍යුත් ලිපි වලට පිළිතුරු යැවීමට සිදුවීමෙන් සේවකයන් ආතතියට, අධික වෙහෙසට පත්වන බවත්, ඇතැම් අවස්ථා වල පවුල් ආරවුල් ඇතිවීම දක්වා තත්ත්වය දුරදිග යන බවත් ඔවුන් කියයි.

මෙවන් නීති වලට සමාගම් වල සහය හිමිය.ඒ එවිට සේවකයින් වැඩ වර්ජන වලට, විරෝධතා වලට කාලය වැය නොකර සේවයේ යෙදෙන බැවින්ය.


 



අදහස් (0)

ප‍්‍රංශ සේවකයින්ට ඊමේල් සහනයක්

සෑම් Sunday, 01 January 2017 08:47 PM

ප්‍රංශයට වඩා ලංකාව හුඟක් ඉදිරියෙන් ඉන්නා රටක්. ලැබෙන ලිපි වලට පිළිතුරු නොයවා සිටීමේ අවසරය අපේ නිලදරුවන්ට ලැබුනේ මීට සෑහෙන කලින් (නි)

:       0       0

පද්මිණී Monday, 02 January 2017 06:54 AM

ඒ තියා අපරාධ විමර්ශන කොට්ඨ‍ාශයට නොයා සිටීමේ අවසරයත් ඇමතිවරුන්ට හිමියි ලංකාවේ නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site