IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ සුරූපිනිය දකුණු ඇමරිකාවෙන්

ප‍්‍රංශයේ රූප සුන්දරිය  (මිස් ප‍්‍රාන්ස්) තෝරා ගැනීමේ අවසන් තරගය පැරීසියේ සිට කිලෝ මීටර් 950 ක් දකුණු දිග ප‍්‍රංශයේ පිහිටි මොන්ට්පිලියේ නගරයේ ඇරීනා රංඟ ශාලාවේදී දෙසැම්බර් 17 වැනි සෙනසුරාදා ඉතාමත් වර්ණවත් ලෙස පැවැත්විණි.

ප‍්‍රංශයේ පළාත් හා එයට අයත් දූපත් වලින් තෝරා ගත් සුරූපිණියන් 30 දෙනකු අවසන් තරගයට තේරී පත්වී සිටියේය. ඔවුන් අතරින් අවසන් පස් දෙනා අතරට ප‍්‍රංශයේ ලොරේන් හා ලන්ගුඑඩොක් රුස්ලියොන් පළාත් නියෝජනය කළ අනුපිළිවෙළින් ජස්ටින් කමාරා  හා ඇව්රොර් කිචෙනින් ද ගුවඩ්ලූප්, ගුයියාන් යන ප‍්‍රංශයට අයත් කැරිබියන් දූපතේ  හා  ඕස්ටේ‍්‍රලියාවට සමීපව පැසිපික් සාගරයේ පිහිටි තයිටි යන  පළාත් නියෝජනය කරමින් මොර්ගෙන් ත්‍රෙරේසින්  , වෙයා පෙරන්ඩ්  හා ඇලීසියා අයිලියිස් ඊට අයත් වූහ.

අවසාන වටයෙන් මිස් ලොරෙන්, මිස් ගුවඩ්ලූප්, මිස් තයිටි සිව්වන, තෙවැනි, හා දෙවැනි ස්ථාන අනුපිළිවෙළින් දිනාගත් අතර අවසන් දෙදෙනා අතරින් අවුරුදු 18ක් වයසැති සරසවියේ පළමු වසරේ නීතිය විෂය හදාරන මිස් ගුයියාන් ඇලීසියා අයිලියිස් මෙනවිය 2017 වසරේ ප‍්‍රංශයේ රූප සුන්දරිය ලෙස අභිෂේක ලැබුවේය.

ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ නිළියක් හා ගායිකාවක් වන ඇරියෙල් ඩොම්බාසෙල් ජූරියේ සභාපති ලෙස කටයුතු කළ අතර ප‍්‍රංශ නිළියක්වූ ඉන්ග‍්‍රීඩ් චුවින්, මිචෙල් බාර්නියෙර්  මින් පෙර ප‍්‍රංශ රූප සුන්දරියක්වූ මලීකා මෙනාඩ්, ගායක අමීර්, ප‍්‍රසිද්ධ චිත‍්‍රපටි අධ්‍යක්ෂක ක‍්‍රිස්ට්‍රෝපර් බැරටියෙර්, හා ප‍්‍රංශ බොක්සිං ශූරයෙකු වූ ටෝනි යෝකා ජූරියේ අනෙක් සාමාජිකයෝය.

ප‍්‍රංශයේ පර්ජෝ කාර් නිෂ්පාදන සමාගම ප‍්‍රමුඛ වෙනත් ප‍්‍රසිද්ධ ආයතන 25ක් ඊට අනුග‍්‍රාහයකත්වය දැරුවේය. මයෝට් දුපත නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ මිස් මයෝට් ඇවිදින විට ඇද වැටීමෙන් කකුලේ ආබාධයක් ඇතිවී රෝහල් ගත කිරීමටද සිදු විය.

ජය ගත් සුරූපිණිය පදිංචි ප‍්‍රංශයට අයත් ගුයියාන් පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ බ‍්‍රසීලයේ උතුරු දේශසීමාවට මායිම්වය. ප‍්‍රංශය ප‍්‍රමුඛ යුරෝපයේ රටවල් එකතුවේ අභ්‍යවකාශ පර්යේෂණ සිදුකරන අජටාකාෂ මධ්‍යයස්ථානය පිහිටා ඇත්තේ මෙම ගුයියාන් වලය.

Miss-France-01 Miss-France-02 Miss-France-03 Miss-France-04 Miss-France-2017 Miss-France-Last-Five Miss-France-last-five-01 Miss-France-last-five-02 Miss-France-last-five-03 Miss-France-last-five-04 Miss-France-last-five-05 Miss-France-Winner Miss-Mayoat

 

 

 

 



අදහස් (0)

ප්‍රංශ සුරූපිනිය දකුණු ඇමරිකාවෙන්

ගීතා Sunday, 18 December 2016 09:46 AM

අනේ පව් වැටුන එක්කෙනා නේද? (බ)

:       0       0

ධම්ම Monday, 19 December 2016 06:03 AM

ප්‍රංශය කියනකොට මට මතක් වෙන්නේ ඒ කාලේ අපි ගුරුවරුන්ට හොරෙන් බලපු ප්‍රංශ රස කියන පොත. පන්තියේ කී දෙනෙක් ගුටි කෑවද ඔය පොත සර්ට අහුවෙලා.(ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 18 December 2016 10:40 AM

මෙය සාමාන්‍ය සිද්ධියක් ,,, සෑම වසර දෙක තුනකට වරක් මෙම තේරීම් කමිටුව විසින් ප්‍රංශයට තාමත් යටත් විජිතව පවතින රටවලින් කෙනෙක් ප්‍රංශ රූප රැජින ලෙස තෝරා ගන්නවා , ඒ වෙන මොනවත් නිසා නොවෙයි ‘අපි තව දුරටත් ඒ රටවල් ගැන සැලකිලිමත් වෙනවා කියලා‘ අර පොඩි පොඩි දුපත් වල ඉන්න මිනිස්සුන්ව රවට්ටලා යටත් විජිත විදියට තියාගන්න කරන වංචාවක් නිසා (බ)

:       0       0

යහම්පත් නලින් Sunday, 18 December 2016 04:27 PM

රොහාන් දයාදර කියනවා වාගේ මේ ප්‍රංශයේ සුරූපිනියන් තේරීම දේශපාලනීකරණය වෙලා. මෙය නිතරම සිදුවන්නක්. (නි)

:       0       0

අබය Monday, 19 December 2016 10:35 PM

ධම්ම කියන්නේ කවුරු ගැනද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site