ප‍්‍රංශ සමාජවාදි පක්ෂයේ පැරණිම හා ප‍්‍රබලයෙක් වන සෙනට් මන්ත්‍රී හා වැල් ඩෙ ලූවා පළාතේ ප‍්‍රධානම නගරය වන ටූර් නගරයේ වසර 19ක් නගරාධිපති තනතුර දැරූ වර්තමාන ප‍්‍රංශ ජනාධිපතිගේ විශ්වාසවන්ත දේශපාලන මිතුරෙකු වූ ජෝන් ජර්මාන් (67) බව ප්‍රංශ අධිකරණයටවාර්තා කර ඇත.
ටූර් නගරය පිහිටි භූමි භාගය අයත් වපසරියේ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ අති පැරණි පෞරාණික රජ මාලිගා 15ක් පමණ පිහිටා ඇත්තේය. එබැවින් බොහෝ දේශීය හා විදේශීය සංචාරකයෝ ඉහත ප‍්‍රදේශයේ සංචාරයේ නියැලේ. ඔවුන් අතරින් වැඩි ප‍්‍රතිශතයක් චීන ජාතිකයෝය. මෙම සාධකයද ප‍්‍රධාන කොට 2007 හා 2011 වසර ඔහුගේ නගරාධිපති ධූර කාලය අතරතුර චීන ජාතික විවාහා මංගල්‍ය රැසක් මෙම නගර ශාලා වේ. එනමුදු ඉහත මංගල්‍යයන් සදහා මහජන මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනාවක් ඔහුට විරුද්ධව එල්ලවු අතර ඒ සදහා නඩුවක් ඉහළ උසාවියේ ඇසේ. ප‍්‍රංශයේ පළවන ප‍්‍රසිද්ධ ප‍්‍රබල කැනා ඔන්චෙනේ” පුවත් පත ඉහත දුෂණය මුල් වරට හෙළිකළ අතර ඔවුන්ගේ අනාවරණයට සමගාමීව විවාහා මංගල 200ක් සදහා යුරෝ නවලක්ෂ පනස්දාහසක මුදලක් ඔවුන් අයතා ලෙස පරිහරණය කර ඇත්තේය. ඔන්චෙනේ පුවත් පත ප‍්‍රංශයේ සිදුවන බොහෝමයක් වංචා දුෂණ හෙළිදරව් කිරීමට ප‍්‍රසිද්ධ පුවත් පතකි. ඔවුන්ගේ අතීත හෙලිදරව් නිසා බොහෝ පක්ෂ විපක්ෂ ඇමතිවරු හා මන්ත‍්‍රීවරුන් වරදකරුවන්වී දඬුවම් ලදහ.
කෙසේ නමුදු ඉහත සිද්ධිය අරභයා නගරාධිපති ඇතුළු නගර සභාවේ පරිපාලන සේවකයන් තිදෙනෙකුට විරුද්ධව ඉහළ උසාවියේ නඩුවක් ගොනුවූ අතර පරීක්ෂණ වාර කිහිපයකින් පසු එහි අවසන් නඩු වාරය පසුගිය අපේ‍්‍රල් මස 07 වෙනිදාට යෙදී තිබුනත්; එදින අධිකරණයේ විනිශ්චයකාරවරුන් ඉදිරියේ ඔහු පෙනී නොසිටියේය. නඩු වාරය කැඳවා ස්වල්ප වේලාවකින් ඔහු සියදිවි හානිකර ගැනීමෙන් මරණයට පත්වී ඇති බව ඔහුගේ නීතිඥ ඩොමිනික් ටි‍්‍රකියුඞ් මහතා අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කළේය. ඒ සමගම ඔහු විසින් මරණයට පෙර ” ජීවිතයට ආයුබෝවන් ”යනුවෙන් ලියා තැබූ ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
”අපි යුක්ති ගරුක, නීති ගරුක මිනිස්සු. අපේ පරම්පරාවේ කිසි කෙනෙකු උසාවියේ බංකුවල වාඩිවූ අය නොවේ.” යනුවෙන් ඊට දින තුනකට පෙර තමා සමග කල දුරකථන සංවාදයකදී ප‍්‍රකාශ කළ බව ඔහුගේ නීතිඥයා මාධ්‍යයට හෙළි කරමින් මෙවැනි ඉරණමක් සිහිනෙකින්වත් නොසිතූ බවයි ඔහු කීවේය. ඔහුගේ මරණයෙන් පසු එම නගර වැසියෝ බොහෝමයක් ඔහුගේ ගූණ කීවෝය. ඔහු වර්තමාන ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලෝන්ද්ගේ හා අගමැති මැනුවෙල් වාස් මහතාගේ ඉතාමත් ලඟම මිතුරෙකි. ඔහුගේ හදිසි වියෝවේ ආරංචිය තමා සසල කළ බවත් වටිනා පුරවැසියෙක් අපට අහිමි කල බවත් ජනාධිපති ශෝක පණිවුඩයේ සඳහන් වුයේය. නගර සභාව, පාර්ලිමේන්තුව, සෙනෙට් සභාව යන සියලූ ආයතන ඔහු වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කළේය.
මෙවැනිම සිදුවීමක් ප‍්‍රංශ දේශපාලන ක්‍ෂේත‍්‍රගේ අවසන් වරට වාර්තා වන්නේ 1993 මැයි මස 01 වෙනිදාය. එකල පැවැති ප‍්‍රංශුවා මිතොරොන්ග් රාජ්‍ය සමයේ සිටි අගමැති පියෙර් බෙරිගොව්වා මහතා මෙලෙසම සිය දිවිනසා ගත්තේය. ජනාධිපති හා ඔහුගේද ලඟම මිතුරෙක්වූ රොජර් පැට්රිස් පෙලා ගෙන් ලබාගත් අත මාරුවක් නොහොත් පොලියක් නොමැති නයක් මාධ්‍ය මගින් හෙළිවීමෙන් ඇතිවූ සිත් තැවුල හේතු කොට සියදිවි හානිකර ගත්තේය. අගමැති වරයෙක් වුවද රාජ්‍යයට නොදන්වා මිතුරෙකු ගෙන් හෝ මුදල් ණයට ලබා ගැනීම ප‍්‍රංශ නීතියට පටහැනිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වාගේ නොවේ, වැරදි කර අහුවුණොත් නඩු සහ දඬුවම් විඳින්න වෙනවා. (නි)
සංවේදී මිනිසුන්! (නි)
හෘද සාක්කිය ඇති මිනිසුන්! (නි)
අපේ මෙතුමාලා නම් සියදිවි නසා ගන්ට ඕනේ නැහැ. පැරදිලා ගෙදර ගිහිල්ලවත් වැදගත් විදියට ඉන්නවා නම්.(නදී)
අවංකකමින් රටට සේවය කිරීම මෙයින් පෙන්වාදෙයි. දේශපාලනය අවංකව කළයුතු රැකියාවක් බව රටට මෙන්ම ලෝකයට පෙන්වාදීමක් ලෙසයි මා මෙය දකින්නේ. (නි)
ඒකට අපේ රටේ? (නි)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)