IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ප්‍රංශ සමාජවාදියා විහින් නැහේ

ප‍්‍රංශ සමාජවාදි පක්ෂයේ පැරණිම හා ප‍්‍රබලයෙක් වන සෙනට් මන්ත්‍රී හා වැල් ඩෙ ලූවා පළාතේ ප‍්‍රධානම නගරය වන ටූර් නගරයේ වසර 19ක් නගරාධිපති තනතුර දැරූ වර්තමාන ප‍්‍රංශ ජනාධිපතිගේ විශ්වාසවන්ත දේශපාලන මිතුරෙකු වූ ජෝන් ජර්මාන් (67) බව ප්‍රංශ අධිකරණයටවාර්තා  කර ඇත.

ටූර් නගරය පිහිටි භූමි භාගය අයත් වපසරියේ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ අති පැරණි පෞරාණික රජ මාලිගා 15ක් පමණ පිහිටා ඇත්තේය. එබැවින් බොහෝ දේශීය හා විදේශීය සංචාරකයෝ ඉහත ප‍්‍රදේශයේ සංචාරයේ නියැලේ. ඔවුන් අතරින් වැඩි ප‍්‍රතිශතයක් චීන ජාතිකයෝය. මෙම සාධකයද ප‍්‍රධාන කොට 2007 හා 2011 වසර ඔහුගේ නගරාධිපති ධූර කාලය අතරතුර චීන ජාතික විවාහා මංගල්‍ය රැසක් මෙම නගර ශාලා වේ. එනමුදු ඉහත මංගල්‍යයන් සදහා මහජන මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනාවක් ඔහුට විරුද්ධව එල්ලවු අතර ඒ සදහා නඩුවක් ඉහළ උසාවියේ ඇසේ. ප‍්‍රංශයේ පළවන ප‍්‍රසිද්ධ ප‍්‍රබල කැනා ඔන්චෙනේ” පුවත් පත ඉහත දුෂණය මුල් වරට හෙළිකළ අතර ඔවුන්ගේ අනාවරණයට සමගාමීව විවාහා මංගල 200ක් සදහා යුරෝ නවලක්ෂ පනස්දාහසක මුදලක් ඔවුන් අයතා ලෙස පරිහරණය කර ඇත්තේය. ඔන්චෙනේ පුවත් පත ප‍්‍රංශයේ සිදුවන බොහෝමයක් වංචා දුෂණ හෙළිදරව් කිරීමට ප‍්‍රසිද්ධ පුවත් පතකි. ඔවුන්ගේ අතීත හෙලිදරව් නිසා බොහෝ පක්ෂ විපක්ෂ ඇමතිවරු හා මන්ත‍්‍රීවරුන් වරදකරුවන්වී දඬුවම් ලදහ.   

         කෙසේ නමුදු ඉහත සිද්ධිය අරභයා නගරාධිපති ඇතුළු නගර සභාවේ පරිපාලන සේවකයන් තිදෙනෙකුට විරුද්ධව ඉහළ උසාවියේ නඩුවක් ගොනුවූ අතර පරීක්ෂණ වාර කිහිපයකින් පසු එහි අවසන් නඩු වාරය පසුගිය අපේ‍්‍රල් මස 07 වෙනිදාට යෙදී තිබුනත්; එදින අධිකරණයේ විනිශ්චයකාරවරුන් ඉදිරියේ ඔහු පෙනී නොසිටියේය. නඩු වාරය කැඳවා ස්වල්ප වේලාවකින් ඔහු සියදිවි හානිකර ගැනීමෙන් මරණයට පත්වී ඇති බව ඔහුගේ නීතිඥ ඩොමිනික් ටි‍්‍රකියුඞ් මහතා අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කළේය. ඒ සමගම ඔහු විසින් මරණයට පෙර ” ජීවිතයට ආයුබෝවන් ”යනුවෙන් ලියා තැබූ ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.  

       ”අපි යුක්ති ගරුක, නීති ගරුක මිනිස්සු. අපේ පරම්පරාවේ කිසි කෙනෙකු උසාවියේ බංකුවල වාඩිවූ අය නොවේ.” යනුවෙන් ඊට දින තුනකට පෙර තමා සමග කල දුරකථන සංවාදයකදී ප‍්‍රකාශ කළ බව ඔහුගේ නීතිඥයා මාධ්‍යයට හෙළි කරමින් මෙවැනි ඉරණමක් සිහිනෙකින්වත් නොසිතූ බවයි ඔහු කීවේය. ඔහුගේ මරණයෙන් පසු එම නගර වැසියෝ බොහෝමයක් ඔහුගේ ගූණ කීවෝය. ඔහු වර්තමාන ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලෝන්ද්ගේ හා අගමැති මැනුවෙල් වාස් මහතාගේ ඉතාමත් ලඟම මිතුරෙකි. ඔහුගේ හදිසි වියෝවේ ආරංචිය තමා සසල කළ බවත් වටිනා පුරවැසියෙක් අපට අහිමි කල බවත් ජනාධිපති ශෝක පණිවුඩයේ සඳහන් වුයේය. නගර සභාව, පාර්ලිමේන්තුව, සෙනෙට් සභාව යන සියලූ ආයතන ඔහු වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කළේය.

      මෙවැනිම සිදුවීමක් ප‍්‍රංශ දේශපාලන ක්‍ෂේත‍්‍රගේ අවසන් වරට වාර්තා වන්නේ 1993 මැයි මස 01 වෙනිදාය. එකල පැවැති ප‍්‍රංශුවා මිතොරොන්ග් රාජ්‍ය සමයේ සිටි අගමැති පියෙර් බෙරිගොව්වා මහතා මෙලෙසම සිය දිවිනසා ගත්තේය. ජනාධිපති හා ඔහුගේද ලඟම මිතුරෙක්වූ රොජර් පැට්රිස් පෙලා ගෙන් ලබාගත් අත මාරුවක් නොහොත් පොලියක් නොමැති නයක් මාධ්‍ය මගින් හෙළිවීමෙන් ඇතිවූ සිත් තැවුල හේතු කොට සියදිවි හානිකර ගත්තේය. අගමැති වරයෙක් වුවද රාජ්‍යයට නොදන්වා මිතුරෙකු ගෙන් හෝ  මුදල් ණයට  ලබා ගැනීම ප‍්‍රංශ නීතියට පටහැනිය.

 01 Chateau Jean-Germain

 

 



අදහස් (0)

ප්‍රංශ සමාජවාදියා විහින් නැහේ

සල්ගාදු ප්‍රංශය Tuesday, 14 April 2015 08:53 AM

ලංකාව වාගේ නොවේ, වැරදි කර අහුවුණොත් නඩු සහ දඬුවම් විඳින්න වෙනවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 15 April 2015 06:28 AM

සංවේදී මිනිසුන්! (නි)

:       0       0

දුමින්ද Wednesday, 15 April 2015 06:28 AM

හෘද සාක්කිය ඇති මිනිසුන්! (නි)

:       0       0

පද්මිණි-ප්‍රංශය Monday, 13 April 2015 07:15 AM

අපේ මෙතුමාලා නම් සියදිවි නසා ගන්ට ඕනේ නැහැ. පැරදිලා ගෙදර ගිහිල්ලවත් වැදගත් විදියට ඉන්නවා නම්.(නදී)

:       0       0

කුමාරි Sunday, 12 April 2015 06:19 PM

අවංකකමින් රටට සේවය කිරීම මෙයින් පෙන්වාදෙයි. දේශපාලනය අවංකව කළයුතු රැකියාවක් බව රටට මෙන්ම ලෝකයට පෙන්වාදීමක් ලෙසයි මා මෙය දකින්නේ. (නි)

:       0       0

සුමන මානන්දුව Wednesday, 15 April 2015 12:13 PM

ඒකට අපේ රටේ? (නි)

:       0       0

කිත්සිරි Monday, 13 April 2015 11:34 AM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 453 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2208 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site