වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය බවත්, කොවිඩ් මර්දන එන්න ලබා නොගෙන සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් ට සැප්තැම්බර් මස සිට වැටුප් නොගෙවන බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.
ඊට අමතරව, ලබන මාසයේ සිට සාප්පු, මත්පැන් වෙළෙඳසැල්, සිනමා ශාලාවලට ඇතුළුවීමට සහ දීර්ඝ දුම්රිය ගමන් සඳහා ද එන්නත් ලබා ගත් බව පෙන්වීමට එන්නත් කාඩ්පත් ඉදිරිපත් කිරීම ද අනිවාර්ය බව ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
'මා කරන්නේ බලකිරීමක්. ඒක මා හොඳින් දන්නවා. ඒත් කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගනිමින්, ජීවිත ආරක්ෂා කර ගනිමින්, දෛනික කටයුතු දිගටම පවත්වාගෙන යන්න නම්, අපට සිදුවෙනවා කැප කිරීම් කරන්න.' යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් මෙසේ කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.
ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙයි. ඊට හේතුව වී ඇත්තේ එන්නත් ලබා ගැනීමට බොහෝ දෙනා මැලිවීමය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු තවමත් එන්නත් ලබා ගෙන නැත.
ප්‍රංශ ජනගහනයෙන් හරි අඩක් මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇතැයි ද පැවැසෙයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස සියයට 40 කි.
මේ වනවිට ප්‍රංශයේ යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට එසේ කොරෝනා ආසාදිතයන් වැඩි වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන බැවිනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන්නත අනිවාර්යයි