ප්‍රංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉතිහාසගත වැටුප් වැඩිවීමක් අනුමත කිරීමට එරට රජය තීරණය කර තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවය ඇගයීම වෙනුවෙන් මෙම වැටුප් වැඩිවීම සිදු කෙරෙන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 9 ක් වෙන් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සෞඛ්‍ය වෘත්තිය සමිති සහ බලධාරීන් අතර සති කිහිපයක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් වැටුප් ඉහළ නංවන ලෙස හා රෝහල්වල පහසුකම් වැඩිදියුණු කරන ලෙස ඉල්ලමින් ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයින් රැසක් පසුගිය දිනවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණි.
බී.බී.සී ඇසුරෙනි .....
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd