මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගේ ඇඳුම් කට්ටලයක් ප්‍ර‍ංශයේ පැරිස් නගරයේ විදියක කසළ බඳුනක දමා තිබිය දී සොයාගෙන ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. මෙම බෝම්බ ඇඳුම පසුගිය දා සිදුවූ ප්‍ර‍ංශ ප්‍ර‍හාරය සඳහා භාවිතා කරන්නට ගෙනවිත් තිබෙන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ සැක පලකරයි. ප්‍ර‍ංශ ප්‍ර‍හාරය සඳහා යොදාගත් පුපුරණ ද්‍ර‍ව්‍ය මෙහි තිබූ බවත් පුපුරා යාමේ දී මහත් විනාශයක් කළ හැකි අයුරින් යකඩ ඇණ රැසක් මේ ඇදුමේ තිබූ බවත් ආරක්ෂක අංශ මාධ්‍යයට පවසා ඇත.

 මරාගෙන මැරෙන ඇඳුම  පුපුරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධතාවය දිය හැකි ඩෙටනේටර් උපකරණය එහි තිබී නැත. ආරක්ෂක අංශ පවසන්නේ ප්‍ර‍ංශ ප්‍ර‍හාරයේ මහ මොළකරු සාලා ඇඩ්ඩෙස්ලාම් සැඟවී සිටි ප්‍රදේශයට සමීප ස්ථානයකින් මේ ඇඳුම සොයාගත් බවයි.  මේ ඇඳුම සොයා ගැනීමෙන් පැහැදිලි වන්නේ සාලා සටන අතහැර දමා තිබෙන්නට ඇති බවයි. බෝම්බ නිශ්ක්‍රිය අංශ ප්‍රදේශය පුරා සෝදිසි කටයුතු කරන බවත් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බවත් ප්‍ර‍ංශ පුවත් සේවය පවසයි.