IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ප්‍රංශ විකට සඟරාවට භූමි කම්පාවත් විහිළුවක්

මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ගැන නිරන්තරයෙන් කරුණු දක්වමින්, ඉස්ලාම් දහමට සහ කුරාණයට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කරන ප්‍රංශයේ ‘චාර්ලි හෙබ්දෝ’ සඟරාවට දොස් අහන්න සිදුවී තිබේ.

ඒ, තුර්කිය සහ සිරියාව කලඹමින්, ජීවිත 15,000 කට වඩා වැඩි ගණනක් බිලිගත් භූමි කම්පාවලින් සිදුවුණු හානිය හාස්‍යයට ලක් කර විකට කාටූනයක් පළ කර ඇති බැවිනි.

පියේරික් ජස්ටින් නමැති කාටූන් ශිල්පියා සිතුවම් කළ මෙම කාටූනයෙන් දකින්න ලැබෙන්නේ භූ කම්පාවෙන් සිරියාවේ සිදුවන විනාශයයි. ‘දැන් ඉතිං යුද ටැංකි යැවීමෙන් පලක් නැහැ.’ යනුවෙන් එහි ලියා තිබේ.

එහි අර්ථය මුස්ලිම්වරුන් පරාජය කිරීමට යුද ටැංකි යැවීම අවශ්‍ය නොවන බවත්, භූමි කම්පාවෙන් ඔවුන්ට ඇති තරම් හානියක් සිදුවී ඇති බවත්ය.

‘චාර්ලි හෙබ්දෝ’ සඟරාවට සහාය දක්වමින් අදහස් පළ කළ බොහෝ දෙනා මේ වනවිට සඟරාවට දොස් නගා ඇත්තේ, භූමි කම්පාවෙන් සිදුවුණු මහා විනාශය ‘විහිළුවට’ ගැනීම කිසිසේත් සදාචාරාත්මක නොවන බවය.

(අල් ජසීරා)



අදහස් (0)

ප්‍රංශ විකට සඟරාවට භූමි කම්පාවත් විහිළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site