
ප්‍රංශයේ වාර්සේල් නගරයට නුදුරුනි පිහිටි රෝහලක සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් රෝහලේ පරිගණක පද්ධතිය අඩපණ විය.
සයිබර් ප්‍රහාරයෙන් පසු සියලු කටයුතු තාවකාලිකව නවතා දැමීමට රෝහල් බලධාරීන්ට සිදුවුණු බව ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් කීප දෙනකු කඩිනමින් වෙනත් රෝහල්වලට මාරු කෙරුණු බව ද පැවැසෙයි.
බටහිර රටවල සියලු කටයුතු සිදුවන්නේ පරිගණක ඇසුරිනි. සයිබර් ප්‍රහාර යන පරිගණක පද්ධති අඩබණ කරන කඩාකප්පල් ක්‍රියාවකි. රෝහලට එල්ල වුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd