ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය 17 වැනි සිකුරාදා මරණයට පත් පොලිස් යුවළගේ අවසන් කටයුතු දහසක් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. මරා දැමුණු පොලිස් යුවළට වීර පදක්කම් පළඳවා රාජ්‍ය ගෞරව දැක්විණි. ප‍්‍රංශ ජනාධිපති, අගමැති, කතානායක අභ්‍යන්තර ආරක්ෂක ඇමැති, ආරක්ෂක ඇමති, සෙනට් සභාවේ සභාපති ඇතුළු ප‍්‍රධාන දේශපාලනඥයෝ උසස් රාජ්‍ය නිලධරයෝ මහ පිරිසක් අවසන් කටයුතු සඳහා සහභාගි වූහ.
එදින ගෞරව ආචාර පිළිගත් ජනාධිපති ප‍්‍රමුඛ පිරිස පැමිණ සිටි සිවිල් හා නිල ඇඳුමින් සැරසුණු ඉදිරි පෙළ පොලිස් නිලධාරීන්ට අතට අත දෙමින් ශෝකය ප‍්‍රකාශ කළ අතර එතැන සිටි සිවිල් ඇඳුමෙන් සැරසුණු එක් පොලිස් නිලධාරියෙක් ජනාධිපතිට සහ අගමැතිට අතට අතදීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ සැණෙන් අගමැති ඒ ගැන විමසූ විට කථා නොකළ ඔහු ඔළුව වනා ‘බැහැ‘ යනුවෙන් ඉඟි කළේය. ඔහුගේ පිටට තට්ටු කළ අගමැති බලාපොරොත්තු සුන්වූ මනසින් ඉදිරි පියවර මැන්නේය.
මෙම අහඹු සිදුවීමෙන් පසු පැවැති පුවත් පත් සාකච්ඡාකදී ඉහත සිදුවීම ගැන අගමැති තම කනගාටුව පළකර සිටියේය.
ප‍්‍රංශ පොලීසියේ සේවය කරන පවුලේ සැමියා සහ බිරිඳ පැරීසියට නුදුරින් පිහිටි මැග්නනිවිල් නම් ග‍්‍රාමයේදි ඩේඒස් ත‍්‍රස්තවාදි සංවිධානයට සබඳකම් ඇති උපතින් මොරොක්කෝ හා ප‍්‍රංශ ජාතික 25 හැවිරිදි ලාරෝසි අබාලා අතින් මරුමුවට පත් වූහ.
අවුරුදු 42 වයැසැති ජෝන් බැෆ්ටිස්ට් සැල්වැන්ග් එම ග‍්‍රාමයේ පිහිටි ප‍්‍රධාන පොලිසියේ කොමොන්ඩෝ බළකායේ සේවය කළේය. අවුරුදු 36ක් වයසැති ඔහුගේ බිරිඳ ජෙසිකා ස්නයිඩර් වෙනත් පොලිසියක පරිපාලන අංශයේ ලේකම්වරියක ලෙස සේවය කළාය. ඔවුන්ට අවුරුදු 3ක පිරිමි දරුවෙක් ද සිටී.
ජුනි 13 සදුඳා රාත‍්‍රි සේවා මුරය අවසන් කොට සාමාන්‍ය ඇඳුමෙන් සැරසී නිවසට පැමිණි පොලිස් නිලධාරියා ප‍්‍රධාන දොරටුව අබියස දී නව වරක් පිහියෙන් ඇන ත්‍රස්තයා විසින් මරා දමනු ලැබීය.
ඉක්බිතිව නිවසට ඇතුළු වූ ඝාතකයා පොලිස් නිලධාරියාගේ බිරිඳ ද ඝාතනය කොට සිඟිති දරුවා ප‍්‍රාණ ඇපයට ගෙන පොලීසිය සමඟ සටනට පිවිසියේය. ඒ අතරතුර විශේෂ පොලිස් භට ප‍්‍රහාර වලින් ඝාතකයා නිසල කොට සිඟිති දරුවා ආරක්ෂා සහිතව බේරාගැනීමට ප‍්‍රහාරක පොලිස් භටයෝ සමත් වුහ. මරණය සිදුවීමට ප‍්‍රථම අබාලා විසින් තම දුරකථනයෙන් පටිගත කළ විනාඩි 12 ක වීඩියෝ පටයක්ද සොයා ගැනීමට හැකිවූ අතර ඒ වන විටත් ඔහුගේ ත්‍රස්තවාදී සබඳකම් ජාලයකට එම වීඩියෝ පටය බෙදා හැර තිබිණි. එම වීඩියෝ පටය මේ දක්වා මාධ්‍යයට දී නැත.
කෙසේ නමුදු ඉහත සිදුවීමෙන් පැය 24ක් ගත වීමට ප‍්‍රථම සිරියාව, ලිබියාව හා ඉරාකය ප‍්‍රධාන කොට ක‍්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදි ඩේඒස් සංවිධානය විසින් මිනීමැරුමේ වගකීම භාර ගන්නා බව දැන්වුයේය.
පකිස්ථානයේ ජිහාද් සංවිධානයට බැඳී කටයුතු කළ අබාලා 2013 දී ප‍්‍රංශයේ අවුරුදු තුනක සිර දඬුවම් ගෙවා නිදහස් වූයේය. ඉන්පසු සැන්ඩ්විච් කඩයක් ආරම්භ කළ ඔහු පසුව එය අතහැර දමා ජීවත්විය. ඉහත ප‍්‍රහාරයට සති තුනකට ප‍්‍රථම ඩේඒස් සංවිධානයේ ප‍්‍රධානියා මුණගැසී ඇති බවටද තොරතුරු ප්‍රංශ පොලිසිය හෙළි කරගෙන ඇත.
ඉන්පසු ඔහු සමග සමීප සබඳකම් පැවැත්වු බව කියන මිතුරෝ තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් ලද තොරතුරු මත ඉදිරියේදි ක්ෂණික ප‍්‍රහාර සිදු කිරීමට තෝරාගත් ස්ථාන හා මරා දැමීමට සකස් කළ පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක්ද සොයා ගැනීමට හැකිවූ අතර ඒ මූලාශ‍්‍ර හේතුකොට පසුගිය දින කිහිපය බෙල්ජියමේ අගනගරය වූ බ‍්‍රසල්ස් නුවරට දැඩි ආරක්ෂක රැකවරණ ලබා දුන්නේය. පැරීසියේ ද ආරක්ෂක විධි විධාන තර කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය ලංකාවේ වුණා නම් පොලිස් නිලධාරියාට සිදුවන දෙය හිතා ගන්නත් අමාරුයි ,(ම)
නියමයි ....කොන්ද තියෙන පොලිස් නිලධාරියෙක් (බ)
ප්‍රංශේදී එහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ... (ර)
අපේ රටේ මෙහෙම වුනානම්... අනේ මටනම් හිතාගන්න බැහැ මොනවා කරයිද කියලා.... ම්ම්... ඉපදුන දා ඉඳලා ඒ මනුස්සයා කරලා තියෙන වැරදි හොයයි. (ර)
නියමයි... කොන්ද තියෙන පොලිස් නිලධාරියෙක්. (ර)
රංග! ඔබ ඇතුළු බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රජීව් ගාන්ධිට ගහපු නාවික භටයා ඒක කළේ වීර කමකට කියල. නමුත් බොහොම දෙනෙක් දන්නේ නැහැ ඒ වැඩේට මිනිහ ට කොන්ත්‍රාත්තුව දුන්නේ කවුද කියල. ඒ බලවතා මේ කුලී වීරයා හිරේ ඉන්න කොට බේරගන්නත් ඉදිරිපත් වුනා. ඔන්න ඔහොමයි වුනයි කියන්නේ. (බ)
පැරිසියෙන් එපිට කර්මාන්ත ශාලාවකදීත් එක් සේවකයෙක් අතට අතදීම ප්‍රතික්ෂේප කළා! (නි)
අත් වාරු දෙකක් පෙනෙන්නේ මට විතරද? (බ)
මෙම සිද්ධිය ලංකාවේ පොලිස් නිලධාරියකුගෙන් උනා නම්... (ර)
සම්පත්..,ඔබ හරි.එම පොලිස් නිලධාරියා අත් වාරු දෙකකින් තමයි හිටගෙන ඉන්නේ. පෙන්නා දුන්නාට ස්තුතියි. (බ)
තමුන්ගේ ජාතිය බාල්දු නොකර ඉන්න සත්‍යා.(බ)
මේක අපේ සංස්කෘතියට, හැදියාවට වෙනස්. අපි අපේ අවමංගල්‍යයකට හතුරෙක් ආවත් ආචාර කරලා පිලිගන්නවා. මෙතන අගමැති ඇවිත් ඉන්නේ ශෝකය පළකරන්න. (ම)
අනේ! ඒකට අපේ පොලිසිය නම් අත දෙන්නේම කාටද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
අපේ රටෙත් අභීත මනසකින් හෙබි මෙවන් මිනිසුන් බිහිවේවා! (නි)
සම්පත්, අපේ ඇස් ඇරෙව්වට ඔබට ස්තුතියි. ඒ පොලිස්භටය බැහැ කිව්වේ ඇයි කියලා දැන් අපට පැහැදිලියි. පැරිසියේ සුනිල් ආනන්ද, ඔබ දැන හෝ නොදැන හෝ අපව නොමග යැවීම ගැන කනගාටුයි. (ර)
කොන්ද පණ ඇති පොලිස් නිලධාරියාට අපේ ප්‍රණාමය.!! (බ)
දේශපාලකයන්ගේ වැරදි තීන්දු වලට නිහඬව විරෝධය දක්වන්න කොන්දක් පණ තිබුණු පොලිස් නිලධාරියෙක්. මේ වගේ එකම එක්කෙනෙක් ලංකාවේ නාවික හමුදාවේ හිටියා..!! (බ)
අපේ රටේ නම් දේශපාලකතුමාලා පොලිසියට අත දෙන්නේ නැහැ (නි)
ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ දේශපාලකයින්ගේ මන්දගාමී පිළිවෙත නිසා රටේ ආරක්ෂාව තර්ජනයක් වී ඇති බව. ඝාතකයා කීප වරක් නීතියෙන් ගැලවුණු කෙනෙක්.(ම)