පසුගියදා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශාල වෙනසක් සිදුවිය. විශාල වෙනසක් සිදු කළ බව වඩාත් නිවැරදිය. මෙම වෙනස සිදුවුයේ පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළත් යහපාලනය තේමාව ප‍්‍රධාන කොටය. එබැවින් ගිහි පැවිදි ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් යහපාලනය වටා රොක් වුහ.
සමාජ ක‍්‍රියාකාරීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, වෙනත් බොහෝ පිරිස් සමග විදේශ ගත ශ්‍රී ලාංකිකයෝද එම පිරිසට අයත් වුහ. එදා ඔවුන් කළ සටන ජයගෙන සම්පූර්ණ නොවුවද යහපාලන දේශපාලන පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට සමත්වී ඇත්තේය. ඒ සඳහා දායක වූවන්ට එය සතුටට කරුණකි. යහපාලනය උදෙසා දායකවූ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් අතරින් ප‍්‍රථම සටන ඇරඹුනේ පැරීසියේදීය.
පැරීසියේ ජීවත් වන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ඇතුලත් ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ ශාඛා, සමාජ ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නිදහස් මතධාරීන්ගෙන් සමන්විත පැරිස් එකමුතුව නමින් සංවිධාන ගත වූයේය. සාකච්ඡා, සම්මන්ත‍්‍රණ, විරෝධතා ආදි ලෙස විවිධ කටයුතු සංවිධානය කළ ඔවුන් යහපාලන පරිසරය බිහිවන තුරු තර්ජන, ගර්ජන හා අභියෝග ඉදිරියේ සටනට දායක වූහ. එයට පෙරමුණ ගත් පැරිස් එකමුතුව හා ප‍්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා සමග ඔහුගේ ඇරයුමෙන් පසුගියදා සාකච්ඡාවක් පැවැත්විණි.
රණවිරාජා මහතා එහිදී මෙසේ පැවසීය.
‘‘පැරීසියේ දෙමළ සංවිධානයක් විසින් පවත්වා ගෙන යන පාසලක උත්සවයකට මට ඇරයුම් ලැබී තිබෙනවා. මම කැමතියි දෙමළ පාසලේ සිංහලත්, සිංහල පාසලේ දෙමළත් ඉගැන්වීමට පහසුකම් ඇති කරනවා නම්. ඒ සදහා ඔබලා දන්න සුදුස්සෝ සිටී නම් මට කියන්න. ඔවුන්ට ගෙවීමක් වුවත් කරන්න මම කැමතියි. අපි සිංහල භාෂාව වගේම දෙමළ භාෂාවත් ඉගෙන ගත යුතුයි. එය යුගයේ අවශ්‍යතාවයක්. අපි එකම රටක ජීවත් වන එකම ජාතියක්. අපේ අදහස් සංවේදීව හුවමාරු වන්නේ එකිනෙකා අතර භාෂා දැනුමක් තිබුණොත් පමණයි. එබැවින් සිංහල දෙමළ භාෂා දෙකම දැන ගැනීම කාලෝචිතයි. අද දකුණේ මෙන්ම උතුරේ පාසැල් වල ඉහත භාෂා දෙකම උගන්වනවා. ඒ තුළින් ජාතීන් දෙක අතර හොඳ සංහිඳියාවක් ඇති වීමට එය හොඳ රුකුලක් වෙනවා. ලොකු පාරවල් හදලා ලොකු ගොඩනැගිලි හැදුවට ඒ මිනිසුන්ගේ හදවත දිනා ගැනීමට අපි අපොහොසත් වුණෙමු. ආරක්ෂක හමුදාවන් යටතට පත් ඉඩම් වල ගොල්ෆ් පිට්ටනි හදලා මිනිසුන්ගේ හිත දිනා ගන්න බැහැ. මෙතෙක් කලක් සිදු වුනේ එයයි. එබැවින් ජාතීන් අතර එකමුතුකම ඇති කිරීම ගැන මම විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ප‍්‍රංශයේ ආර්ථික ප‍්‍රතිලාභයන්, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, ප‍්‍රංශ තාක්ෂණය ආදි දේවල් ලබා ගැනීම සදහා විශේෂ ක‍්‍රමවේදයන් සකස් කරනවා. ප‍්‍රංශයේ සංචාරක ව්‍යාපාරිකයින් සඳහා ශ්‍රී ලංකාව ගැන විශේෂ ප‍්‍රදර්ශනාත්මක වැඩමුළුවක් පසුගිය සතියේ පැවැත්වුණා. මම පැරීසියේ වැඩ භාර ගෙන තවම මාසයයි. ප‍්‍රංශය යනු ලෝක බලවතුන් අතර මෙන්ම යුරෝපා සංගමයේ ප‍්‍රබලම රටකි. පසුගිය රාජ්‍ය පාලනයේ පැවැති වැරදි නිසා යුරෝපය සමග අපේ සබඳකම් වල ඉරි තැලීමක් සිදුවුණා. ඒ නිසා අපට බොහෝ දේ අහිමි වුණා. ඒවා ලබා ගැනීම ප‍්‍රථම කටයුත්තයි.
අද ශ්‍රී ලංකාවේ පවතින පාලන තත්වය ගැන ප‍්‍රංශයට හොද අවබෝධයක් මෙන්ම පිළිගැනීමකුත් තිබෙනවා. ප‍්‍රංශ ජනාධිපති අක්ත පත‍්‍ර භාර ගත් දිනයේදි එය මට අවබෝධ කර ගැනීමට හැකි වුනා. අපේ ජනාධිපතිගේ සරල නිහතමානීකම ගැන ඔවුන් කථා කළා. ප‍්‍රංශ ජනාධිපති තුමාත් ඉතාමත් සරල කෙනෙක්නේ. එන මාසයේ යෙදී ඇති ජනාධිපතිගේ ප‍්‍රංශ සංචාරයේදි යුරෝපයෙන් නොලැබුණු බොහෝ දේවල් ලබා ගැනීමට හැකිවේවි. දැන් අපි සියලූ දෙනාගේම හිත දිනා ගැනීමට කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා සුදුසු දේශපාලන පරිසරයක් අද ශ්‍රී ලංකාව තුළ බිහිවී තිබෙනවා. ලබා ගත් එම පරිසරය රැක ගැනීමට සියලූ දෙනාම එකතුවීම යුගයේ අවශ්‍යතාවයක් බව පැහැදිලිව අවබෝධ කර ගන්න.‘‘
පැරිස් එකමුතුව විසින් සුදානම් කළ යෝජනා මාලාවක් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා විසින් තානාපතිට පිළිගැන්වීය. ශ්‍රී ලංකා රියදුරු බලපත‍්‍ර හිමියන්ට ප‍්‍රංශ රියදුරු බලපත‍්‍රය ලබා ගැනීම, ගුවන්ගමන් බලපත් නිකුත් කිරීම, විදේශයන්හී උපදින ශ්‍රී ලාංකික දරුවන්ගේ උප්පැන්න ලියාපදිංචි කිරීම ආදි කරුණු ගැන තානාපති කාර්යාලයේ පවතින පරිපාලන ව්‍යාකූලත්වය, ගුවන් ප‍්‍රවේශපත් සාධාරණ මිලකට ලබා ගැනීම, පැරීසියේ ශ්‍රී ලාංකිකයකු විසින් වර්ෂ 2009 දී රණ විරුවන්ගේ සුබ සාධනය සඳහා පරිත්‍යාග කළ අකුරැස්ස ප‍්‍රදේශයේ අක්කර එක හාමාරක ඉඩමේ වර්තමාන ඛේදවාචකය, ප‍්‍රධාන කොට වෙනත් කරුණු තානාපතිට භාර දුන් යෝජනා මාලාවට ඇතුළත්ය.
පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති නාලක දේවේන්ද්‍ර වෙනුවෙන් එහි භාණ්ඩාගාරික රෙක්ස් හෙට්ටිආරච්චි, එජාප යුරෝපා සංවිධානයේ පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර, දෙමළ සංවිධාන වෙනුවෙන් සරවනා සුබ‍්‍රමනියම්, ජාතික හෙළ උරුමයේ සභාපති සුනිල් හෙට්ටිආරච්චි වෙනුවෙන් එහි භාන්ඩාගාරික සුදත් පීරිස්, ශ්‍රීලනීප ජාත්‍යයන්තර පැරිස් ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස් වෙනුවෙන් එහි සංවිධායක ලාල් පීරිස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ පැරිස් ශාඛාවේ සභාපති නිහාල් මැණික්බෝව, අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ සභාපති ජසින්තා බණ්ඩාර, සන්රයිස් සංචාරක ආයතනයේ ඒන්ස්ලි ප‍්‍රනාන්දු, ජයන්ත චන්ද්‍ර කුමාර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් ඉහත සාකච්ඡාවට එක්වූහ.
අනතුරුව පැරීසියේ සිට තනාපති තිලක් රණවිරාජා මහතා සමඟ පවත්වන ප‍්‍රථම සිංහල පුවත්පත් සාකච්ඡාවට සහාභාගි වුයේය.
ප‍්‍රශ්නය
විදේශ සේවයට පැමිණෙන තානාපතිවරයෙකුගේ ප‍්‍රධාන රාජකාරිය කුමක්ද?
පිළිතුර
තානාපතිවරයකු කටයුතු කරන්නේ ජාත්‍යන්තර පද්ධතිය තුළයි . ජාත්‍යයන්තර පද්ධතිය යනු රාජ්‍යයන් අතර සම්බන්ධතා ජාලාවයි. තානාපති කරන්නේ තමන්ගේ රාජ්‍යය සෙසු රාජ්‍යය තුළ නියෝජනය කිරීමයි. එතැනදී මා අදහස් කරන්නේ ශ්‍රී ලංකා රජ්‍යය හා ප‍්‍රංශ රාජ්‍යය අතර ඇති නිල සම්බන්ධතා වගා කිරීම රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම, රටට අවශ්‍යය ආර්ථික ප‍්‍රතිලාභයන්, තාක්ෂණය ආදිය අපේ රටට ලබා ගැනීම, ප‍්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් සමග සහායෝගයෙන් කටයුතු කිරීම, ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම ආදිය මගේ තනතුරේ ප‍්‍රධාන කොටස ලෙස මම සලකනවා.
ප‍්‍රශ්නය
ශ්‍රී ලංකාවේත්, විදේශයෙත්, විදේශයන් හී උසස් රාජ්‍ය ආයතන වල ඉහල නිලතළ දැරූ ඔබතුමා අවංක දක්ෂ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් ලෙස ප‍්‍රසිද්ධයි. ප‍්‍රංශයේ තානාපති තනතුර ගැන ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර
මම බලාපොරොත්තු නොවූ තනතුරක්. නමුත් ඉතාමත් සන්තෝෂයි. වොෂින්ටන්, ජපානය වගේ රටවල මීට පෙර මම වැඩ කරලා තිබෙනවා. ප‍්‍රංශය ඉතා වැදගත් රටක්. එම නිසා මම තනතුර භාර ගත්තා. ප‍්‍රංශය කියන්නේ යුරෝපා හවුලේ ප‍්‍රබලම රටක්. අපිට අභියෝග දෙකක් තිබෙනවා. අපිට තිබුණු නිමි ඇදුම් හා මත්ස්‍ය සදහා යුරෝපා වෙළඳ පොළ අපට අහිමි වෙලා. මේවා ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කළ යුතුයි. එයට සුදුසු තැනක් ප‍්‍රංශය. මගේ රටට වැඩදායක යමක් කළ හැකි නම් මම ඒ දේ සඳහා කැපවීමෙන් සේවය කරනවා.
ප‍්‍රශ්නය
ප‍්‍රංශය යනු අන්ත බෙදුම්වාදී දෙමළ කණ්ඩායම් නියෝජනය වන එක් රටකි. ඔවුන් සුක්ෂම අයුරින් ශ්‍රී ලංකාව අපහසුතාවයට පත් කරමින් ප‍්‍රංශ රජයේ බලධාරීන් නොමඟ යැවීමට කටයුතු කර තිබෙනවා. අදත් එසේමය. මේ සම්බන්ධව ඔබගේ අවධානය කෙසේද?
පිළිතුර
ඔය සම්බන්ධව මුල ඉදලම අපි වැඩ කටයුතු කරලා තිබෙනවා. නමුත් ඉස්සරට වඩා දැන් තත්වය ගොඩක් වෙනස්. පෙර පැවැති ප‍්‍රංශ අප‍්‍රසාදය දැන් තුරන් වෙලා. අපේ රට ගැන ප‍්‍රංශයේ ආකල්පයන් වල යම් වෙනසක් සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන පරිපාලනය ගැන පැහැදීමකින් සිටිනවා. මොකද? මම අක්තපත‍්‍ර භාරගත් දිනයේදි ප‍්‍රංශ ජනාධිපතිතුමා හා විදේශ ඇමැති සමග කථා බස් කළා. එයින් මම අවබෝධ කර ගත්තා ඔවුන් අප ගැන ප‍්‍රසාදයෙන් සිටින බව. මම ඉස්සර වෙලා සදහන් කළ නිමි ඇදුම් හා මත්ස්‍ය වෙළඳපොල ගැන කථා කළා. ඉන්පසු විදේශ අමාත්‍යාංශය සමග රැස්වීම් තුනක් තිබ්බා . ඒ අනුව අපට අහිමිවූ යුරෝපයේ වෙළඳපොල ඉදිරියේදි ලබාදීමේ ප‍්‍රවණතාවයක ප‍්‍රංශය ඉන්නවා. අපි ජනාධිපති ගැන පැහැදීමකින් ඉන්නවා. එතුමා, අගමැති තුමා, විදේශ ඇමතිතුමා බුද්ධිමත් ලෙස විදේශ කටයුතු කළමනාකරණය කරනවා. අපි එක පැත්තකට බර නොවී සියලූ දෙනා සමග මිත‍්‍රශීලීව කටයුතු කළයුතු වෙනවා. අපේ ජනාධිපති, අගමැති හා විදේශ ඇමැති ඒ කටයුතු සුදුසු ලෙස ඉටු කරමින් ඉන්නවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රිය දුරු බලපත්‍රය පැරිස් රියදුරු බලපත් මාරු කරන්න යෝජනව අවුරුදු 6 කට වැඩියි නේද .??? (බ)
ඔය රියදුරු බලපත්‍රය මේ තනාපති තුමා කාලය තුල හරියයිද ? (බ)
සම්පත් මල්ලි අජිත් ගෙන් උපදෙස් අරගෙන අායෙමත් සංගමය ගොඩ දාගන්න (බ)
හරි විදියට කල්පනා කරලා බැලුවොත් අජිත් මහතා විතරයි සිංහල සංගමයේ රටට වැඩදායක දෙයක් කළේ .අනෙක් අය කලේ කැන්ටින්වල රොටි ,කට්ලස් ,රෝල්ස් විකුනපු එක .අදට කරන්නේත් ඒකමයි .ඉතින් ඕවා කන්න සංගම් ගානේ ඇවිදින්න යන්නේ කවුද ? (බ)
රන්ජිත් අය්යා ඔය පරණ කතා වලින් දැන් වැඩක් නැහැ දැන් ඔයාගේ සංවිධානයේ තත්වය කොහොමද ? (ර)
මොන මොන ලොකු කතා කිව්වත් ලංකාවේ අපිට වෙන රටකට යන්න තරම් සහන නැහැනේ. (නි)
මේ කට්ටිය ගිය ආණ්ඩුව කාලේ පැරිස්වල කොහෙද හිටියේ දැන් මාර පොරවල් ටිකක් වෙලානේ (බ)
සම්පත් මල්ලි, සංගමය ගොඩ දාන එක නම් හොඳයි.අපිට තියෙන්නේ ඕක විතරනේ. (නි)
සම්පත් පැරිස්, ඔයා ඔය කියන්නේ කොහේද? අපොයි! ඔය ගැන තව මොන කතාද? (නි)
සම්පත් පැරිස් මල්ලි, ඒ ගැන මතක්වෙනකොට දුකයි (නි)
සම්පත්, දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මෙතැන ඉන්න පිරිස හැම දාම හිටියේ රට සමගයි. (ර)
සම්පත්, ඔයාවත් අරගෙන කරන්නකෝ බලන්න (නි)
රජය සමග හිටිය අයටනම් අතමිට සරු සාරයි එය දන්නෝ දනිති (බ)
සම්පත්, ඔයා ඔය කියන්නේ මොන සංවිධානයද? (නි)
ජිනීව යන්න බස් ගන්න සල්ලි ලංකාවෙන් අාව හැටි සල්ලි වලට වුනුදේ අප දනිමු අපි ඕවට. නෑ.නෑ .නෑ (බ)
මේ පුවතට ලැබී ඇති ප්‍රතිචාර ප්‍රමාණය ගැන සතුටුයි (නි)
අනේ සම්පත්, වහපු කඩේ වහලම දාන්න (නි)
හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)
ඉතා සාර්ථක ලිපියක් (නි)
පිටිගල මිලානෝ,අනේ ඔයා දන්නා පැරිසිය! (නි)
දේශපාලනයේ වම දකුණ නොදත් සමහරුන් ලියන අදහස් ගැන දුකයි (නි)
ප්රංශය කොහොමත් දැන් අපි එක්‍ක සුහදයි. මොකද,දැන් අපේ රටේ තියෙන්‍නෙ ඇමරිකන් ආණ්ඩුවක්‍නෙ!! (බ)
මෙතැන පැමිණ සිටින වැඩි දෙනෙක් කළු සුද්දෝ (බ)
ඔයාලට ජයවේවා! පක්ෂ පාට බේදයකින් තොරව කටයුතු කළොත් නරකද? (නි)
සුදු වෑන් නැති නිසා දැන් බය නැතිව ලියනවා (බ)
හොඳ ලිපියක් (නි)
අපේ පැරිස් සිංහයෝ ටිකට ජයවේවා! (නි)
පැරිසියේ තමයි එඩිතර නියම ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ජයවේවා! (නි)
ඉතාලියේ අය ඉන්නේ හරි සමගියෙන් බව අපි දකිනවා ඔය පත්තර වලින් එහෙම හැමදාම මරා ගානවා හොර කම් කරනවා .වැඩ කරන ගෙදර දේවලුත් හොර කම් කරනවා .අපි නොදන්නා ඉතාලිය (බ)
පිටිගල ඇයි දොඩන්ගොඩ දැන් පැරිස් ශ්‍රී ලංකා ඇම්බසියේ නැද්ද ??? (බ)
සම්පත් මල්ලි ඔය සංගමයේ ගොඩ දාන්න දෙයක් නෑ. (ර)
මෙන්න රට බේරාගත් පැරිස් විරුවෝ! ඉතාම සතුටුයි අපිට (නි)
කට්ටිය ජයටම තම තමන්ගේ රෙදි හෝදාගන්නවා වගෙයි. නියමයි. ජය වේවා! (නි)
බොහොම හොඳ ලිපියක් මේක (නි)
දයාට නම් ටිකක් ඊර්ෂ්‍යා හිතිලා වගෙයි (නි)
නිමල් මොනවද මේ කියන්නේ? (නි)
අපි අපි අතර කිසිම සමගියක් නැති බව අදහස් වලින්ම ඔප්පුකර තිබෙනවා. (නි)
සරත් ඉස්සර නම් දොඩන්ගොඩට උඩින් පැරිස් ශ්‍රී ලංකා ඇමිබසියේ මැස්සෙක්වත් ගියේ නැ නේද ..??? (බ)
පිටිගල අලුත් තානාපතිතුමා එන්න කලින් පැරිස් ශ්‍රී ලංකා ඇමිබ්සියේ රජා තමයි දොඩන්ගොඩ ..(බ)
පීරිස් මහත්තයෝ මේ අය ගිය ආණ්ඩුව කාලෙත් මේ ආණ්ඩුව කාලෙත් පැරීසියේම තමයි හිටියෙත්, ඉන්නෙත්. (ර)
ප්‍රනාන්දුලා වගේ අය ගැන හරිම දුකයි (නි)
පිටිගල මිලානෝ යන්නේ කොහේද ? ඉන්නේ කොහේද ? කියලා දන්නේ නැති කෙනෙක් වෙලා. (ර)
ඉහත මහාචාර්යතුමා කියූ පරිදි පැරිසියේ සිංහලුන් ගැන දන්නේ පැරිසියේ වසන අයයි. (නි)
ඉතා අගනා වැදගත් හමුවක්. ලිපියත් ඊට නොදෙවෙනිය. රට වෙනුවෙන් කැපවෙන ඔබට තුති ..!!! (නි)
2017 වෙන කොට අකුලාගෙන යන්න බලන් ඉන්න ... ඔන්න මම අද කිව්වා කියල ලියල තියා ගන්න කෝ. (ස)
රට ජාතිය වෙනුවෙන් අවංකව වැඩ කරන අයට පැරිසියේ සමහර අය අකුල් හෙළනවා. (ර)
ගොඩක් දේවල් දැනගත්තා මේ ලිපියෙන් (නි)
ඇත්තෙන්ම අගය කළයුතු ලිපියක් (නි)
ලිපිය නම් පංකාදුයි (නි)
ඩේමියන් මහතානනි ඔබ තුමා කවදත් නොබියව ඇත්ත පවසන මිනිසුන් අතර මිනිසෙක් ඔබ තුමාට ජයවේවා.! (ර)
නන්ද පැරිසිය .ඔයා හරියටම හරි මම එකගයි (බ)
පැරිසියේ දෙබරෙට ගල් ගසා ඇත අලුත් තානාපති තුමකු පැමිනි ව්ගස අතීතයේත් ඔහොම තමයි. (ර)
ඔබ සංගමය විසින් ලංකා තානාපති තුමන් වෙත භාර දුන් ලිපියේ පිටපතක් අප සැමට ලැබෙන්නට සැලැස්වීම ගැන ස්තුතිවන්ත වෙමි. එහි සඳහන් එක් කරුණක් ගැන මම ඔබට මෙසේ යෝජනා කරන්නට සිතුවෙමි. ලබා දුන් එම ඉඩම යලි සංගමය මගින් හෝ පවුලේ අයකු විසින් නැවත ලබා ගතහැකි නම් මම එහි නිවාස දෙකක් අබාධිත රනවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් සාදා දීමට කැමැත්තෙමි. එවිට අපට ඒවා අප විසින් ඍජුවම ඔවුනට ලබාදිය හැකිය. (ර)
දොඩංගොඩ , මම නම් ඉන්න තැනත් දන්නවා. යන තැනත් දන්නවා. ඔයා තමයි කරකවලා අතහැරියා වගේ ඉන්නේ. (ර)
පැරිසියේ සිහලුන් ගැන ඇත්ත දන්නේ , පැරිස් වාසය කරන අය , මෙවෙනි තැන් පැන පැන පින්තුර වලට සිට පුවත් පත් වල පලකරවා සතුටක් ලැබිමත් ඔවුන්ට වාසනාවක් (බ)
ඔය කවුරු දෙඩුවත් ඔය මිනිස්සු ටික තමයි මෛත්‍රී දිනවන්න පැරීසියේ හඬ නැගුවේ .අනෙක් අය වැට ලගට ඇවිත් බලන් හිටියා .අපිත් ඕවට ගියානේ .අපිට කවුරු වුනත් කමක් නැහැ .යහපාලන ක්‍රමයට වැඩ ටික කරනවා නම්. වැරදිලාවත් රජ්ජුරුවෝ අාවා නම් පොටෝ එකේ ඉන්න කට්ටිය ලංකාවට ගහිල්ලා සුම්මා .පුෂ්පසිරි එඩිතරව ඉදිරියට අවා (බ)
තානාපතිතුමණි පැරිස් වට පිටාව බිහිසුණුයි අතීතයේත් මේලෙස කල්පනාකාරිව බුද්ධිය මෙහෙය විය යුතු කල එළඹ ඇත..!! (බ)
රන්දික මතක නැද්ද ? හිටපු තානාතිපති තුමා සියලුම ජාතීන් එකතු කරලා කුඩයක් හදන්න හැදුවා. සභාපති කෙනෙක් තෝරන්න රැස්වීම් තුනක් තිබ්බා .එත් බැරිවුණා කෙනෙක් තොර ගන්න. අපේ අය ගැන තවත් මොන කතාද ? (ර)
සුසිල් කියන්නකෝ අනේ අර. තානපති තුමන් ලාට රාජකාරී උග න්වන පැරිස් පිරිස දැ න් කෝ ..??? (බ)
පිටිගල මිලානෝ, අනිත් අය කරන දේවලට අඩු පාඩු හොයන එකමයි හැමදාම කලේ. ඔයත් අනිත් අය වගේ මොනවා හරි වැඩක් කරන්නකෝ. (ර)
යහම්පත්, ඔබගේ කතාව නරි මිදී තිත්ත කී කතා වැනිද ? (ර)
මේක ඉතා හොද කටයුත්තක් මෙම පිරිසට ගොඩක් පින් ..(බ)
රන්ජිත් අතීතය මතක් කලාට ස්තුතියි. මමත් ගියානේ ඔය රැස්වීම් වලට. ඒවා රැස්වීම් නොවෙයි කලබැගෑනි .කට්ටියක් ඇවිත් පිස්සු නැටුවේ. සිංහල කමටත් ලැජ්ජයි. ඉන් පස්සේ ඔවුන් ඉන්න කිසි දෙයකට නොයන්න මම තීරණය කලා. (ස)
රන්ජිත් පැරිස්, මතකයි .මතකයි කුඩේ හිල් වෙලා පිරිස නාපු හැටි. (ර)
රන්ජිත් පැරිස් මතකයි නේ එදා ලේකම් පන්නන්න මැර පිරිසක් එම්බසියට කඩා වැදුණු හැටි (බ)
යහම්පත්, කලබල නොවනු මෙම පින්තුරයේ ඉන්න අය සුදුස්සෝ ඉතින් ඔබ, අපි මක් කරන්නද ? (ර)
කොටි ලංකාවේ බල අරගලය සඳහා ත්‍රස්තවාදී වැඩ කරන කාලයේ ප්‍රංශයේ හිටිය එකම එක ශ්‍රී ලංකික තානාපති තුමියක් අපේ රට වෙනුවෙන් අති ප්‍රභල මෙහෙවරක් ඉටුකලා.එතුමිය තමයි චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය.එවැනි වැදගත් උගත් බුද්දිමත් නිහතමානි තානාපති වරුන් තමයි අපිට අවශ්‍යය. (ස)
යහම්පත් .ඔබ එතන නොහිටියට ඒ මිනිසුන් මක් කරන්නද ? (අ)
ඔව් එක තමයි ලේ ඉතාලියේ අයටනේ මාර අමාරුවක් තියෙන්නේ පැරිසිය ගැන.ඒවා අපි බලාගන්නම් අර ලංකාවේ ගායකයෙක් එනවා (බාචි සුසාන්)කීවාමත් පැරිසියේ ඉන්න අයට අමරදේව නන්දා සුනිල් අගුනද කියල අහල තිබුනා .සංවිධායකයනට ඕනි අය ගෙනාපුවාවේ ඉතාලියේ අයට තියෙන අමාරුව මොකක්ද අනේ (බ)
අද පැරිස් සංවිධාන බොහොමයක් විනාශ වී අවසන් (නි)
යහම්පත් .ඉක්මනට පෙත්ත ගන්න . (අ)
එකනේ අපි ඕවට දැන් යන්නේ නැත්තේ .ඉස්සර පැදුරු පාටි ඩිනර් කොච්චරක් කියලා දුන්නද .හැම වීක් එන්ඩ් එකකම මගේ වැඩේ කුස්සියට වෙලා උයන එක .එ්ත් කෙලෙහිගුණේ දන්නේ නැහැ .දැන් සුර්යා උදාවෙන තුරු බලාගෙන ඉන්නවා (බ)
යහම්පත් .ඕක දරුණු අසනීපයක් ඉක්මනට බෙහෙත් ගන්න .(අ)
යහම්පත්ට වැඩියි වාගේ දෙහි ටිකක් බොන්න . (අ)
යහම්පත්ට .පිස්සු හැදිල වගේ බලාගෙන (බ)
මේගොල්ලන් තනියෙම ගිහිල්ල අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරලා නැහැනේ (අ)
අපේ රට සංවර්ධනය කරන්න සහයෝගය ඕන නේද? (ර)
ලොකු හාමුදුරුවන්ට මේ අය ආරාධනා කර නෑනේ. (අ)
සිංහල සංගමය ලස්සනටම කොරපු කෙනා අජිත් රණසිංහ පමණි . (අ)
හාමුදුරුවන්ට කියන්න තිබුණා ;නමුත් කවුද?ලොකු කවුද?පොඩි කියල හොයා ගන්න බැහැ (බ)
තලගල .. හාමුදුරුව න්ට පමණක් නොව. පියතුමා .පුසාරි තුමා. ලෙබ්බේ තුමාටත් ඇරයුම් කළානම් ඉදිරියේදී ඉතා හොදයි (බ)
ගම් (ල විලාජ්) කීපයකින් සැදුනු පැරිසියේ වැසියෙක්ව මුළු මහත් ප්‍රංශ වැසියන්ම සලකන්නේ මහත් අභිමානයෙනි. ඊට අදාළ ඉතිහාස කතා මම මෙහි ගෙනහැර පාන්නේ නැහැ. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙත් පැරිසියේ පෙරිෆෙරික් වටරවුම් පාරටත් හුවක් එහා ඉඳගෙන අපි පැරිස් වැසියෝ කියාගන්න එන එකයි. (ර)
සුදත්, ඔයා හරි. (නි)
චන්ද්‍ර ..පැරිස් වල පන්සල් 4 ඇත. කොයි පන්සලද .? (බ)
අවුරුදු 25 කට පසු පැරීසියේ සිංහල දෙමළ මිනිස්සු එකතු කරල අවුරුදු උත්සවයක් කළේ .අජිත් හිටපු කාලේ .අද තියෙන්නේ කෝලම්නේ (බ)
ප්රංශයේ සිංහලයෝ එළිපිට මෙසේ කා ගනිද්ද්දී මට මතකයට නැගෙන්නේ, මුලින්ම මේ අය සරණාගතයින් ලෙස පැරිසියට පැමිණෙද්දී ඔවුන්ට අහාර පාන තම වියදමින් දී, ඉඳුම් හිටුම්, නීති කටයුතුවලට උදව් කළ පැරිසියේ ශාක්‍ය ජයවර්ධන මහතා හෙවත් ශාක්‍ය අයියාය. ලංකාවේ ප්‍රසිද්ධ පවුලකින් පැවතෙන මොහු මේ කුකුල් පොර වලින් ඈත්ව නිහඬ මෙහෙවරක යෙදෙනවා යයි මා සිතනවා. (අ)
සිල්වා අයියා මතකයි සිද්ධිය. මගේ සභාපති තනතුරෙත් වැඩ කරන්නේ බොහෝම අමාරුවෙන්. ඒක නිසා මම තනතුරු බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් පත්වෙන කෙනෙකුට උදවු කරන්න මම කැමැත්තෙන් හිටියේ. (ර)
ප්රංශයේ ලාංකිකයෝ ලංකාදීප එසැනෙන්ම මහා ප්‍රචාරයක් දීගෙන වැඩ කටයුතු ආරම්භ කළත් ඒවාත් හරියට අර ලංකාවේ මුල්ගල් තියනවා වගේ කයිවාරුව විතරයි. මට පෙනෙන විධියට මීට හේතුව ප්‍රංශයේ සිංහලයන් අතර එකමුතු කමක් නැතිවීමයි.එකම දෙයකට සමිති දහයක් විතර පිහිටවා ගන්නවා. ඉන්පසු ඒ අය ගහ මරා ගන්නවා. (බ)
ඉන්නේ ප්‍රංශේ මේ ඉස්කෝල වල දරුවෝ ඉපදුනෙත් ප්‍රංශේ. ප්‍රංස පුරවැසියෝ. මෙහෙ ඉන්න බැහැයි කියලයි ගියේ.දැන් එහෙ ගිහින් සිංහලයි දෙමලයි උගන්නන්න තානාපතිතුමා කාලේ මිඩංගු කරනවා.එකේ තේරුමක් තියනවද.ප්‍රංශ ඉංග්‍රීසි ජර්මන් වගේ දෙයක් ඉගන ගන්න. (බ)
තලගල මල්ලි, එදා තිබුනේ රැස්වීමක් මිස.... (ර)
සිංහල සංගමය රංජිත් 1වන වසර ඉතා හොදට කළා (බ)
සම්පත් මල්ලි ඔයාවත් ඔය සංගමය අරගෙන ගොඩ දාන්න බැරිද? (ර)
පැරිස් ශ්‍රී ලාංකික ජනයාට ජයවේවා! (නි)
ශ්රී ලාංකිකයෝ කවදත් දක්ෂයි (නි)
ශ්රී ලංකාවට ජයෙන් ජය ..!! (නි)
රංජිත් ඔයාලා විතරක් නෙමේ ඔක්කොම හිටියේ කැමැත්තෙන්. (ර)
ඉතා හොඳ හොඳම හොඳ වැඩක් ..!! (නි)
ප්රංශයේ ඉන්න අය විතරක් කතා කරන්න. (ර)
ඔය ඉන්න කට්ටියව අපිත් අපේ ලෙබ්බේ තුමාත් හොඳට දන්නවා. මේ අයට ලෙබ්බේ තුමාව, පියතුමා, බුද්ධ හිමිවරු මතක් වෙන්නේ මේ වෙලාවාවල් වලදී පමණයි. ඒ නිසා අපේ ලෙබ්බේ තුමාව මේවට ගාවා ගන්නේ නැතුව ඔය ගොල්ලෝ ඕනෑම දෙයක් ඔය විධියටම කරගන්න. (බ)
පිටිගල, මාව හමු වෙන්නකෝ... (ර)
පිටිගල මිලානෝ මහතාව මම පෞගලිකව නොදනිමි , නමුත් ඔහු කියා තිබෙන දෙය සම්පුර්ණ ඇත්තකි , ශාක්‍ය ජයවර්ධන සහ ලමාස්ක් චන්ද්‍රා 1970 දශකයේ ප්‍රංශයට පැමිණ ඇත (බ)
යහම්පත් කියනා දෙයද ඇත්තකි , එහෙත් බහුතරයට රිදී ඇත , ඔවුන් පැරිසියට මෑතක පැමිණ අතීතය නොදත් අය වන්නට පුළුවන (බ)
මේ වැඩේට අපේ උපරිම සහය (නි)
හොඳ වැඩවලට අපෙනුත් සහය! (නි)