ප‍්‍රංශයේ ලූවී රජ පවුලේ වැඩ වසම් ක්‍රමය මග හැර සාමාන්‍ය ජනතාව අතට බලය ලබා ගැනීම සඳහා සිදුකළ ප‍්‍රංශ විප්ලවයේ ජයග‍්‍රාහී දිනය ලෙස සැලකෙන්නේ 1789 ජුලි 14 වෙනිදාය. ප‍්‍රංශයේ ජාතික දිනය ලෙස සැලකෙන එදින ජාතික නිවාඩු දිනයක්ද වන්නේය. එම දිනයට හිමි ඵෙතිහාසික වටිනාකම නිසාම ලෝකයේ ලස්සනම මාවත ලෙස සලකන පැරීසියේ පිහිටා ඇති මීටර් 1910ක් දිගැති ඇවනිව් ෂොම් සෙලිශේ මාවතේදි ප‍්‍රංශ රජය ජූලි 14 වෙනිදා මහ ඉහළින් සමරයි.
එදිනට ත‍්‍රිවිධ හමුදා, විද්‍යා පීඨ, ආරක්ෂක අංශ, පොලීසිය, ගිනි නිවන හමුදා, ආගන්තුක විදේශ හමුදා ඛාන්ඩ වල අලංකාර ආචාර පෙළපාළි වලින් ඉහත මාවත වර්ණවත්වේ. මාවත දෙපස මහා ජන ගඟක් පෙළපාලි නරඹති. මීටරයෙන් මීටරයට ආරක්ෂක භටයෝය. මාවතේ අහස් කුස විවිධ ගුවන් යානා හා ගුවන් කරනම් වලින් ගිඟුම් දෙන්නේය. මාවතේ එක් කෙළවරක් අයත් කොන්කෝඞ් චතුරශ‍්‍රයේ ඉදිකර ඇති ප‍්‍රභූ මන්දිරයේ සිය ගණනක් පමණ ජනයාය. ජනාධිපතිගේ සිට මැති ඇමති, තානාපති, රාජ්‍ය නිලධාරීන්ගෙන් පිරී ඉතිරී ඉදිරියෙන් ගමන් කරන පෙළපාළි පිළිගන්නට ඔවුහු එහි එති. ඉක්බිතිව ජාතික ගීයෙන් පසු උත්සවය අවසන්වේ. අනතුරුව දහවල් 01ට විකාශනය වන ජාතික රූපවාහිනියේ සජීවි ප‍්‍රධාන පුවත් ප‍්‍රකාශනය ජනාධිපති මැදුරේ සිට ජනාධිපති සහභාගිත්වයෙන් ආරම්භවේ. මාධ්‍යවේදීයෝ විවිධ මාතෘකා ඇසුරෙන් ජනාධිපති ගෙන් ප‍්‍රශ්න අසති. ජනාධිපති පිළිතුරු සපයයි. ඉන්පසු ඔහු ජාතිය ඇමතීමෙන් පසු රාජ්‍ය උත්සවය අවසන් වන්නේය.
ඉහත සඳහන් වුයේ මෙම දිනය සමරණ ක‍්‍රියා පරිපාටියේ සාරාංශයයි. 2016 ජූලි 14 වෙනිදාද කිසිම කළබලයකින් තොරව ඉහත රාජ්‍ය උත්සවය පැවැත්විණි.
ප‍්‍රංශයට දැඩි ත‍්‍රස්තවාදි අභියෝගයක් තිබෙනවා. එහි තත්වය හා එය සමනය කිරීමට ඔබ තුමාගේ වැඩ පිළිවෙළ පැහැදිලි කරන්නේ කෙසේද?
මාධ්‍යවේදියෙක් මෙවර 14 වෙනිදා සජීවි පුවත් විකාශනයේදි ප‍්‍රශ්න කළේය.
ප‍්‍රංශයට ඇති ත‍්‍රස්තවාදි අභියෝගය බිංදුවට බැස නැහැ. ඉස්ලාම් අන්තවාදි ඬේඒස් කණ්ඩායම අපේ ප‍්‍රධාන හතුරායි. අපි ඔවුන්ට නියම පාඩම උගන්වනවා. යුරෝපා පාපන්දු කුසලානය ආරක්ෂා සහිතව අවසන් වුනා. ප‍්‍රංශ සයිකල් සවාරිය ආරක්ෂාකාරී ලෙස ඉදිරියට ඇදෙනවා. අපිට අභියෝග තිබූ උත්සව නවත්වලා නැහැ. අපි සාමාන්‍ය ලෙස ජීවත් වෙනවා. ජනතාවත් නොබියව ජීවත් වෙන්න. මේ ප‍්‍රංශයයි. අපි ප‍්‍රංශ ජාතිකයෝයි. සියලූ දෙනාම එකතු වී ත‍්‍රස්තවාදය පරාජය කරමු.
යනුවෙන් ජනාධිපති කීවේය.
ජූලි 14 වෙනිදා රාත‍්‍රියේද උදේ වරුව මෙන් පෙළපාළි නොමැතිව සංගීත සැඳෑ, මල්වෙඩි වරුසා සමඟ සැණකෙළි පවත්වති. එදින රාත‍්‍රිය ප‍්‍රංශය වසා ගත් අහස් කුස විවිධ වර්ණ මල් වෙඩි වලින් ආලෝකවත්වේ. ඒවා නැරඹීමට මහා පිරිසක් එක් රොක් වෙති. පැරීසියේ අයිෆල් කුලුන පරිශ‍්‍රය ඉන් ප‍්‍රධානවේ. ප‍්‍රධාන නගර ශාලා, උද්‍යාන, ක‍්‍රීඩා භූමි, මුහුදු වෙරළ ආදි ස්ථාන වල විශාල ජනතාවක් මල්වෙඩි වරුසා වලට එක්වෙති. අනතුරුව මධ්‍යම රාත‍්‍රියෙන් පසු රට වැසියෝ නිවෙස් කරා පිය නඟති. විදේශිකයෝ හෝටල් බලා ගමන් කරති. ජූලි 14 වෙනිදා රාත‍්‍රිය අවසන් වන්නේ එසේය.
පැරීසියේ සිට කි:මී: 940ක් පමණ දකුණු දිග ප‍්‍රංශයේ මධ්‍යධරණී මුහුදට මායිම්ව
පිහිටි නීස් ධනවතුන් ජීවත් වන නගරයක් ලෙස ප‍්‍රසිද්ධය. ප‍්‍රංශයේ ප‍්‍රධාන නගර අතර වැඩිම සිසිටීවි කැමරා සවිකර ඇති නගරය වන්නේද නීස් නගරයයි. මෙම නගර සභාව ධනවත් නගර සභාවක් ලෙස දක්ෂිණාංශික නගරාධිපති වරයකු යටතේ පාලනය වේ. ප‍්‍රංශයේ සරත් සෘතුවට නීස් නගරය විදේශිකයන්ගේ රජ දහනකි. සුන්දර මුහුදු වෙරළ, 16 වැනි සියවසේ ගෘහ නිර්මාණ සහිත ගොඩනැගිලි සමඟ නිසල පරිසරයක් ඇති නීස් නගරය කාගෙත් සිත් ඇඳබැඳ තබා ගන්නා සිහිවටනයකි. එබැවින් බොහෝ සංචාරකයෝ නීස් නගරයට ඇදෙති. මෙවරද සුපුරුදු ලෙස නීස් නගරය අද්දර මුහුදු වෙරළේ මල් වෙඩි සංදර්ශන ඇරැඹිණි. වෙරළට සමාන්තරව ඉංග‍්‍රීසි ඇවිදින මංතීරුව ලෙස නම් කර ඇති මාවතේ 30000ක් පමන ජනතාවක් මුහුදු වෙරළ දෙසින් විහිදෙන මල් වෙඩි නරඹමින් සිටියහ.
රාත‍්‍රී 10ට ආරම්භ වූ මල් වෙඩි 10.40 වන විට අවසන් වෙමින් තිබුණේය. රාත‍්‍රී 10.45 ට අධිශීතකරණ සහිත ටොන් 19ක් බරැති ලොරියක් එක් වරම ඉහත මාවතේ රැස්ව සිටි පිරිස යට කරමින් ඉතා අධික වේගයෙන් ධාවනය වීමට පටන් ගත්තේය. ලොරිය වට කොට ලූහුබඳින ආරක්ෂක භටයෝ එය නැවැත්වීමට උත්සහා ගත් අතර ලොරියේ රියදුරා ඔහු වටා සිටි පොලිස් භටයන් තිදෙනෙකුට වෙඩි තබමින් ඉදිරියට ගමන් කළද ආරක්ෂක භටයන් ගෙන් එල්ලවූ වෙඩි වරුසාවෙන් අඩපණ වූ ලොරිය මහ පාර මැද නැවතුන අතර 22.50 ට එහි රියදුරාද වෙඩි පහරින් මරුමුවට පත් වුයේය. ඔහු නිසල කිරීමට වෙඩි උණ්ඩ 27ක් පාවිච්චි කොට තිබුනේය. ඒ වනවිට කිලෝ මීටර් 2ක් පමණ ලොරිය ගමන් කර තිබූ අතර මහ පාර පුරාවට විසිරුනු මල කඳන්, කෑ කෝ ගසමින් හිස්ලූලූ අත දිව යන මහජන ගංඟාවෙන් සුන්දර පරිසරයක්ව තිබු නීස් නගරය අසුන්දර වීමට වැඩි වේලාවක් ගත නොවීය.
මෙම ප‍්‍රහාරයෙන් දරුවන් 10 දෙනකු සමඟ 84 දෙනෙක් මිය ගියහ. 202 දෙනෙක් තුවාල කරුවෝය. එයින් 52 දෙදෙනෙකුට බරපතලය. ඔවුන් අතර දරුවන් 17 දෙනෙකි. ඔවුන් සියල්ලෝ රෝහල් දැඩි සත්කාර ඒකක වල ප‍්‍රතිකාර ලබන්නෝය. මියගියවුන් අතර ඇමෙරිකා, රුසියා, ඉතාලි, ජර්මන් හා ස්කැන්ඩිනේවියා ජාතිකයෝ අයත්වේ. 15 වැනිදා උදේ 9ට ජනාධිපති මන්දිරයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසු හදිසි නීතිය තවත් මාස තුනකින් දීර්ඝ කරන බවත් 16,17,18 යන දින තුන ශෝක දින ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කැරිණි.
එදින සවස ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති, අභ්‍යයන්තර ආරක්ෂක ඇමති සිද්ධියවූ ස්ථානයටත් රෝහල් වලටත් පැමිණියහ. එදින සවස ලෝසුපතල අයිෆල් කුලුන හා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ද ප‍්‍රංශ ධජයේ අඩකුණු විය.
ජුලී 13 වෙනිදා නීස් නගරයට නුදුරු ස්ථානයකින් කුලියට ගත් මෙම ලොරිය එදිනම රාත‍්‍රියේ ඉහත මාවතට ආසන්න ස්ථානයක ගාල් කොට පසුදින(14) රාත‍්‍රී 09.30 ට බයිසිකලයකින් පැමිණ එය ලොරියට දමා ප‍්‍රහාරයට ගොස් ඇත. මේ සියළු දේ සිසිටිවි කැමරා වල සටහන්වී ඇත්තේය. ප‍්‍රහාරයට පැමිණි ලොරියේ ජංගම දුරකථනයක්, ජාතික හැදුනුම් පතක්, බැංකු ඒ.ටී.එම්. කාඩ් පතක්, පතොරොම්, එම් 16 ස්වයංක‍්‍රීය මැෂින් තුවක්කුවක් හා වෙනත් ස්වයංක‍්‍රීය තුවක්කු දෙකක්, බෝම්බ කිහිපයක්ද සොයා ගැනීමට හැකිවී ඇත්තේය. දැනට සොයා ගත් සාක්කි අනුව ප‍්‍රහාරයට පැමිණ මියගිය අවුරුදු 31 වයැසැති ටියුනීසියා ජාතික මොහමඞ් බුහාලේල් දික්කාසද වූ අයෙකි. දරුවන් තිදෙනෙකුගේ පියෙකි. මත්ද්‍රව්‍ය, මත්පැනට, හොරකමට පුරුදු පුහුණු වූ ඔහු බොහෝ අවස්ථාවල අධිකරණයෙන් දඬුවම් ලැබූ අන්තවාදි ඉස්ලාම් ආගමට හුරු වූවෙක් බවට තොරතුරු නැතත් ප‍්‍රහාරයෙන් පැය 36 කට පසු ඬේඒස් ත‍්‍රස්තවාදීන්ට අනුබද්ධ කණ්ඩායමක් විසින් ප‍්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත. සොයා ගත් සාක්කි අනුව පැරණි බිරිය සමඟ කාන්තාවන් දෙදෙනෙක් සමඟ හත් දෙනෙකු අත් අඬංගුවට ගනු ලැබ සිටිති. මේ වන විටත් ප‍්‍රහාරකයා දැඩි අන්තවාදියෙකු ලෙස හැදින්වීමට ඇවැසි සාක්කි නොමැත මත්ද්‍රව්‍ය හා මත්පැනට දැඩි ලෙස ඇබ්බැහිවූ ඔහු නිතරම තම බිරියට අඩම්තේට්ටම් කරන අසල් වාසීන්ගේ බයිසිකල් හොරකම් කරන කෙනෙකු බව ඔහු ගැන දන්නා අසල් වැසියෙක් මාධ්‍යයට ප‍්‍රකාශ කළේය. එසේ වුවද ඔහු ඉතා ඉක්මනින් රැඩිකල් වූ බව ද අභ්‍යයන්තර ආරක්ෂක ඇමති මාධ්‍යට පැවැසීය.
මේ දිනවල අයිෆල් කුලුන ප‍්‍රංශ ධජයේ නිල් සුදු රතු වර්ණයෙන් ආලෝකමත්වී පාන්දර තුනට පමණ අඳුරු වන්නේය. ඉහත ඛේදවාචකය සිදුවූ ජනයාගෙන් පිරුණු සුන්දර මාවත අද රෝස හා වෙනත් විවිධ මල් වලින් පිරී අලංකාරවී ශෝක පණිවුඩ අතර දිනෙන් දින පරවෙමින් තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි පැරිස් ..ප්‍රංශ සුබසාධන සංවිධානයක් හදල කට්ටිය ආධාරත් එකතු කරනවා ..මියගිය අය වෙනුවෙන් (බ)
ජීවිතය අනියතයි මරණය නියතයි. නමුත් මෙවන් අකල් මරණ, අහිංසක මිනිස් ඝාතන වසර 30 ක් අත්විඳි ශ්‍රී ලාංකික අපි මෙම අමානුෂික ක්‍රියාව පිළිකුලින් යුතුව තරයේ හෙළාදකිමු. සියලු සත්වයෝ මරණයට තැතිගනිති (නි)
ඉතා හොඳ තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක ලිපියක්. ස්තුතියි ඔබට! (නි)
රන්ජිත් පැරිස් .මියගිය අය වෙනුවෙන් ආධාර එකතු කරන්නේ සුබසාධන කණ්ඩායමද .? (බ)
රන්ජිත් පැරිස් ..එහෙනම් අද හෙට සංගීත සන්දර්ශනයක් තියයි ආධාර පිණිස .දෙකක් ,තුනක් ,බස්සයි දෙයියනේ කියලා .(බ)
ප්රංශයේ ත්‍රස්ත ප්‍රහාරයට විරුද්ධව සංගීත ප්‍රසංගයක් තියයි ළගදීම සුබසාධනයට ආධාර පිණිස .ළගදීම බලාගෙන ඉන්න (බ)
මෙවැනි වැඩ නිසා පිටරටක ජීවත්වන්න තියන ඉඩ ඉදිරියේදී නැතුව යාවි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේවට උත්ත්තර නැහැ. මියගිය අයට ශෝකය පළකරනවා හැර අපට කරන්න දෙයක් නැහැ. (නි)
රන්ජිත් පැරිස් ..අපේ මෙනවට කියනවද ආධාර එකතු කරන්නේ මියගිය අයට වෙන්නම ඇති . ඇයි දන්නවද . ඒ අය මැරිලා එකතු කරන අයගේ සාක්කු පිරිලා අපි නොදන්නා සුබසාධානේ ..අපිත් ඉන්නේ පැරිස් (බ)
බණ්ඩාර පැරිස් ..ඔයාගේ කටේ මසුරන් දාන්න වටී. (බ)
හොඳ ලිපියක්. හරි වටිනවා (නි)
පාඨකයාට ඉතා සවිස්තර වාර්තාවක්. ලොව කොහේ සිදුකළත් ත්‍රස්තවාදය හෙළාදැකිය යුතුයි (නි)
ලිපිය නියමයි. ගොඩක් තොරතුරු තිබෙනවා. හරි වටිනවා. (නි)
ප්රංශයේ සුබසාධනය වෙනුවෙන් වෙනම සංවිධානයක් බිහිවෙවිද? (නි)
මේ ලිපිය කියවූ අපිට සිදුවීමේ තතු පැහැදිලියි. ලංකාදිපි එසැණ පුවත් හා මාධ්‍යවේදියාට තුති! (නි)
පැරිස් ත්‍රස්ත පුහාරයෙන් කාගේ කාගේත් මඩි තරවේ (හේ)
ප්රංශ ප්‍රහාරයෙන් පැරිස් කට්ටියගේ මල්ල කරේ සුබ සාධනයේ නමින් කට්ටියක් බස්සයි යුරෝපෙට පුරුදු රස්සාවනේ (හේ)
හොද වාර්තාවක්. (ර)
හොඳ ලිපියක්.(හේ)
දුකට පත්වූවන්ට මගේ හදපිරි කණගාටුව! (නි)
ඉතාම හොඳ තොරතුරු ඇතුළත් ලිපියක් (නි)
ප්රංශ ප්‍රහාරයෙන් පසු අලගිය මුලගිය තැන... පැරිස් ප්‍රහාරයත් කට්ටියකගේ වාසියට හැරිලා වගේ. (නි)
ප්රංශ ප්‍රහාරයෙන් පසු පැරිස් පරණ කුණු අැවිස්සේවි (නි)
මෙවැනි අමානුෂික මන්දබුද්ධිකයන්ගේ තිරිසන් ක්‍රියාවන් ගැන කුමන කතාද මිත්‍රය? ස්තුතියි ඔබගේ මෙම ලිපියට (නි)
අපිට තිබුන ප්‍රශ්නය දැන් ප්‍රංශයට ඇවිල්ලා .හරි කණගාටුයි .පැරීසියේ සුනිල් ගෙන් හොඳ විස්තරයක් දැනගන්න ලැබුණා .සුනිල්ට ස්තුතියි . (ම)
මෙවැනි කටයුතු අපි තරයේ හෙළා දකිනවා. පවු අහිංසක මිනිස් ජීවිත! (නි)
මේ ප්‍රහාරයේදී මියගිය සියලුදෙනා වෙත මගේ ශෝකය ප්‍රකාශ කරමි. එසේම මෙය එක අතකින් ප්‍රංශයට උගැන්වූ අපූරු පාඩමකි. මන්දයත් ශ්‍රි ලංකාවේ මිනිසුන් මැරෙනවිට ලෝකය බලාසිටියේය. ත්‍රස්තවාදින්ට දේශපාලන රැකවරණ ලබදුන්නේය. සර්පයා සර්පයාමය (නි)
අහිංසක ජනාතව වෙනුවෙන් ශෝකය පල කරන අතරම ඔවුන්ගේ රටේ පාලකයන් ඇතුළු බටහිර බලවතුන්ගේ තීරණ නිසා සිරියාව ඇතුළු මැදපෙරදිග මිය යන ලක්ෂ ගණනක ජනතාව වෙනුවෙනුත් ශෝකය පළ කරමි. (බ)