
රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට හමුදා යැවීමට පවා තමන් පසුබට නොවන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.
ප්‍රංශ ජනාපධිතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රෙම්ලීනය පවසා ඇත්තේ ප්‍රංශ හමුදා යුක්රේන යුද්ධයට සෘජුව සම්බන්ධ වන්නේ නම්, යුද්ධය තවත් උත්සන්න වනු ඇති බවත්, එය බටහිර රටවලට ලොකු බලපෑමක් එල්ල කරනු ඇති බවත්ය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය වෙනුවෙන් ජර්මනිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික රටවල් බොහොමයක් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, නේටෝ සාමාජික රටවල් ඔවුන්ගේ හමුදා යුක්රේනයට යැවීමට අදහස් කර නැති බවය.
රුසියන් යුක්රේන යුද්ධයට මේ වනවිට වසර දෙකක් ගත වී තිබේ. යුද්ධය ආරම්භ වූයේ, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු යුද සන්ධානයකි.
නේටෝ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවට එරෙහිවය. යුක්රේනය, රුසියාවේ අසල්වැසියකු බැවින්, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම රුසියාවට තර්ජනයකි. රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය සම්බන්ධයෙන් හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමය කළේ ඊට ප්‍රතිචාර දක්වමිනි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1860
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1499
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රංශ ජනපතිගෙන් රුසියාවට අනතුරු