IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රංශ ජනපති මැක්රොන් රුසියන් ජනපති සාකච්ඡා

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අරමුණින්ය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ මේ අයුරින් සාකච්ඡාවක් පැවැත්වූයේ 2022 වසරෙන් පසු වීම ද විශේෂත්වයකි. රුසියන් යුක්රේන යුද්ධයට කඩිනම් විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

යුක්රේනයේ ස්වෛරීත්වය වෙනුවෙන් ප්‍රංශය සෑම විටම පෙනී සිටින බවත්, රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ ප්‍රංශය දිගටම යුක්රේනයට සහාය දෙන බවත් මැක්රොන්, රුසියන් ජනාධිපති පුටින් හමුවේ පැහැදිලි කළේය.

එමෙන්ම, රුසියාව සහ යුක්රේනය අතරේ කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කර, පසුව ස්ථිර සාම වැඩපිළිවෙළකට යා යුතු බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, පුටින් එය අනුමත කළේය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලන බැවිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. නේටෝව බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.



අදහස් (0)

ප්‍රංශ ජනපති මැක්රොන් රුසියන් ජනපති සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site