
නිල සංචාරයක් අරඹමින් ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බි්‍රජෙත් ත්‍රොග්නෝව්ට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ප්‍රංශ ජනාධිපතිවරයා සහ බිරිඳ වෙනුවෙන් ධවල මන්දිරයේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කටයුතු කළේය.
‘ප්‍රංශය ගෝලීය වශයෙන් ඇමෙරිකාවේ සමීපතමෙක්. ඒ වගේමයි ප්‍රංශය කියන්නේ ඇමෙරිකාවේ පැරැණිතම මිතුරෙක්. ගෝලීය අභියෝග විසඳීමේදී ප්‍රංශය ඇමෙරිකාවට ශක්තියක්’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් වර්ණනා කරමින් පැවැසීය. ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකන් සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මැක්රොන්, නාසා මූලස්ථානයට ගියේය. එම ගමනට ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් ද එක් වූවාය. ඇමෙරිකාව සහ ප්‍රංශය අතර ඒකාබද්ධ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd