ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන සංචාරයක් ආරම්භ කළේය.
ඒ, ප්‍රංශ චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60 ක් පිරීම නිමිත්තෙනි.
බෙයිජීං අගනුවරට ආ ප්‍රංශ ජනාධිපති මැක්රොන් උණුසුම් ලෙස පිළිගැනීමට, චීන ජනාධිපති ෂී ජින්පින් කටයුතු කළේය.
“ගෝලීය ආරක්ෂා, සාමය, මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්ම සහ සංවර්ධනය වෙනුවෙන් චීනයත් ප්‍රංශත් සැමවිටම පෙරමුණේ සිටියා. ඉදිරියේ දී චීනය සහ ප්‍රංශය අතරේ පවතින මිතුදම් තව තවත් ශක්තිමත් වේවි” යැයි ප්‍රංශ ජනපති මැක්රොන් පිළිගනිමින්, චීන ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් දක්වා තිබුණි.
චීනයත් ප්‍රංශයත් අතරේ නව වෙළෙඳ ගිවිසුම් කීපයකට රාජ්‍ය නායකයෝ දෙදෙනා අත්සන් කළහ. ඊට අමතරව, විද්‍යා සහ තාක්ෂණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද චීනයත් ප්‍රංශයත් අතරේ එකඟතා රැසක් ඇතිකර ගැනුණි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශ ජනපති චීනයේ