පසුගිය ඔක්තෝම්බර් 13 වෙනි දා ප‍්‍රංශ දේශපාලන භූමිය කම්පනයට පත් කළ පිටු 663කින් සමන්විත පොතක් පිට වූයේය.
ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ ලෙ මොන්ඞ් පුවත්පතේ සේවය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදින් දෙදෙනෙකු වන ෆැබ්රිස් ලහොම් හා ජේරාඞ්ඩවේ එම දේශපාලන ග‍්‍රන්ථයේ සම කතුවරු වූහ.එම පොතේ ප‍්‍රංශ හැඳින්වීම ආසන්නම ලෙස සිංහල භාෂාවෙන්
”ජනාධිපති කෙනෙකු නොකිව යුතු දේ”
ජනපති ධූර කාලයක රහස් යනුවෙන් එම පොත නම් කර තිබුනේය. ප‍්‍රංශයේ වර්තමාන සමාජවාදි ජනරජයේ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් ඔහුගේ අත්සන ද සහිත කළ ප්‍රකාශ සහිත මේ පොත ආන්දෝලනයට ලක් විය.2012 ජුනි මාසයේ සිට 2016 මැයි මාසය අතර 35 වතාවක් ඉහත මාධ්‍යවේදීන් දෙදෙනා ජනාධිපති හමුවී විවිධ විෂයන් ගැන ප‍්‍රශ්න 160 ක් ඉදිරිපත් කොට ඇත.රාජ්‍ය පාලනය,විදේශ ප‍්‍රතිපත්ති,ආරක්ෂාව,ත‍්‍රස්තවාදය, අන්තවාදය, ආර්ථිකය,අධිකරණය,ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ දේශපාලන චරිත,පෞද්ගලික ජීවිතය ආදි ලෙස ප‍්‍රධාන කොට ජනාධිපතිගේ නිදහස් අදහස් ඉහත ග‍්‍රන්ථයට ඇතුලත් කොට ඇත්තේය.විශේෂයෙන් හිටපු ජනාධිපතිනි කොලා සාර්කෝසි මහතා දැඩි විවේචනයට ලක් කොට ඇත්තේය.මෙම ග‍්‍රන්ථය නිකුත්වූ දා සිට ප‍්‍රංශ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ විවිධ විවේචන, වාග්ප‍්‍රහාර, විශ්ලේෂන ,ප‍්‍රතිඋත්තර ,උපහාස අපහාස ආදියෙන් අඩුවක් නොමැති අතර සමහරු මෙය දේශපාලන සියදිවිහානි කරගැනීමකට සම කරයි.ප‍්‍රංශ රාජ්‍යයේ හා දේශපාලනයේ විවිධ පැතිකඩ කම්පනයකට ලක් කිරීමට ග‍්‍රන්ථය සමත් වී ඇත.
උදාහරණයක් ලෙස හිටපු ජනාධිපතිනි සාර්කෝසි දැඩි ලෙස විවේචනය කරන වර්තමාන ජනාධිපති ඔහු සම්බන්ධ අධිකරණ කටයුතු හා ජනපති මැදුරු සම්බන්ධ රහස් කිහිපයක් හෙළි කරයි. එම රහස් මින් පෙර අසා තිබුනද ජනපති මුවෙන් පිටවීම ඊලඟ ජනාධිපතිවරණයට අපේක්ෂක සටනේ යෙදී සිටින හිටපු ජනාධිපතිට ප‍්‍රබල ලෙස අවාසිසහගත පරිසරයක් නිර්මාණය විය.ප‍්‍රංශුවා ඔලොන්ද් අපේ මැතිවරණ සටන සම්පූර්නයෙන්ම අපිරිසිදු කළ බව ජනහමුවකදී හා පසුගිය පක්ෂ අපේක්ෂක විවාදයේදී මහතා ප‍්‍රකාශ කිරීම ඉහත තත්ත්වය සනාථ කරන්නේය. ඒ සමගම අධිකරණයද වර්තමාන ජනපති විවේචනයට හසුවන්නේය. ඔහු අධිකරණයේ මන්දගාමි කි‍්‍රයාපිලිවෙත ගැන අසතුට පළ කරන්නේය.
කාර්යශූර නොවු අලස පරිපාලනයක් අධිකරණයේ පවතින බවත් මහා පරිමාණ වංචා දූෂණ නඩු මන්දගාමී හා වැරදිකරුවන්ට ලබාදෙන දඬුවම් තරමක් ළිහිල් බව හේතුවෙන් රටේ බොහෝ ප‍්‍රශ්න ව්‍යාකූල තත්ත්වයක පවතින බව සමස්ත අධිකරණ පද්ධතිය ගැන ඔහු විසින් පළ කැරුණු අදහස් වල සඳහන් වේ.මේ හේතු කොට සමස්ත අධිකරණයම හෑල්ලූවට ලක්වෙන බව පවසමින් අධිකරණයේ උසස් නිලධාරීයෝ ඒ ගැන නොසතුට පළ කිරිමටද නොපසුබට වූහ.
අධිකරණ ක‍්‍රියා වලිය වේගවත් කොට මහා පරිමාන චූදිතයන්ට දැඩි දඬුවම් ලබාදීමට බලාපොරොත්තු වූ බවක් එමගින් ගම්‍යවන බව එම පක්ෂයේ විචාරකයෝ මත පළ කරමින් ප‍්‍රකාශ කළහ.කෙසේ නමුදු ඒ හේතු කොට ප‍්‍රංශයේ විශාල දේශපාලන ආන්දෝලනයක් ඇති වුයෙන් අවසානයේ ජනාධිපතිට සමාව අයැද සිටීමට සිදුවුයේය.ඒ අනුව තමා ඒ ගැන පසු තැවිලි වන බව පවසමින් පසුගිය ජ්‍යෙෂ්ඨ ඇමති මණ්ඩල රැස්වීමකදී සමාව අයැද සිටියේය.වර්තමාන ප‍්‍රංශ ජනාධිපති අධිකරණයට බලපෑම් නොකළ නායකයෙක් ලෙස කාගෙත් පැසසුමට ලක්වූවෙකි.
එසේ නමුදු ශ්‍රී ලංකාවේ ජනාධිපති ප‍්‍රසිද්ධ වේදිකාවේ අපේ අධිකරණයට සමාන්තර සමහර කොමිෂන් සභාවල ක‍්‍රියාදාම විවේචනයට ලක් කරමින් රැස්වීමක් ඇමතීය.සමහර හිටපු රාජ්‍ය නිලධාරීන් මුදල් අවභාවිතය කළ බවට ඇති චෝදනා සඳහා ප‍්‍රශ්න කිරීමට කැඳවීම ඒ විවේචනයට හේතු වුයේය.නිදහස් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරන බවට පොරොන්දු දුන් ඔහු අද එවැනි ප‍්‍රකාශයක් සිදුකිරීම ශ්‍රීලාංකික දේශපාලන භූමියේ ද දැඩි විවේචනයට හසුවූයේය.නමුත් අපේ ජනාධිපති සමාව අයැදීමක් මෙතෙක් සිදුකර නොමැත. ප‍්‍ර‍්‍රංශ ජනාධිපති එම අධිකරණයේ මන්දගාමි බව විවේචනය කරන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති එම අධිකරණ පද්ධතියේ සීඝ‍්‍රගාමි බව විවේචනය කරන්නේය.
දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් අතර වෙනස හඳුනා ගැනීමට ඉහත සිදුවීම් වුවද ප‍්‍රබල සාක්සියකි.
(කතුවරයින් දෙදෙනා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ ලා නැතිව යන්න බැරිබව දැනිල වගේ . (අ)
දැන් අපේ එක්කෙනා එහෙම කිවුවේ නැහැ කියනවා නේද ? (හේ)
රාජපක්ෂලාගේ පැත්ත බර වැඩියි. එ්කට බයවෙලා වගෙයි. (නි)
කුණු වෙච්ච රටක් ගොඩදාන්න ආපු කෙනා කුණුවෙන්නට යනවා (අ)
අනේ අපි නම් දැන් හොඳටම කළකිරිලා ඉන්නේ (නි)
එකපිලක් නායකයා නිවැරදි කරන්න බොරු බේගල් වපුරනවා. නමුත් ජනතාව බුද්ධිමත් (නි)
ඒ කතාවේ අපට හැඟෙන අර්ථය නම්, මතුමත්තේ ගෝඨාභය සමඟ ගමනක් යන්න කරන වෑයමක ආරම්භයක් වියහැකි බවයි. දේශපාලනයේ සදාකල් හතුරෝද මිතුරෝද නොවෙති (නි)
අපේ කවුරුවත් එහෙම කියලා නැහැ. (නි)
පොලිසියට හා අධිකරණයට බලපෑම් එල්ලකළ නිසයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත්කළේ. දැන් කැහි ගෑනී දීලා හොටුගෑනි ගත්තා වගෙයි කියලයි ජනතාව වන අප හිතන්නේ (නි)
හෙට අනිද්දට ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප නායක කළත් අපිට පුදුමයක් නොවේ. (නි)
දේශපාලනය කියන්නේ තනිකරම මුලාවක්. අහිංසක ඡන්දදායකයා සදාකල් අසරණයි (නි)
අපි ඉතින් මොනවා කියන්නද?
අපටත් ඕනෑ ඒ වගේ රටක් තමයි (නි)
ලෝකයේ මොන රටේද පොලිසියට අදාළ ආයතනයකට පැමිණිල්ලක් නොකර දේශපාලකයන්ගේ අවශ්‍යතාවයට නඩුදාලා හිරේ යවන ක්‍රමයක් තියෙන්නෙ. මෙය පවතින ව්‍යවස්ථාවට එකඟද?? (නි)
ඔබත් යහපාලනයට කඩේ ගිය කෙනෙක් ,වෙනස මාරයි,හිරයි (අ)
අපේ නඩු ඇහිල්ලත් ටෙලි නාට්‍යයක් වගේ. එක එක්කෙනා රිමාන්ඩ් යනවා. ගෙවන වාට්ටු යනවා. එළියට එනවා. අායෙත් යනවා. අපි ඒවා නරඹමින් ඉන්නවා (නි)