ප්‍රංශයේ ‍ෆොන්ටේනබ්ලු මාලිගාව කඩා එහි තිබු තිබූ මිලකළ නොහැකි වටිනාකමින් යුත් චීන කලාකෘති 15 ක් සොරකම් කරගෙන ගොස් ඇතැයි ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සොරකම් කරණ ලද භාණ්ඩ අතර එවකට සියමේ රජුට නැපෝලියන් අධිරාජ්‍යයා විසින් 1861  දී තිළිණ කළ ඔටුන්න ද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ දී ප්‍රංශ රජු විසින් භාවිතයට ගන්නා ලදැයි පැවසෙන මේ මාළිගය ප්‍රංශ ජාතික කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන අතර එය යුනෙස්කෝ ලෝක උරුමයකි.

මෙම චීන කෞතුකාගාරයේ ඇති භාණ්ඩ අතර නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිරිඳවන ඉයුජිනිට අයත් උපකරණ ද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විනාඩි හතක පමණ කාලයක දී මේ සියලු පැහැරගැනීම් සිදුව ඇති බත් මාලිගයේ ඇති අධි තාක්ෂණික කැමරා දර්ශන යොදා ගනිමින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

france 1 france 2 france 3 france 4