ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රොන්, සිය සමීපතමයකු වන සෙබස්තියන් ලෙකොර්න් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත. ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ද 39 හැවිරිදි ලෙකොර්න්ය.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ මැක්රොන්ට නොව විපක්ෂයටය. නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීමට ප්‍රංශ ජනපති මැක්රොන්ට සිදුවූයේ හිටපු අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ විශ්වාසභංගයකින් පරාජය වී ධුරයෙන් ඉවත් වීමය.

එසේ වූයේ ෆ්‍රැන්කොයිස් බයිරූ ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වුණු බැවිනි.

වසර දෙකකටත් අඩු කාලයක් තුළ ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන පස්වැනි අගමැතිවරයා බවට පත්වූයේ ද ලෙකොර්නුය.