පාර්ලිමේන්තු ඡන්දයකින් සෝමාලියාවේ ජනාධිපතිවරණය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය.
සෝමාලියාව දේශපාලනික වශයෙන් අස්ථාවර වූ අප්‍රිකානු රාජ්‍යයකි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, බෙදුම්වාදී කැරැලිකරුවන් සහ සෝමාලි රජයේ හමුදා අතරේ නිරන්තරයෙන් ගැටුම් පවතී.
ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම්, ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් හෝ බෙදුම්වාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමට ඉඩ තිබූ බැවින්, ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ඡන්දයනේ රහසේ පැවැත්විණි. මෙය සෝමාලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් පිරිහීයෑමක් යැයි බටහිර රටවල් චෝදනා කළේය.
නව ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ හිටපු ජනාධිපති හසාන් ෂෙයික් මහමුද්ය. 2012 සිට 2017 තෙක් කාලයේ ජනාධිපති ධුරය හෙබවූයේ ද 66 හැවිරිදි හසාන් ෂෙයික් මහමුද්ය.
ඡන්ද විමසුම ආරක්ෂිතව පැවැත්වූයේ හමුදා කඳවුරක් තුළය. ඡන්ද විමසුම පැවැත්වෙද්දී පවා මොගඩිෂු අගනුවර බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවිය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනපතිවරයෙක්