වසර දෙකකට ඉහතදී චීනයේ ෂැංහයි අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කළ ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටය හෙට (22 වැනිදා) පස්වරු 7.00 ට ඉතාලියේ මිලානෝ නුවර සෙන්ට්‍රෝ සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.
මෙම චිත්‍රපටය මුලින් ප්‍රදර්ශනය කෙරුණේ 2015 දී චීනයේ බීජිං නුවරදී වුවද ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය.
කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කර ඇති ප්‍රේමය නම් චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ කල්පන ආරියවංශ,ප්‍රේම් දිසානායක,අතුල මහවලගේ හා සුජීව විජේසිංහ විසිනි. ශ්‍යාම් ප්‍රනාන්දු,සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, බුද්ධදාස විතානආරච්චි හා සතීස් විජේමාන්න චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ.
බිරිඳ තමන් හැර යාමෙන් පසුව ඇතිවන මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු මානසික රෝහලට ඇතුළත් වී තම රෝග තත්ත්වය සුව කරගැනීමටත් තම බිරිඳ නැවත දිනාගැනීමටත් ගන්නා උත්සහයක් චිත්‍රපටයෙන් දිගහැරේ. කුලරත්න ආරියවංශ හා ප්‍රසන්න විතානගේ මෙම චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරු වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ෆිල්ම් එකක් තියනවා කියල අද දැන ගත්තා...