වසර දෙකකට ඉහතදී චීනයේ ෂැංහයි අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කළ ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටය හෙට (22 වැනිදා) පස්වරු 7.00 ට ඉතාලියේ මිලානෝ නුවර සෙන්ට්‍රෝ සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.
මෙම චිත්‍රපටය මුලින් ප්‍රදර්ශනය කෙරුණේ 2015 දී චීනයේ බීජිං නුවරදී වුවද ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය.
කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කර ඇති ප්‍රේමය නම් චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ කල්පන ආරියවංශ,ප්‍රේම් දිසානායක,අතුල මහවලගේ හා සුජීව විජේසිංහ විසිනි. ශ්‍යාම් ප්‍රනාන්දු,සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, බුද්ධදාස විතානආරච්චි හා සතීස් විජේමාන්න චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ.
බිරිඳ තමන් හැර යාමෙන් පසුව ඇතිවන මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු මානසික රෝහලට ඇතුළත් වී තම රෝග තත්ත්වය සුව කරගැනීමටත් තම බිරිඳ නැවත දිනාගැනීමටත් ගන්නා උත්සහයක් චිත්‍රපටයෙන් දිගහැරේ. කුලරත්න ආරියවංශ හා ප්‍රසන්න විතානගේ මෙම චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරු වෙති.

2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ප්‍රේමය නම්‘ හෙට මිලානෝ නුවරදී
saman Saturday, 22 April 2017 04:04 AM
එහෙම ෆිල්ම් එකක් තියනවා කියල අද දැන ගත්තා...