IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රමිතියෙන් යුත් එන්නත් සහතිකයක්

විදේශවල පිළිගැනීමකට ලක් වන ආකාරයේ, උසස් ප්‍රමිතියකින් යුත්, අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කර නව එන්නත් සහතික පත්‍රයක් නිකුත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඉන්දීය රජයේ 'කොවින්' යෙදුම APP හරහා මෙම එන්නත් සහතික පත්‍රය නිකුත් කෙරේ.

ඒ අනුව, ඉන්දියාවේ 'කොවිෂීල්ඩ්' හෝ 'කොවැක්සින්' ආදී 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඉන්දියානුවන් ඕනෑම අයකුට ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවලට කිසිදු බාධාවකින් තොරව යා හැකි වනු ඇති බව ද ඉන්දීය සෞඛ්‍ය අධිකාරියේ වෛද්‍ය ආර්.එස්. ෂර්මා පැහැදිලි කර තිබේ.

පසුගිය කාලයේ ඉන්දියාවේ 'කොවිෂීල්ඩ්' එන්නත ලබා ගෙන මහා බ්‍රිතාන්‍යයට පැමිණි ඉන්දියානුවන් 'එන්නත් ලබා නොගත් අය' ලෙස සලකා ඔවුන් දින 10ක් නිරෝධායනයට යොමු කෙරුණි.

බ්‍රිතාන්‍ය රජය එසේ කළේ 'කොවිෂීල්ඩ්' එන්නත සම්බන්ධයෙන් ඉන්දීය රජය නිකුත් කළ 'එන්නත් සහතිකය' නියමිත ප්‍රමිතියකට නොතිබුණු නිසා බව පසුව අනාවරණය විය.

කෙසේ නමුත් මේ වනවිට බ්‍රිතාන්‍යය 'කොවිෂීල්ඩ්' වෙනුවෙන් පැනැවූ තහංචි ඉවත් කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ප්‍රමිතියෙන් යුත් එන්නත් සහතිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site