දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයට පරමාණු බෝම්බය හෙලූ යානයේ කාර්ය මණ්ඩලයේ ඉතිරිව සිටි එකම පුද්ගලයා පසුගිය සඳුදා ජෝර්ජියාවේ දී මියගියේය.
තියඩෝර් ඩච් වෑන් කික් නම් මොහු මිය යනවිට වයස අවුරුදු 93ක් විය. අදින් 69 වසරකට පෙර අගෝස්තුමාසයේ හයවැනිදා ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කළ ‘ලිට්ල් බෝයි‘ නම් පරමාණු බෝම්බයෙන් 140,000ට ආසන්න පිරිසක් මියගියහ. ඔවුන් මේ බෝම්බය හෙළීමට භාවිතා කරන ලද්දේ ඇමරිකාවේ ‘එනෝලා ගේ‘ නමැති බී-29 වර්ගයේ සුපර්ෆෝට්‍රස් යානයකි.
පරමාණු බෝම්බය හෙළීමට පෙර ඔහු බ්‍රිතාන්‍යයට එරෙහි මෙහෙයුම් 15කට උතුරු අප්‍රිකාවට එරෙහි මෙහෙයුම් 10කට ද සහභාගී වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදී ම බෝම්බ පතිතකැර තිබේ.
පසුකළෙක ඔහු පරමාණු බෝම්බය හෙළීමේ සිද්ධිය ගැන මෙසේ කීවේය.
‘‘ බෝම්බය හෙලූ පසු අපට දැකගන්නට හැකිවුණේ නගරයට ඉහළින් පහත්වුණු සුදු වළාකුළක් වැනි දෙයක්. ඊට පහළින් දුහුවිලි හා අළු වලින් වටවුණු නගරයේ ඡායාවක් දක්නට ලැබුණා. එය උතුරන තෙල් හැළියක් ලෙසින් පෙණුනා. “
ඔහු පවසා ඇත්තේ බෝම්බය හෙලූ අවස්ථාවේ තමන්ට මුලින් ම සිතුනේ ‘දෙවියනි මට සතුටුයි, එය සාර්ථකයි‘ යනුවෙන් බවයි. දෙවනුව ඔහුට සිතී ඇත්තේ. ‘යුද්ධය අවසානයි, ඒක ඉතාමත් හොඳයි‘ යනුවෙනි. කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසු ජපානයේ නාගසාකි නගරයට තවත් පරමාණු බෝම්බයක් හෙළන ලදී. එයට ඩච් ගේ සම්බන්ධයක් තිබුණේ නැත.
සිය පියාගේ මරණයෙන් පසු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ තියඩෝර් ඩච් ගේ පුතු ටොම් වෑන් කුක් පවසා සිටියේ හිරෝෂිමා මෙහෙයුම සම්බන්ධයෙන් සිය පියාගේ සිතේ කිසිදු කණගාටුවක් නොවූ බවයි.
දෙවැනි ලෝක යුද්ධය නිමාවීමෙන් පසු හමුදාව හැරගිය තියඩෝර් ඩච් රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සම්පූර්ණ කළේය. ඉන්පසු 1985 දී විශ්‍රාම යනතුරු ඇමෙරිකාවේ රසායනික සමාගමක් වූ ‘ඩියුපොයින්ට්‘ හි සේවය කළේය.
විවාහයෙන් පසු දරුවන් සතර දෙනකුගේ පියකු වූ තියඩෝර් ඩච් මියයන විට මුණුපුරු මිනිපිරියන් හත් දෙනකු හා මී මුනුපුරන් තුන් දෙනකුගේ සීයා වී සිටියේය.
ඔහු සිය අවසන් කාලය ගත කළේ තම වැඩිමහල් දියණිය විසූ ජෝර්ජියාවේ ය. ඩච්ගේ දරුවන් පවසන්නේ සිය පියාගේ අවසන් කටයුතු ඔහු උපතලද මධ්‍යම පෙන්සල්වේනියාවේ නොදම්බ්‍රන්ඩ්හි සිදුකරන බවයි. ඔහුගේ බිරිඳගේ සොහොන අසළින්ම මිහිදන් කිරීමට නියමිතය.
‘‘කවුරුන් කුමක් කීවත්, මගේ තාත්තා උතුම් පුද්ගලයෙක්“ පුතු ටොම් එසේ කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයා කළේ ඔහුගේ උසස් නිලධාරීන්ගේ අණ.ඔහු එය නොකළා නම් ඔහුට දඩුවම් ලැබෙනවා.ඔහුට කිසිම පාපයක් ලැබෙන්නේ නැහැ. (නි)
මොන පිස්සුද අද ජපන්නුන්ට වත් ඕකේ වගේ වගක් නැහැනේ. ඇමරිකන් කාරයන්ව උන්ගේ ඔලුව උඩනේ. උන්ට අපි දීපු නහී වේරේන උදව්වවත් මතක නැහැ දැන්.(නදී)
රූපසිංහ, අපි වෙනසක් කළයුත්තේ මේ යුද අධිකරණවලින් බේරෙන්න තමා. එවිට මේ විදේශ බලපෑම් අඩුවෙනවා. (නි)
මේ තිරිසනා දැන් අපායෙ ඉපදිලා ඇති (නදී)
යුද්ධයේ අවසානය සනිටුහන් කරන්න 140000ක් මරපු ජාතියක් තමයි අද මේ මුළු ලෝකෙම මානව හිමිකම් ගැන කතා කරන්නේ..කාටද මේවා කියන්නේ..(අ).
කිසියම් සත්වයෙක් මෙලොවට උපදිනකොට පෙර කරන ලද කුසල් අකුසල් අනුවයි උපදින්නේ.මේ මනුස්සයත් මෙතරම් දීර්ඝායුෂක් බුක්ති වින්දේ පෙර කළ කුසලයක් නිසා.නමුත් මෙවර අප්‍රමාණ ජීවිත විනාශ කළ පවින් ඉදිරි භව වල අප්‍රමාණ දුක් විඳින්න වෙයි. (නි)
දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානයේ නගර ගණනාවක් සුන්නත් ධුලි කළා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවිතක්ෂයටත්,අබ්බගාත රෝගීන් ද කළා.උන්හිටිතැන් අහිමි කළා.කුසට අහරක් නැතිව මුහුදු බෙල්ලන්,පාසි පවා ආහාරයට ගත්තලු.පරමාණු බෝම්බයේ විෂ නිසා ජපානයේ අදටත් උපදින නුතන පරම්පරාවේ බොහෝ ලස්සන දරුවන් අංග විකලයි.දෙවියන් වහන්සේ තියඩෝර් ඩච් නම් පාප තරයාට වසර 93 ක් ජීවත් වීමේ වරමක් දීමත් කනගාටුවට කරුණක් ! (අ)
මේ මනුස්සයා කරලා තියෙන්නේ සුළුපටු පවක්නම් නෙවේ. අහිංසක මිනිස්සු කී දාහක් මැරෙන්න ඇත්තද?(අ)
කෝ මානව හිමිකම් (නදී)
දෙවන ලෝක යුද්ධයේදී ජපානය ආසියාවේ රටවල් කීයක් යටත් කර ගෙන ඒවායේ සිටින මිනිසුන් මොනතරම් අපහසුතාවයට පත් කලාද? එම රටවල ආරක්ෂක හමුදාවන් වල සෙබළුන් යුද සිරකරුවන් ලෙස මොනතරම් කෘර වදහිංසා වලට ලක් කලාද? චැන්ගී කඳවුර, බර්මා රේල්වේ ගැන අහලා නැත්ද? පරමාණු බෝම්බ දමා ලක්ෂ ගණනක් ඝාතනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. ඒ හැරත් පරමාණු බෝම්බ දැමීමට පෙරම ජපානය යටත් වෙන්න හේතු සොයමින් ඉන්නා බව මිත්‍ර හමුදා දැනගෙන හිටියා. නමුත් ඇමරිකාවට මේ යුද්ධය සදාකාලිකවම නතර කරන්නත්,තමන්ගේ බලය පෙන්වන්නත් තමා පරමාණු බෝම්බ දැම්මේ. මේක ජපනුන් ඉල්ලන් කෑවා කියා හෝ කල පව් පඩිසන් දීමක් ලෙස හඳුන්වනවා දෙන්න පුළුවන්. (අ)
මේ මනුස්සයාගේ වැරද්දක් නැහැ..ඔහු හමුදා නිලධාරියෙක්නම් ඉහලින් එන අණ පිළිපදින්න වෙනවා...ඒක හමුදා විනය සහ නිතිය...වරද තියෙන්නේ ජපානය දින ගණනාවකින් යටත්වන බව දැන දැනම අත්හදා බැලීම පිණිසම මේ බියකරු බෝම්බය හෙලන්න අණ දීපු එවකට ඇමෙරිකාවේ හිටපු පාලකයෝ ටික. මේ තරම් තිරිසන් අපරාදයක් මානව ඉතිහාසේ මෙතුවක් වෙලා නැහැ. දැන දැන හිතා මතා සිවිල් ඉලක්ක වලට පරමාණු බෝම්බ හෙලපු එව්වෝ අද ලෝකේ පුරා මානව හිමිකම් හොයා හොයා යුධ අපරාධ හොයා හොයා ඇවිදින එක තරම් තවත් විහිළුවක් තියෙනවද? (නදී)
මේ මිනිහා කරගෙන තියෙන පවක තරම..එහෙම නැත්නම් මෙයාගේ මොලේ සෝදලා බෝම්බ දාන්න යවන්න ඇත්තේ..කොහොම වුනත් මේ පවට කරගහපු අයට නම් ස්වභාව ධර්මයෙන් සමාවක් නැහැ.පරම්පරා කීයක් විනාශ කලාද ..(අ)
මුළු ලෝකයේම රවලට බෝම්බ හෙලා මිනිසුන් දහස් ගණනින් ලක්ෂ ගණනින් මරාදමා ඒ සියල්ල කලේ මානව අයිතිවාසිකම් යටතේ කියමින් අත පිසදමා ගත්තද, අප හමුදාව අහිංසක ද්‍රවිඩ සිවිල් වැසියන් කොටි ග්‍රහණයෙන් මුදාගත්තද මේ ලොවටම කරදරයක් වී සිටින ලේ අත්වල ගා ගත්තු උන් කියන්නේ අප හමුදාව මානව අයතිවාසිකම් කඩ කරපු නිසා යුද අධිකරණයකින් දඩුවම් දියයුතුය කියා. එතකොට මේ දිනවල ඊස්රායලය කරන්නේ මොනවාද කියාමෙයාල සොයා බලනවාද? මෙම තර්ජන වලින් තරමක් හෝ අපට ගැලවිය හැක්කේ අප තව දුරටත් රට රැක ගත්තොත් පමණි. මේ අය කරන දුෂණ වංචා තාවකාලිකව අමතක කර දමමු. පසුව අපි වෙන විකල්පයක් ගැනසිතමු. අපිට හැමදාම මේ විදියට සිටීමටද බැරිය.(අ)
මිනිස් සමුල ඝාතනයක් සිදුකළ පුද්ගලයා දීර්ගායුෂ ලබා මියයයි?? (නි)
මම හිතනවා මොහු ඔහුගේ රටට වීරයෙක්. හැබැයි මොහුගේ වරදක් නැහැ. එහෙත් මේ බෝම්බය හැදූ පුද්ගලයාත් , අණදුන් පුද්ගලයාත් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ඔබ වීරයෙක් ! (නි)
ඊශ්‍රායලය කරන්නේ ලෝකයේ පොදු වගකීමක්. රූපසිංහ දන්නේ නැත්නම් අහගන්න. (නි)
මෙයා කළ දෙයට මරණින් මතු මොන ලෝකයකට යයිද මන්දා? (නි)