ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කියති. කම්කරුවන් විසින් විශාල ශෛලමය කුට්ටි වැඩපොළට ගෙන ගොස් ඇත්තේ ඉතා සරළ ක්‍රමයකින් බව ඔවුන් අනාවරණය කරයි.
පර්යේෂණ සිදුකළ භෞතික විද්‍යාඥයන් කළේ ඊජිප්තුවේ හිම මත ගමන් කිරිමට තැනූ තල්ලුවී යන කරත්තයක යටින් වැලි තැටියක් දමා රසායනාගාර වාර්තාවක් ලබා ගැනීමයි.
ඔවුන් පවසන්නේ අවශ්‍යවන ඇදීමේ බලය හා වැලිවල දැඩි බව යන දෙකම වැලිවල ඇති ජල ප්‍රමාණය අනුව සිදුවන ක්‍රියාවක් බවයි. දැඩි බව තීරණය කිරීමට රෙයෝමීටරය භාවිතා කළ අතර එමගින් එක්තරා වැලි පරිමාවක් වෙනස් කිරීමට අවශ්‍ය බලය ද තීරණය කළ බව පර්යේෂකයෝ කියති.
පර්යේෂකයන් පවසන්නේ නිශ්චිත ජල පරිමාවක් යෙදීමේ දී කාන්තාර වැලි අනෙක් සාමාන්‍ය වැලි මෙන් දෙගුණයක දැඩි බවක් ඇති බවයි.
කාන්තාරයේ වැලි මත හිම කරත්තයක් ලිස්සා ඉතා සරලය. එම කරත්තය යන විටදී සාමාන්‍ය වැලි මෙන් කරත්තය ඉදිරිපිට දී මේ වැලි ගොඩගැසෙන්නේ නැත.
ඇම්ස්ටර්ඩෑම් පර්යේෂකයන් පවසන්නේ පුරාණ ඊජිප්තුවේ පිරමිඩ තැනීමට විශාල ගල් සහ ප්‍රථිමා ප්‍රවාහණය කැර ඇත්තේ තෙත වැලි මතින් බවයි. හිම කරත්ත භාවිතයෙන් බවයි. තෙත වැලි යොදා ගනිමින් මේවා ප්‍රවාහනය කිරීම පහසුවක් යැයි තහවුරු වී ඇත.
නිවැරදි ප්‍රමාණයකින් ජලය එක් කිරිමේ දී තෙත් වූ කාන්තාර වැලි වියලි වැලි වලට වඩා දැඩි වන බව ද එබැවින් ඒ මත යමක් තල්ලු කිරිමේ දී යෙදිමට වන ශක්තිය හරි අඩකින් අඩුවන බව ද පර්යේෂකයෝ කියති.
පිරමිඩ අභ්‍යන්තරයේ ඇති සිතුවම් මගින් ද මේ තාක්ෂණය පැහැදිලි වන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ අදාල පරීක්ෂණය සිදුකළ කණ්ඩායම පෙන්වා දී ඇත. එක් පිරමීඩයක ඇති සිතුවමක දක්වා ඇත්තේ එක් පුද්ගලයෙක් තල්ලුකරන හිමකරත්තයක ඉදිරිපිට නැගිට සිටිමින් ඉදිරියේ ඇති වැලිවලට ජලය වත්කරණ ආකාරයයි.
මේ පර්යේෂණය අනුව යමින් කුඩා කැට වලින් යුතු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, සැකසීම පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරිමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය නව සොයාගැනීම් වෙත ගමන්කළ හැකිවෙතැයි ද පර්යේෂකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සිගිරිය උඩට වතුර අරන් ගියේ කොහොමද?? (ස)
සම්පත්,නොදන්නා නිසයි අහන්නේ. කොතනද හැබෑටම ඕක සඳහන් වෙලා තියෙන්නේ බුදු දහමේ? (නි)
පිරමීඩ හැදුවේ ඊට වඩා බලවේගයක් ඇතුවයි. (නි)
අපේ ලෝකයේ වැළලී ගිය ඉතිහාසයක් තිබෙනවා. අපට එය උගන්වා නැහැ. නවීන විද්‍යාඥයින් එය දැන් සොයාගෙන තිබෙනවා. මේ ලෝකයේ මිනිස් වර්ගය පිටසක්වල ජිවින්ගේ නිර්මාණයක්. (නි)
ඔය කියන කාලේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඇති. ඒකයි එවැනි නිර්මාණ බොහෝ තැන්වල බිහිවෙලා තියෙන්නෙ. (නි)
මේවා නිර්මාණය කර තිබෙන්නේ පිටසක්වල ජිවින්ගේ තාක්ෂණයෙන්. ඔවුන් මිනිසුන් ලවා මේවා කර තිබෙනවා. පිරමිඩ් ශක්තිය නිපදවන බලාගාරයක්. පිටසක්වල ජීවින් එය පරිහරණය කර තිබෙනවා. (ස)
මේ කාලේ මෝඩයෝ ඒ කාලේ නොසිටි නිසා තමයි සීගිරිය උඩට වතුර අරගෙන ගියේ (ස)
වතුර මල් හදපු තාක්ෂණයම තමයි වතුර උඩට ගෙනියන්නත් පාවිච්චි කරේ. ජල පීඩනය.(නදී)
ඇයි දෙයියනේ මෙච්චර වටින දෙයක් ගැන කතාකරද්දිත් වචන වලින් ගහගන්න හදන්නේ. ඇයි අපි ඔක්කොටම එකතුවෙලා හරි දේ හොයාගන්න උත්සහකරන්න බැරි? (නදී)
දිනේෂ් ඔයා අපිට මේ ඕක වාර්තා කරන්නෙත් පිට සක්වල ඔය කියන ජීවින් සමග සිටද ? අපිටත් දැන ගන්නට කියන්න (අ)
අපි ජිවත් වන මේ ලෝකයට ජීවින් පැමිණියේ පිට සක්වල ලෝකයකින් බව බුදු දහමේ සදහන් වෙනවා. ඔය පිරමිඩයක් අද තිබෙන නවීන තාක්ෂණ ක්‍රම බාවිතා කරලා හදන්න ගියොත් අවුරුදු 1200 ක් විතර යනවා. ඒ නිසා මේ පිරමිඩ හදන්න පිටසක්වල තාක්ෂණයක් ලැබුන බව සැකයකින් තොරව ඔප්පු වෙනවා. (නදී)
සේරම් පඩිතුමනි, මේ සාකච්චාවට ඔබගේ වටිනා අදහසද මෙයද? (ස)
සීගිරිය උඩට වතුර අරගෙන ගියේ කේෂාකර්ෂණ ශක්තිය භාවිතා කරලා (නි)
නිලංක, මෝඩ ප්‍රශ්න අහන්න එපා. මෙතරම් වැදගත් දෙයක් සාකච්ඡා කෙරෙන කොට. (ස)
නව තාක්ෂණය දියුණුයි කිව්වට, ඉස්සර හිටපු අයනේ දියුණුවේ ඉදිරියෙන්ම ඉඳල තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ආ පස්සට ගමන් කිරීමක් ද කරන්නේ. වෙනස අන්තර්ජාලය පමණයි. (ස)
අසෝකා, ඉස්සරත් අන්තර්ජාලය වාගේ දෙයක් තිබිලා තියෙනවා. අනුන්ගේ සිතේ තියෙන දේවල් කියවීමට සහ පණිවිඩ ලබා ගැනිමට. ඉන්දියාවේ බ්‍රහ්මණයන් සහ මනස දියුණු කළ පුගලයන් අන්තර්ජාලයෙන් වෙන ඒවා වෙනත් ක්‍රම වලින් කර තිබෙනවා. (ස)
නෑ නෑ හලෝ ඕවා දෙයියෝ මැව්වා. (නදී) .
සජිනි ,අන්තර්ජාලය නොවුණට දුර ඉන්න කෙනෙකුට ලුණු ඇඹුල් ඇතුව බනින්නකෝ බලන්න. අර මනුස්සයට කිඹුහුන් යාම නවත්වා ගන්න බැරි වෙනවා. (නි)
මෙතන නියම කතානේ යන්නේ. (නි)
බණ්ඩාර,අපේ සීගිරිය ගැන නිකන් සැහැල්ලුවට හිතන්න එපා (නි)
ඉන්දික, වැහි කාලයේත් පායන කාලයේත් සීගිරිය මුදුනේ වතුර තිබුණා. ඒ ගැන නොදන්නවා නම් මහාචාර්ය බෙල් මහතාගේ සීගිරිය ගැන ලියා ඇති ග්‍රන්ථය හොඳින් අධ්‍යයනය කරන්න (නි)
පල්ලු මහත්මයා හෝ මහත්මිය වෙතටයි,එතකොට ඔයවත් මැව්වේ දෙවියෝද? (නි)
සේරම්, ඇයි සීගිරියට වතුර ගෙන ගිය විදිය ගැන ඇහුවම ඒක මෝඩ ප්‍රශ්නයක් වගේ හිතුනේ? එතනත් අතීතයේ විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. (ස)
පිරමීඩ ගැන කථා කරනකොට අපි ලංකාවේ සිගිරිය ගැන කථා කරනවා. අපි කැමති නැහැ වෙනත් ජාතියකට දෙවැනි වෙන්න. තමුන්ගේ සිත් ලංකාවට විතරක් ලගු කරගන්න එපා. කාගේ උනත් පිරමීඩ නම් මහා මනසක්. බුදු දහමේ ඇත්ත වහයෙන්ම ඔය කතාව තියෙනවා. මට දැන් හරියට මතකයට එන්නේ නෑ. චුල්ල වග්ග පාලියේ කියලයි මට හිතෙන්නේ. ස්තුතියි. (ස)
සිගිරිය උඩට වතුර අරන් ගියේ නැහැ. වැස්සෙන් වතුර පුරවාගතේ. (ස)
ඔන්න බණ්ඩාර හරිම උත්තරය දීලා තියෙනවා. ඔන්න දැන් ආඩම්බර වෙන්න. කොහෙද යන්නේ මල්ලේ පොල්... අපිට ඕනෑ පිරමීඩ ගැන, කියන්නේ සීගිරිය ගැන (නි)
හොඳ ලිපියක් (නි)
සජිනි, ඔයාට මම කියපු දේ හරියට තේරුම් ගිහින් නැහැ. දැන් තියෙන අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට සැරිසරන්න පුළුවන්. ඒ වගේම මනස දියුණු කල අයට වැටහෙන සහ කළහැකි දේවල් තවමත් අන්තර්ජාලයෙන් කරන්න තියා හිතන්නවත් බැහැ.අදටත් අප අතරේ මනස දියුණුකළ පුද්ගලයින් බොහෝම නිහඩ සේවාවක් කරනවා. (අ)
හේවාවිතාරණ, මමත් කියන්නේ ඒක තමයි. ඒ කාලේ විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරලා වතුර එකතු කරලා තියෙනවා. සමහර විට පහළින් උඩට ගන්න ඇති. එහෙම නැත්නම් වැයුගෝලයේ ජලවාෂ්ප වලින් ජලය එකතු කරගන්න ක්‍රමයක් තියෙන්න ඇති. මොනවා වුණත් සරල විදියට පහළ තියෙන වතුර උඩට අරගෙන ගිහින් නැහැ. (නි)
ඊජිප්තුවේ හිම තියනවා කියල මේක කියවන කම් දeනන් හිටියේ නැහැ.(නදී)
සේරම්, සිගිරිය ගැන කියන්න උනේ, ඒකත් පිරමිඩ වගේ විශ්මිත නිර්මාණයක් නිසා. බණ්ඩාර කියන විදියට වැස්සෙන් නම් වතුර පිරෙව්වේ, පායන කාලෙට කොහොමද වතුර ගන්නේ? අනිත් එක සිගිරිය කියන්නේ වියලි කලාපෙට අයිති ප්‍රදේශයක්. (නදී)
දිනේෂ්, ඔබ හරි.මිනිසාගේ විශ්වාසය මේ ලෝකය නිර්මාණය සහ පාලනය නොපෙනන බලවේගයකින් සිදුවෙන බවයි.නමුත් එය විද්‍යාවෙන් වසන් කරනවා.දිනක සත්‍ය හෙළි වේවි (නි)
සම්පත් බොලගම ඔබ අලුත්ම බුදු දහමක් ප්‍රචාරය කරනවා වාගේ . නොදන්නා දේවල් කතා නොකර සිටීමෙන් . උතුම් බුද්ධ දර්ශනය රැකෙනවා. (ස)
මේ කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. පිරමීඩ බලන්නත් ගියා. (ස)
කෙසේ වෙතත් මෙහි යොදාගෙන ඇති තාක්ෂණය නම් අනර්ගයි. (ර)
ඕ ,කල්පනා කරන්න දෙයක් නෑ ලිඳක් තිබුන සිගිරිය උඩ(ස)
එතකොට සිගිරිය හැදුවේ පිට සක්වල ජීවීන්ද ?(ස)
මිනිසා මේ තරම් දුරට සංවර්ධනයවුනේත් මිනිස් දෑතින් මහා නිර්මාණ මැවුනේත්, මිනිසා විසින් පරපුරෙන් පරපුරට සංවර්ධනය කළ ශ්‍රමයේත්, අත්දැකීමෙන් එක්රැස් කළ දැනුම් සම්භාරයේත් මහිමයෙන් මිස වෙනත් බලවේග වලින්නම් නොවෙයි.(ස)
නිලංග , ඔලුව අතගාල බලන්න අං එනවද කියල .(අ)
මම ඉන්න අපේ අය දීයුණුයි කියන රටක . මෙහෙ ඉන්න අය සිගිරිය , අපේ රටේ අනුරපුර යුගය වැසිකිලි ගැන කතා කරන්නේ පුදුමයෙන් .අපේ මිනිස්සුන් ට ඒවා අගේ නැහැ (ස)
ගජමන් සීයේ,නියම කතා නැත්නම් එසැණහි කිසිම ගතියක් නැහැ.නොදන්නා දේවල් අපි දැන ගන්නවා වගේම දාලා තියෙන අදහස්,වාද ,විවාද කියවලා පොඩි විනෝදෙකුත් ලබනවා. සමහර අදහස් කියෙව්වහම, හිනහව නවත්ත ගන්නත් බැරුව යනවා. ඒකයි ලංකාදීපය මෙතරම් ජනප්‍රිය.(නදී)