කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන්  10දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම වාහනය අනතුර කර පැනගොස් සිටි සැකකරු සහ වාහනය  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. මෙම වෑන් රථය කුලී රථ සේවාවකින් සැකකරු කුලියට ගත් එකක් බව මේ වන විට තහවුරු වී ඇත.

සිද්ධිය දුටු අයකු පවසා ඇත්තේ  වෑන් රථය මිනිසුන් ඇවිදිමින් යන දෙසට කඩාවැදී  එහි ගමන්ගත් පිරිස යටකරමින් ධාවනය කළබවයි.  එසේම මිනිසුන් බොහෝදෙනකු මියගොස් වැටී සිටින අයුරු දුටු බවද සිද්ධිය ඇසින් දුටුවන් පැවසු  බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

255