ප්‍රථම වරට ඩ්‍රෝන කැමරාවකින් ගනු ලැබූ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජායාරූප ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
 
වටකුරු ඩ්‍රෝන කැමරාවක් වන මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන් වැඩ කරන ආකාරය ඡායාරූප ගත කිරීම සඳහා යවා ඇත.
 
පෘථිවියේ සිට කැමරාවේ පාලන කටයුතු සිදු කරන අතර ශුන්‍ය ගුරුත්ව පරිසරයක පාවීමේ හැකියාව මෙම කැමරාව සතු බව ඇමරිකානු අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. 
 
මධ්‍යස්ථානය තුළ නිදහයේ ඕනෑම තැනකට ගමන් කර විවිධ කෝණ වලින් ඡායාරූප හා වීඩියෝ දර්ශන ගැනීමට ද මෙම කැමරාවට හැකියාව  ඇත. එසේම එම දර්ශන එවෙලේම පෘථිවියට ලබාගැනීමට හැකි බැවින් පෘථිවියේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂකයන්ගේ ක්‍රියාවන් පරීක්ෂා කිරීමට ද මෙය උදව් වන බව පැවසේ.
 
ඩ්‍රෝන කැමරාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇත්තේ පසුගිය ජුනි මාසයේය.


 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)