ගින්නෙන් විනාශ වූ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර පිහිටි ජාතික කෞතුකාගාරය නැවත ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව පළමු  පුරාවස්තු ප්‍රදර්ශනය පැවැත්විණි.
 
ඇන්ටාක්ටිකාවෙන් සොයාගත් ඉපැරණි පොසිල කිහිපයක් ද මෙම ප්‍රදර්ශනයට එක්කර ඇති අතර කෞතුකාගාරය තවදුරටත් යහපත්ව  පවතින බව මෙම ප්‍රදර්ශනය සාක්කි වන බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා කීය. 
 
2018 සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම ගින්නෙන් ආදිවාසී කෞතුක වස්තු ඇතුළු වස්තූන් මිලියන 20 කට අධික සංඛ්‍යාවකට හානි සිදුවිය.  මෙම ජාතික කෞතුකාගාරය බ්‍රසීලයේ ඇති පැරණිතම විද්‍යාත්මක ආයතනය වෙයි.
 
පොසිල, උල්කාපාත සහ  වසර 3,000 ක් පැරණි ඊජිප්තු මමිවරුන් ප්‍රදර්ශනය කර ඇති ලතින් ඇමෙරිකාවේ විශාලතම ස්වභාවික ඓතිහාසික කෞතුකාගාරය මෙය වේ. 
 
බ්‍රසීලය පමණක් නොව මුළු ලෝකයම මුහුණ දුන් සංස්කෘතික ඛේදවාචකයක්  වූ මෙම විනාශයෙන් පසුව  එම කෞතුකාගාරය  නැවත ස්ථාපිත කිරීම බ්‍රසීල රජයේ මූලිකත්වයෙන් සිදු වී ඇත. 
 
(63226)