ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.
දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවෙයි.
අද (4) උදෑසන 8 ට, පළමුවෙන් ගණන් කිරීම සිදුවූයේ තැපැල් ඡන්ද වන අතර, අනෙක් ඡන්ද ගණන් කිරීම 8.30 ට ආරම්භ විය. මේ වනවිට මැතිවරණ ප්‍රතිඵල ඉතා වේගයෙන් නිකුත් වෙමින් පවතී.
උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා සිටියේය. ‘ඉන්දියා’ නමැති ඉන්දීය විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 127 කි. බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වෙයි.
මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය ආසන 400 ක් දිනා ගැනීමය. එසේ කිරීමට නම්, දකුණු ඉන්දීය ප්‍රාන්ත ඡන්ද දිනා ගැනීම කළ යුතුය.
දකුණු ඉන්දීය ප්‍රාන්ත විපක්ෂ බලකොටු ලෙස සැලකෙයි. මේ වනවිට දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක බලය තහවුරු කර ගැනීමට ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. එහෙයින් මෝදිගේ ආසන 400 සිහිනය බොඳ වනු නිසැකය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . තවද පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
බිටර් ට්රුත් වැනි ඔල්මාදකරයන් සිටින තුරු රාජපක්ෂවරු වඩාත් පහසුවෙන් ලංකාවේ දේශපාලන පිටියේ සැරිසරනු ඇත. මක්නිසාද යත් මෝදී ගේ ජයග්‍රහණය පිලිබඳ ලියවුනු පුවතක් අල්ලා ගෙන මෙවැනි මනස්ගාත කෙටිය හැකි වන්නේ අමු පිස්සකුට පමණි.
හොඳම බොරුව කියන කෙනාට....
මෝදිට ගෙදර යන්න වෙයි වගේ