ලෝකයේ මෙතෙක් සොයා ගත් පැරණිතම වාර්ගික ගැටුමේ දී මියගියා යැයි අනුමාන කරන සිරුරු 26ක් මහජන ප්‍රදර්ශනය සඳහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කිරීමට යයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සටන සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 11,000 දී හෙවත් අදින් වසර 13,000ට පෙරාතුව බවයි.
මේ සිරුරු සොයාගෙන ඇත්තේ සහරා කාන්තාරයෙන් 1960 වර්ෂයේ දී ය. ඝාතනයට ලක්වූ පුද්ගලයන් 26 දෙනකුගේ ඇට සැකිලි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පැරණි ඊජිප්තු ගැලරියේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය. පර්යේෂකයන් පවසන්න් අධික වද හිසා පැමිණ වීමෙන් මොවුන් මියගොස් ඇති අතර ගිනිගල් තුඩු වලින් මාරාන්තික තුවාල සිදුකැර ඇති බවයි.
ප්‍රංශ විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ පැරණිත ම සුසාන භූමිය ලෙස දැනට සැලකෙන නැගෙනහිර සූඩානයේ නයිල් නදී නිම්නයේ පිහිටි ජෙබල් සහරා සුසාන භූමියේ ඇති ඇට සැකිලි දුසිම් ගණනක් වාර්ගික ගැටුමකින් මියගිය ආද මානවයන්ට අයත්වන බවයි.
අයිස් යුගයක දී සිය වාසස්ථාන කුඩා වීමෙන් ඇතිවූ අරගලයකින් මොවුන් මිය යන්නට ඇතැයි ද පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. සතුන් දඩයම් කැරන්නාක් මෙන් මොවුන් ද තවත් ගෝත්‍රිකයන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව ඇති බවත් ඔවුන්ගේ සිරුරු කපා කොටා දමා ඇති බවත් තහවුරු කරගෙන ඇත. කෞතුකාගාර ප්‍රධානී රොනී ෆ්‍රෙයිඩ්මන් පවසන්නේ කුඩා භූමියක් දිනා ගැනීමට සිදුවූ සටනකින් වඩාත් ශූර දඩයක්කරුවන්ට ජයග්‍රහණය අත්වන්නට ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පෙනෙන එකම සත්‍යය නම් වාර්ගික ගැටුම් එදා සිටම තිබුන බවයි. ඒවා අදත් තිබෙනවා හෙටත් තියේවි. අන්තවාදී නොවී ඒවා කළමනාකරණය කරගන්න එක බුද්ධිමත් මිනිසුන්ගේ වැඩක් (නි)
අපොයි ඔව් රෝහණ, ඒ හරිය මොනවට කියනවද? (නි)
අපිත් එහෙමයිනේ (නදී)