ඊශ්‍රායලයට ආසන්න මුහුදෙන් වසර 1000ට වැඩි කාලයක් පැරණි රන් කාසි 2000ක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ රන් කාසි හමුවී ඇත්තේ මධ්‍යධරණී මුහුදේ පැරණි කයිසරියා වරාය පැවතියේ යැයි විශ්වාස කරණ ප්‍රදේශයේ කරණ ලද ගවේෂණයකිනි. ඊශ්‍රායලයෙන් මෙතෙක් හමුවී ඇති විශාලතම රන්කාසි තොගය මෙය බව එරට පුරාවිද්‍යාඥයෝ කියති. තවදුරටත් මේ කාසි තොගයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් ගැන ගවේෂණය කරණ බව ද ඊශ්‍රායලයේ පර්යේෂකයෝ කියති.
හමුවී ඇති කාසි විවිධ වටිනකම්වලින් යුතු බවත් ඒවා හොඳින් ආරක්ෂා වී ඇති බවත් සමුද්‍ර අධිකාරිය පවසයි.
මේ කාසි තොගය සොයාගෙන ඇත්තේ කිමිදුම් කරුවන් පිරිසක් විසිනි. ඊශ්‍රායල් සමුද්‍ර පුරාවිද්‍යා අධ්‍යක්ෂ කොබී ෂාර්විට් පවසන්නේ ඒවා නිසි ලෙස බලධාරීන්ට භාරදීම සම්බන්ධයෙන් කිමිදුම් කරුවන් කණ්ඩායමට ස්තූතිකරණ බවයි. එමෙන් ම ඔහු ආදර්ශවත් පුරවැසියන් බව ද ඔහු පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් යහ පත් අය නැද්ද?(හේ)
රසිකා හරියට හරි හැබැයි පස්සේ ඒවා කන්ගැට්ටා උස්සල. (බ)
අපේ රටේ කාටහරි ලැබුණා නම් කොහොමට තියෙයිද? (නි)
රුපියල් 500 මිනි මරණ කාලේ අපේ එකෙකුට හමු වුවා නමි ලංකාවෙි හිරගෙවල් මදි වෙයි නේ (අ)
ලංකාවෙත් හොඳ මිනිස්සු ඉන්නවා (නදී)
අනේ අපේ ලංකාවේ වුණා නම්.... (නි)
මේවා ලංකාවේ ලැබුණානම් ශිරන්ති රාජපක්ෂ එයාගේ කියල බලෙන් ගනීවි(අ)
ලංකාව අපේම අය හෑල්ලු කරලයි කතා කරන්නේ (නි)
ලංකාවෙත් ලැබිල තියනවා. ලැබුණු ඒවා කෞතුකාගාරයට දීලා (දිල්)
මේකත් මහින්ද මහත්තයා හංගපු එකක් කියලා තාම කිව්වේ නෑ නේද(දිල්)