නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වරාය අසල අත්හැර දමා තිබූ පැරණි දොඹකරයක් තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට එරට ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් කටයුතු කර තිබේ.
මෙම දොඹකරය ලොව විශාලතම මෙන්ම ඉතාම පැරණි වරාය දොඹකරයක් ලෙස සැළකෙන අතර හෝටලයක් බවට පත්වීමට ප්‍රථමයෙන් එය තිබුණේ අත්හැරදමා දිරාපත් වීමට හැරය.
බොහෝ දෙනා කළ නොහැක්කක් යැයි කීවද අභියෝගය භාරගෙන ඇති ගෘහනිර්මාණ ශීල්පීන් පිරිස වසර 3 ක ඇවෑමෙන් මෙම දොඹකරය තරු පහේ හෝටලයක් බවට පත්කර ඇත.
ෆ්‍රාල්ඩා ලෙස නම් කර ඇති මෙම හෝටලයේ රූපවාහිනී මෙහෙයුම් මැදිරියක්, තටාකයක් ආදී පහසුකම්ද ඇත.දොඹකරයේ අත කොටස නැරඹුම් මැදිරියක් ලෙස සකස් කර තිබෙන අතර එයට ගොඩවන්නෙකුට මුලූ ඇම්ස්ටර්ඩෑම් නගරයම දැකබලා ගත හැකිය.
දොඹකර හෝටලය ලොව පුරා සංචාරයකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන්නක් බව එහි කළමණාකාරීත්වය කියන්නකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවෙත් තියෙනවා අත්හැරදමා තිබු තේ කර්මාන්ත ශාලාවක් තරු හතරේ විශාල හෝටලයක් බවට පරිවර්තනය වුණා .හරිම ලස්සනයි.(දිල්)
අදහාගන්නත් අමාරුයි (නි)
මේක අපේ රටේ තිබුනා නම් අසරණයන්ට සරණ වෙනවා කියලා දේශපාලකයෙක් ඇවිල්ලා යකඩ ටික කපලා පරණ යකඩ වලට විකුණලා ගොඩක් කල්. මට දුක මෙවැනි හොරු දඬුවම් වලින් ගැළවී ඉන්න එකයි (නි)
මේක ඇතුලේ ඉන්නේ කොහොමද වටේටම පේනවානේ (බ)
පිස්සු හැදෙයි වැටුනොත් එහෙමයි.(හේ)
හොද නිර්මාණයක්. අයින් කරලා තිබුන මේ දොඹකරය සම්පුර්ණ වෙනත් සංකල්පයකට අනුව නවීකරණය කරලා දැන් එයින් අාදායමකුත් ඒ වගේම ප්‍රයෝජනයකුත් ගන්නවා. රැකියා අවස්ථාවලුත් එයින් ලැබිල තියෙනවා. අපේ රටෙත් මේ වගේ නිර්මාණ තියෙනවා. ඩච් හොස්පිට්ල් එක මේ වගේම කරපු දෙයක් කියල මම හිතනවා. මේ දේවල් කවුරු කලත් හොද දේවල්. ඒවා අගය කරනවා. (නදී)
"අරය " හිටියා නම් මොනවා උනත් අපේ රටෙත් ඔය වගේ දේවල් වේවි. (නදී)
මම මේක දැකලා තියෙනවා.ඒත් මේ වගේ දෙයක් කරයි කියලා හිතා ගන්නත් බෑ.මේ වගේ පරණ දොඹකර කොයිතරම් තියෙනවද? (දිල්)