බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත්ව තිබී ගිලී ගිය නැවක මිලකළ නොහැකි උපකරණ ආරක්ෂා කිරීමට වහා පියවර නොගතහොත් ඒවා කොල්ලකරුවන් විසින් විනාශ කරනු ඇතැයි සාගර විද්‍යාඥයෝ කියති.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1744 වර්ෂයේ දී ඉංග්‍රීසි ඕඩයේ දී ගිලී ගිය එච්.එම්.එස්.වික්ටරි නමැති නෞකවේ සුන්බුන් රැසකි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ නැවේ සුන්බුන් තවමත් සුරක්ෂිතව ඇතත් ඒ ආසන්නයේ ගිලී ගොස් තිබූ පැරණි නැව් දෙකක සැකිලි හා ඒවායේ තිබූ උපකරණ කොල්ලකරුවන් විසින් විනාශ කැර දමා ඇති බවයි.
ඇමෙරිකා පුරාවිද්‍යාඥ ඔඩිසි මැරන් ගවේෂණයකින් මේ නැවේ කාලතුවක්කු 41ක් සොයාගත්තේය. ඒ 2008 වර්ෂයේ දී ය. එසේ වුව ද මේවායේ අයිතිය තහවුරු කිරීම මතභේදකාරි බව ද පුරාවිද්‍යාඥයෝ කියති.
වික්ටරි නෞකාව මුල්වරට දියත් කරණ ලද්දේ 1737 දී ය. එහි ලෝහයෙන් සෑදූ කාලතුවක්කු 100ක් සවිකැර තිබිණි. බ්‍රිතාන්‍යයන් විසින් එකළ සෑදූ උසස්ම තාක්ෂණයෙන් යුතු යුද නැව ලෙස සැළකුණු එම නැව එවකට ලෝකයේ තිබූ හොඳම යුද නැව ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් නැවක් වන වික්ටරි නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙර එය සුරක්ෂිත කිරීමට වහා පියවර ගත යුතු බවයි.
2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරණි ඉංග්‍රීසි යුද නැව අනතුරේ
ගුණසේකර Monday, 20 July 2015 08:25 AM
මේකවත් ආරක්ෂාකාරීව ගොඩගන්නවත් බැරිනම් මොකක්ද්ධ මේ 21 සියවසේ තියනවා කියන දියුණුව (ම)