බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත්ව තිබී ගිලී ගිය නැවක මිලකළ නොහැකි උපකරණ ආරක්ෂා කිරීමට වහා පියවර නොගතහොත් ඒවා කොල්ලකරුවන් විසින් විනාශ කරනු ඇතැයි සාගර විද්‍යාඥයෝ කියති.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1744 වර්ෂයේ දී ඉංග්‍රීසි ඕඩයේ දී ගිලී ගිය එච්.එම්.එස්.වික්ටරි නමැති නෞකවේ සුන්බුන් රැසකි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ නැවේ සුන්බුන් තවමත් සුරක්ෂිතව ඇතත් ඒ ආසන්නයේ ගිලී ගොස් තිබූ පැරණි නැව් දෙකක සැකිලි හා ඒවායේ තිබූ උපකරණ කොල්ලකරුවන් විසින් විනාශ කැර දමා ඇති බවයි.

ඇමෙරිකා පුරාවිද්‍යාඥ ඔඩිසි මැරන් ගවේෂණයකින් මේ නැවේ කාලතුවක්කු 41ක් සොයාගත්තේය. ඒ 2008 වර්ෂයේ දී ය. එසේ වුව ද මේවායේ අයිතිය තහවුරු කිරීම මතභේදකාරි බව ද පුරාවිද්‍යාඥයෝ කියති.

වික්ටරි නෞකාව මුල්වරට දියත් කරණ ලද්දේ 1737 දී ය. එහි ලෝහයෙන් සෑදූ කාලතුවක්කු 100ක් සවිකැර තිබිණි. බ්‍රිතාන්‍යයන් විසින් එකළ සෑදූ උසස්ම තාක්ෂණයෙන් යුතු යුද නැව ලෙස සැළකුණු එම නැව එවකට ලෝකයේ තිබූ හොඳම යුද නැව ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් නැවක් වන වික්ටරි නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙර එය සුරක්ෂිත කිරීමට වහා පියවර ගත යුතු බවයි.

from 1 from 2 from 4 from 5