
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, කොලිවිල් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට කඩා වැදුණු තුවක්කුකරුගේ ප්‍රාණ ඇපයේ සිටි යුදෙව් පූජකතුමන් ඇතුළු සිවු දෙනා මුදා ගැනීමට පොලිසිය සමත් විය. ඒ පැය 10 කට පසුවය.
තුවක්කුකරු මෙම සිවු දෙනා ප්‍රාණ ඇපයට ගනිමින් ඉල්ලා සිටියේ ඇමෙරිකන් අත්අඩංගුවේ පසුවන පාකිස්තාන විද්‍යාඥයකු වන අෆියා සිදික්කි මුදා හරින ලෙසටය.
ඇෆ්ගනිස්තානයේ දී ඇමෙරිකන් සොල්දාදුවන් ඝාතනය කිරීමට සැලැසුම් කළේ යැයි චෝදනා එල්ල වූ අෆියා සිදික්කි ට වසර 86 ක සිරදඩුවමක් නියම වී ඇත.
ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව මුදා ගැනීමට පොලිසියට තුවක්කුකරු මරා දැමීමට සිදුවිය.
තුවක්කුකරු අෆියා සිදික්කිගේ සහෝදරයකු යැයි ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබුණු නමුත් එය එසේ නොවන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුසල්මානුවා දියුණු රටක ජීවත් වෙමින් හා නිදහස භුක්ති විඳිමින් යෙදෙන ත්‍රස්ත ක්‍රියා වල අඩුවක් නෑ.