ගණනකට නැතිව මහ පාරට කසළ විසිකර දමා යන රියැදුරන්ට අපූරු ද~ුවමක් දෙන කාන්තාවක රුසියාවේ සිටිී.

සෑම දිනකම ඇය තම යතුරුපැදියේ නැගී නගරය පුරා සංචාරය කරන්නීය.

පාරට කැළිකසළ විසිකරනා රියැදුරෙකු ඇයගේ ඇස ගැටුණහොත් ඇය කරන්නේ එම රියැදුරා විසිකර දමනා කැළිකසළ එකතු කරගෙන රියදුරාගේ රථයට ඇතුළට විසිකර දැමීමය.

විස්මයට පත්වන රියැදුරා කිසිත් සිතා ගැනීමට ප්‍රථම තම යතුරුපැදිය අධිවේගයෙන් පදවන ඇය පළා යන්නීය.

ඇයගේ ක්‍රියාන්විතයන් දැක්වෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර එහි ඇය පාරට බෝතලක් විසිකළ පුද්ගලයෙකුගේ මෝටර් රථයේ පැති කණ්නාඩියට එම බෝතලය තබා ටේප් පටි ගසා අලවනු, ඉවත ලන ආහාර ද්‍රව්‍ය පිරි මල්ලක් විසි කළ පුද්ගලයෙකුගේ මෝටර් රථය අසලට ගොස් වීදුරුව පහත් කරන්නැයි කියා ඉල්ලා මල්ලේ තිබූ කසළ සියල්ල ඔහුගේ ඇග මතට හළනු ආදිය සටහන්ව තිබේ.

__________-________-__-_________-______-______-__-Elusive-girl-on-a-motorcycle-against-debris.mp4_snapshot_01.01_[2014.09.23_07.15 __________-________-__-_________-______-______-__-Elusive-girl-on-a-motorcycle-against-debris.mp4_snapshot_01.21_[2014.09.23_07.16 __________-________-__-_________-______-______-__-Elusive-girl-on-a-motorcycle-against-debris.mp4_snapshot_01.49_[2014.09.23_07.17