ගණනකට නැතිව මහ පාරට කසළ විසිකර දමා යන රියැදුරන්ට අපූරු ද~ුවමක් දෙන කාන්තාවක රුසියාවේ සිටිී.
සෑම දිනකම ඇය තම යතුරුපැදියේ නැගී නගරය පුරා සංචාරය කරන්නීය.
පාරට කැළිකසළ විසිකරනා රියැදුරෙකු ඇයගේ ඇස ගැටුණහොත් ඇය කරන්නේ එම රියැදුරා විසිකර දමනා කැළිකසළ එකතු කරගෙන රියදුරාගේ රථයට ඇතුළට විසිකර දැමීමය.
විස්මයට පත්වන රියැදුරා කිසිත් සිතා ගැනීමට ප්‍රථම තම යතුරුපැදිය අධිවේගයෙන් පදවන ඇය පළා යන්නීය.
ඇයගේ ක්‍රියාන්විතයන් දැක්වෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර එහි ඇය පාරට බෝතලක් විසිකළ පුද්ගලයෙකුගේ මෝටර් රථයේ පැති කණ්නාඩියට එම බෝතලය තබා ටේප් පටි ගසා අලවනු, ඉවත ලන ආහාර ද්‍රව්‍ය පිරි මල්ලක් විසි කළ පුද්ගලයෙකුගේ මෝටර් රථය අසලට ගොස් වීදුරුව පහත් කරන්නැයි කියා ඉල්ලා මල්ලේ තිබූ කසළ සියල්ල ඔහුගේ ඇග මතට හළනු ආදිය සටහන්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරට කුණු දැම්මොත් ගෙදරටම යයි
සමීර Wednesday, 24 September 2014 06:22 AM
හොඳ වැඩක් කරන්නේ , පාරේ යන වාහන වලින් වගේම පයින් යන අයත් ඔහේ තමන් අතේ තියෙන දේ පාරට දාල යනවා , පාරවල් කොච්චර ලස්සනට හැදුවත් වැඩක් නෑ අපේ මිනිස්සුන්ගේ හිත ලස්සන වෙන්නේ නැත්නම්.ජ (ස)
ලකී දොඩන්ගොඩ Wednesday, 24 September 2014 07:41 AM
මේක ලංකාවේ උනානම් එම කාන්තාව දින දෙකෙන් පරලොව යවනවා අපේ කුණු විසි කරන අය(දී)
මාලනී Tuesday, 23 September 2014 05:58 PM
ලංකාවේ ඉන්නවා ඕන තරම් ඔය ජරා වැඩේ කරන ඇය (නදී)
සමන්ති Tuesday, 23 September 2014 11:54 PM
පාරට කුණු විසිකරන අය නෝනලා මහත්වරු නොවෙයි . (නි)
ලලින් Wednesday, 24 September 2014 02:18 AM
ලංකාවටත් ඔය වගේ කීප දෙනෙක්ම ඕනා. රට අපිරිසිදු කරන මිනිසුන්ට අනාවාර්යෙන්ම දඩුවමක් දෙන්න ඕනා (නදී)
චමින්ද Tuesday, 23 September 2014 11:13 AM
මම හිතන්නේ ලංකාවෙත් ඉන්නවා නෝනලා මහත්වරු, උදේට වාහනෙන් වැඩට යන ගමන් කුණු බෑග් එක පාරේ අයිනට විසික් කරගෙන යන. (ස)
දීපාල් Wednesday, 24 September 2014 05:24 AM
අනේ ඔවු. අනේ ඉතින් කාට මොනව කියන්නද? (ස)