ඇමරිකා ජනපතිවරණයෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටි හිලරි ක්ලින්ටන් තමාගේ මනස නිදහස් වනතුරු නිවසින් පිටනොවන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ළමා ආරක්ෂක පදනමක උත්සවයකට එක්වෙමින් ඇය එසේ කියා තිබිණි.

ඇමරිකානුවන් වෙනුවෙන් කිසිදු දිනක තමා සටන අත්නොහරින බවද ඇය කියා සිටි අතර ජනපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් ඇතිවූ බවද ඇය කියා සිටියාය.

ඇය එසේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණියේ පරාජයෙන් සතියකට පසුව වීම ද විශේෂත්වයකි.