දින 30 ක ධාවන කාලයකින් යුතු ලොව මෙතෙක් නිර්මාණය කෙරුණු දීර්ඝතම චිත‍්‍රපටය ලෙස සැළකෙන '' ඇම්බියන්ස් '' 2020 වසරේදී ලොව පුරා සිනමාහල් වල තිරගත කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
මෙම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටයද චිත‍්‍රපටයට දෙවැනි නොවන පැය හතකට ආසන්න ධාවන කාලයකින් යුතුය.
ඇම්බියන්ස් නිර්මානය කර ඇත්තේ ස්වීඩන ජාතික අධ්‍යක්ෂකවරයෙක් හා කලාකරුවෙක් වන ඇන්ඩර්ස් වෙබර්ග්ය.ලොව පුරා ප‍්‍රදර්ශනය කෙරෙන පළමු දර්ශනවාරය අවසානයේ චිත‍්‍රපටය විනාශ කර දමන බවද ඔහු පවසයි.
කලූ - සුදු වර්ණයෙන් යුතු වන මෙම චිත‍්‍රපටය නරඹන්නෙකුට සිහිනයක් දකිනවාක් වැනි හැගීමක් දැනෙනු ඇති බව ඇන්ඩර්ස් කියයි.කාලය හා අවකාශය සම්මිශ‍්‍රණය කර පෙන්වීමට ගත් උත්සාහයක් ලෙසද ඔහු තම නිර්මානය හදුන්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට නම් පිස්සුද කොහෙද? පළමු දර්ශනවාරය අවසානයේ චිත‍්‍රපටය විනාශ කර දමන්නේ ඇයි? (නි)