
කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මන් යී’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 230 ක වේගයකින් නැගෙනහිර පිලිපීනයට කඩා වැදුණි.
සුළි කුණාටුව පිලිපීනයට අයත් කැටන්ඩුවේන්ස් දූපත අසල මුහුදේ දී වර්ධනය වී රට තුළට පැමිණියේය. සුළි කුණාටුව පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත පළාත්වල ජීවත් වුණු වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. පිලිපීන මාධ්‍ය වාර්තා කළේ 5,00,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd