
‘නැන්මඩෝල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 234 ක වේගයකින් දකුණුදිග ජපානයට කඩා වැදුණි.
කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇගවූයේ දශක ගණනකට පසු ජපානයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි පැවැසෙයි.
‘නැන්මඩෝල්’ සුළි කුණාටුව සම්බන්ධයෙන්, ජපාන කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇගවීම් රැසක් සිදු කර තිබේ.
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රට වැසියන් ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ අනාරක්ෂිත ස්ථානවල සිටින සියලු දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු බවය.
සුළි කුණාටුව ජපානයට කඩා වදින අවස්ථාව වෙද්දී, මිලියන හතකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද පැවැසිණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd