පුද්ගලයන් 10 දෙනෙක් නංවාගෙන ගුවන් ගතවු ස්පාඤඤ හමුදා ගුවන් යානයක් ගුවන් ගතවූ සැනින් සංඥාවල ගැටළුවක් හේතුවෙන් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයාර්බස් ඒ 400එම් නවතම ගුවන් යානය අනතුරට පත්ව ඇත්තේ එහි පරික්ෂණ චාරිකාවක් ආරම්භකර සුළු මොහොතකට පසුවය.

ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා පවසන්නේ කීපදෙනෙක් මියගොස් ඇති බවත් තුවාල කරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත්ය. ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි මහතා පවසා ඇත්තේ අනතුරට මුහුණපා ඇති සියළුම පුද්ගලයන්ගේ පවුල් වලට තම රජය සහයෝගය ලබා දීමට පියවර ගන්නා බවයි. අනතුර සිදුව ඇත්තේ සැන් පැබ්ලෝ ගුවන් තොටට කිලෝ මීටර් 1.6 ක් පමණ දුරිනි.

හදිසි සහන කණ්ඩායම් වහාම සිද්ධිය වු ස්ථානයට පිටත් කර යවා ඇති අතර ගුවන් තොට වසා දැමිණි.

අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයෙක් පවසා ඇත්තේ ගුවන් යානය අළුගොඩක් වූ බවයි. හෙලිකොප්ටර් මගින් තුවාල කරුවන් රෝහල් කරා ගෙන යනු ලැබීය.