ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේ කාර්යබහුල මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලමට යටවූ මෝටර් රථ හතරක් තැලී පොඩිවී ඇත.
පාලම මතින් ටොන් 108ක පමන බර පැටවූ ලොරියක් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසය පවසයි. ඉතාලියේ ප්‍රධාන මාර්ග සම්බන්ධව කටයුතු කරන සමාගම ප්‍රාදේශීය බලධාරීන්ට මේ සම්බන්ධව චෝදනා කර ඇත. ඔවුන් පවසා ඇත්තේ පාලම කඩාවැටීමට පැය කිහිපයකට පෙර පාලම වසා දමන ලෙස තමන් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වුවද පරීක්ෂකයින් ලඟාවීමට පෙර පාලම කඩා වැටී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොන්ක්‍රීට් යකඩ කම්බි දාලා නෑ නේද ...? (බ)
නිහාල් කොන්ත්‍රාත්කරු ලංකාවේ අයෙක් (අ)