
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය.
ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් හරහාය.
මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුවා වූ නව වසරේදී අපිටත් ඒ වාසනාව උදාවේවා...!
ඉදිරියේදී විදේශීය මාධ්‍යයන්‍හි අපේ රටේද මෙවැනි නම් පලවනු ඇත...
අන්න ඕකටයි සැබෑ යුක්තිය ඉටු කිරීම කියන්නේ... ඒකට අපේ..?
අපේ පළපුරුදු අයගෙන් උපදෙසක් ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ...!
ලංකාවේ නීති විශාරද කට්ටිය පේරු රටට යවලාවත් ඔය අදාල නීතිය අධ්‍යයනය කරවන්න බැරිද?
අපේ අප්පච්චි මග එනවා.
ඒ ඉතින් පේරු රටේනේ. අපි තෝරලා බේරලා වැඩකරන මිනිස්සුනේ...!
ලංකාවේ නම් 5ක්ම ඉන්නවා... හිරේ යන්න ඕනෑ හිටපු ජනාධිපතිලා...