IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පෝර විස නසන්න දුම්වැටි අළු

රසායන පොහොර භාවිතය අධික පෙදෙස් වල ජලයේ මිශ්‍රවී තිබිය හැකි උග්‍ර විෂකාරකයක් වන ආසනික් ඉවත් කිරීමට දුම්වැටි අළු යොදාගත හැකියැයි චීන විද්‍යාඥයෝ පිරිසක් කියති.

කෘෂිකර්මාන්තය මහා පරිමානයෙන් සිදුවන හා කර්මාන්ත විශාල වශයෙන් පිහිටා ඇති පෙදෙස් වල ජලයට ආසනික් මිශ්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් ඇත.

ආසනික් මිශ්‍ර ජලය භාවිතයට ගැනීම යනු රෝග ගණනාවකට අත වනන්නක් වන අතර වැඩිපුරම හානි සිදුවන්නේ වකුගඩු වලටය.

තමන් සිදුකළ පර්යේෂණයට අනුව ඇළුමිනියම් ඔක්සයිඩ් මිශ්‍ර කළ දුම්වැටි අළු වලින් ආසනික් මිශ්‍රිත ජලයෙන් සියයට 96 ක ප්‍රමාණයකින් ආසනික් ඉවත් කළ හැකි යැයි සොයාගත් බව විද්‍යාඥ පිරිස පවසති.

මින් පෙර අවස්ථාවක කෙසෙල් ලෙලි යොදාගනිමින්ද ඔවුන් ජලයෙන් ආසනික් ඉවත් කිරීමට උත්සාහ කර තිබෙන අතර එයට වඩා මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ.

චීනයේ ආසනික් මිශ්‍ර ජලයෙන් රෝගී වන්නන් දිනෙන් දින ඉහළ යන ප්‍රවණතාවක් පවතින හෙයින් විද්‍යාඥ පිරිස උත්සාහ කරමින් සිටින්නේ ආසනික් ඉවත් කිරීමට ප්‍රායෝගික හා ලාභදායී ක්‍රමයක් සොයාගැනීමටය.

1413560540353_wps_12_Close_up_of_Woman_Catchin



අදහස් (0)

පෝර විස නසන්න දුම්වැටි අළු

සමරේ(ගාල්ල) Monday, 20 October 2014 05:11 PM

ඊළග ප්‍රශ්නය තමයි පෝර විස නසන්න දුම්වැටි අළු නම් දුම්වැටි නිසා ඇතිවෙන පිළිකා නසන්නේ කොහොමද? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 22 October 2014 01:00 AM

ඔන්න තිබෙනවා දුම්බීමට හොඳ හේතුවක්. (නි)

:       0       0

ගාමිණී Monday, 20 October 2014 09:31 AM

සිල්ලර කඩේ පොහොර කිලෝවක් රු: 30/=යි. සිගරට්ටුවකුත් රු:30/= යි.ඔය පණ්ඩිතයින් කියන්න පෙරයි, ගමේ ගොවියා කොල පාගපු පිදුරු කුඹුරටදමා ඉපනැලි ගිණි තබනවා. සී සාපු ගමන් කන්නයක සිට එකතු කල ලිපේ සහ දහයියා අළු කුඹුරට දමනවා.තැනින් තැන ගිනි සීරියා අතුත් දමනවා දිරන්න.එදා... ඔහේ දාපු රසායනිකයකුත් නැහැ .හැදුන රෝගයකුත් නැහැ.එකට දැන්.(හේ)

:       0       0

මාටින් Thursday, 23 October 2014 04:24 AM

නියමයි...දැන් දුම්බොන්නෝ ටිකක් ගෙනල්ල කුඹුරුවලට දාන යෝජනාවකුත් එයි. (අ)

:       0       0

රංගන Thursday, 23 October 2014 05:53 AM

දුම්වැටි අළු ඊට වැඩිය විසයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site