රසායන පොහොර භාවිතය අධික පෙදෙස් වල ජලයේ මිශ්‍රවී තිබිය හැකි උග්‍ර විෂකාරකයක් වන ආසනික් ඉවත් කිරීමට දුම්වැටි අළු යොදාගත හැකියැයි චීන විද්‍යාඥයෝ පිරිසක් කියති.
කෘෂිකර්මාන්තය මහා පරිමානයෙන් සිදුවන හා කර්මාන්ත විශාල වශයෙන් පිහිටා ඇති පෙදෙස් වල ජලයට ආසනික් මිශ්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් ඇත.
ආසනික් මිශ්‍ර ජලය භාවිතයට ගැනීම යනු රෝග ගණනාවකට අත වනන්නක් වන අතර වැඩිපුරම හානි සිදුවන්නේ වකුගඩු වලටය.
තමන් සිදුකළ පර්යේෂණයට අනුව ඇළුමිනියම් ඔක්සයිඩ් මිශ්‍ර කළ දුම්වැටි අළු වලින් ආසනික් මිශ්‍රිත ජලයෙන් සියයට 96 ක ප්‍රමාණයකින් ආසනික් ඉවත් කළ හැකි යැයි සොයාගත් බව විද්‍යාඥ පිරිස පවසති.
මින් පෙර අවස්ථාවක කෙසෙල් ලෙලි යොදාගනිමින්ද ඔවුන් ජලයෙන් ආසනික් ඉවත් කිරීමට උත්සාහ කර තිබෙන අතර එයට වඩා මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ.
චීනයේ ආසනික් මිශ්‍ර ජලයෙන් රෝගී වන්නන් දිනෙන් දින ඉහළ යන ප්‍රවණතාවක් පවතින හෙයින් විද්‍යාඥ පිරිස උත්සාහ කරමින් සිටින්නේ ආසනික් ඉවත් කිරීමට ප්‍රායෝගික හා ලාභදායී ක්‍රමයක් සොයාගැනීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළග ප්‍රශ්නය තමයි පෝර විස නසන්න දුම්වැටි අළු නම් දුම්වැටි නිසා ඇතිවෙන පිළිකා නසන්නේ කොහොමද? (නි)
ඔන්න තිබෙනවා දුම්බීමට හොඳ හේතුවක්. (නි)
සිල්ලර කඩේ පොහොර කිලෝවක් රු: 30/=යි. සිගරට්ටුවකුත් රු:30/= යි.ඔය පණ්ඩිතයින් කියන්න පෙරයි, ගමේ ගොවියා කොල පාගපු පිදුරු කුඹුරටදමා ඉපනැලි ගිණි තබනවා. සී සාපු ගමන් කන්නයක සිට එකතු කල ලිපේ සහ දහයියා අළු කුඹුරට දමනවා.තැනින් තැන ගිනි සීරියා අතුත් දමනවා දිරන්න.එදා... ඔහේ දාපු රසායනිකයකුත් නැහැ .හැදුන රෝගයකුත් නැහැ.එකට දැන්.(හේ)
නියමයි...දැන් දුම්බොන්නෝ ටිකක් ගෙනල්ල කුඹුරුවලට දාන යෝජනාවකුත් එයි. (අ)
දුම්වැටි අළු ඊට වැඩිය විසයි.(හේ)