IMG-LOGO

පේරු රටින් පිටසක්වළයන් ගෙනාවට චෝදනා

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් (70) ට පේරු රජයෙන් චෝදනා එල්ල වී ඇත.

ජේමී මවුසාන්, මෙක්සිකෝ පාර්ලිමේන්තුව හමුවේ එම පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ ඔහුට ඒවා 2017 වසරේ දී පේරු රටින් හමුවුණු බවය.

පේරු රජය, ජේමී මවුසාන් ට චෝදනා නගා ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට ලක් වුණු එම සිරුරු පේරු රටේ සිට මෙක්සිකෝවට ගෙන යෑම සම්බන්ධයෙනි. එය නීති විරෝධී ක්‍රියාවක් බවත්, පේරු රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවත් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම සිරුරු පේරු රටින් හමුවුණේ නම්, ඒවායේ අයිතිය ඇත්තේ පේරු රටට බවත්, ඒවා රහසින් මෙක්සිකෝවට ගෙන යෑම වරදක් බවත් මවුසාන් පැහැදිලි කර තිබේ.

තමන් පේරු රටේ සිට එම පොසිලකරණයට ලක් වුණු සිරුරු මෙක්සිකෝවට රැගෙන ආ හැටි හෙළි නොකරන බව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජේමී මවුසාන් පැහැදිලි කර තිබේ.



අදහස් (1)

පේරු රටින් පිටසක්වළයන් ගෙනාවට චෝදනා

පැරකුම් Wednesday, 20 September 2023 04:18 AM

මහාපරිමාණ ජාත්‍යන්තර ප්‍රෝඩාවකට ලෝකයම රැවටී ඇති හැටි... පුදුමයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 8 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1611 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site